X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ප්‍රංශ අගමැතිට අකරතැබ්බයක්

ජර්මනියේ පාපන්දු තරඟයක් බැලීමට සිය පුතුන් දෙදෙනා රජයේ ගුවන් යානයකින් නොමිලේ රැගෙන ගිය ප්‍රංශ ජනපතිට එරෙහිව නැගුණු විරෝධය හමුවේ එම ගුවන් ගමනට අදාළ සම්පූර්ණ ටිකට් පත් මුදල ගෙවා දැමීමට ඔහුට සිදුවිය.

සිදුවීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය ඇමතූ අගමැති මැනුවෙල් වාස් මහතා  ”අපේ රටට අනවශ්‍යය තර්ක හෝ මතභේද අවශ්‍යය නැත. ක‍්‍රීඩාවත් ඉතාම වැදගත් විෂයක්. එය එසේ නම් මම එම වරද නැවත වරක් නොකරමි‘‘ යනුවෙන් පැවසීය.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනාහි උපත ලැබූ වත්මන් ප‍්‍රංශ අගමැති පාපන්දු ලෝලියෙකි. බාර්සිලෝනා හා පැරිස් සෙන්ට් ජර්මාන් පාපන්දු ක‍්‍රීඩා සමාජ ආධාරකරුවෙකි. එම තරඟ නැරඹීමට ඔහු අමතක නොකරයි. ජූනි මස 6 සෙනසුරාදා යුරෝපයේ අන්තර් පාපන්දු ක‍්‍රීඩා ශූරතාවයේ අවසාන තරඟය ස්පාඤ්ඤයේ බාර්සිලෝනා හා ඉතාලියේ ජුවෙන්ටුස් කණ්ඩායම් අතර ජර්මනියේ බර්ලින් නුවර පැවැත්විණි. මෙම තරඟය නැරඹීමට ප‍්‍රංශ අගමැති ඔහුගේ පුතුන් දෙදෙනා සමග සහභාගි විය. ඔවුන් පැරීසියේ සිට බර්ලින් දක්වා ගමන් කර ඇත්තේ ප‍්‍රංශ රජයට අයත් පැල්කොන් 7 එක්ස් වර්ගයේ රාජ්‍ය ගුවන් යානයකිනි. සාමාන්‍යයෙන් ඉහත පැල්කොන් වර්ගයේ ගුවන් යානයක පැයකට පියාසර වියදම යුරෝ 4700 (රුපියල් හත් ලක්ෂ පන්දාහක්) පමණ වේ. එතුමා පැමිණි බර්ලින් සංචාරයට පුතුන් දෙදෙනා ඇතුලත්වීමත් ඔවුන් එම රාජ්‍ය ගුවන් යානයේ ගමන් කිරීම පාදක කර ගනිමින් ප‍්‍රංශයේ බීඑෆ්එම් රූපවාහිනියේ මාධ්‍යවේදීන් කළ හෙළිකිරීමක් හේතු කොට ප‍්‍රංශ දේශපාලනය තුළ මහ ඝෝෂාවක් ආරම්භ විය.

එම සිදුවීම ප‍්‍රංශ පාර්ලිමේන්තු සභා ගර්බයේ මෙන්ම ප‍්‍රංශ ජනතාව තුළද දැඩි ප‍්‍රශ්න කිරීමකට ලක්වූ අතර ඒ හේතුවෙන් ප‍්‍රංශ අගමැතිගේ ජනප‍්‍රියතාවය 3% පහත වැටිණි. එම ක‍්‍රියාව 77%ක් ප‍්‍රංශ ජනතාව අනුමත නොකරන බව සංගණන වාර්තා වලින් පෙන්වා දුන්නේය. ඊට සමගාමීව විවිධ පක්ෂ නායකයින්, මන්ත‍්‍රීවරු, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන්ගෙන් සමන්විත විචාරකයෝ විවිධ අදහස් පල කළේය. ඒ අතරින් අගමැතිගේ ලමයින්ට මැච් බලන්න සල්ලි ගෙවන්නේ ප‍්‍රංශ ජනතාවද? යනුවෙන් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක් වන දක්ෂිනාංශික පක්ෂයේ පැරිස් කළාප 16හී මන්ත‍්‍රී බර්නාර්ඞ් ඩෙබ්රේ මහතා පාර්ලිමේන්තු කොරිඩෝවේදි මාධ්‍යයෙන් ප‍්‍රශ්න කලේය. ඉහත වරදට අගමැති ඉල්ලා අස්විය යුතු යැයි ඔබලා යෝජනා කරන්නේදැයි ? ඇසූ ප‍්‍රශ්නයකට; අපි එහෙම විහිළු ප‍්‍රශ්න අහන්නේ නැහැ. එහෙම නම් ඔය සියලූ දෙනාම ඉල්ලා අස්විය යුතුයි. නමුත් ප‍්‍රංශ ජනතාවට විහිළු සපයන්න එපා යැයි අන්ත දක්ෂිනාංශික ජාතිවාදි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී මරියොන් මාර්ෂෙල් ලෙපෙන් මහත්මිය මාධ්‍යයට පැවසීය.  ඕක ඔය තරම් ලොකු ප‍්‍රශ්නයක් කර ගන්න අවශ්‍යය දෙයක් නොවේ. වරදක්වී ඇත්නම් අපි නිවැරදි කර ගැනීමට වෙහෙසෙමු. අපි කවුරුත් මනුෂ්‍යයොනේ. අණ්ඩු පක්ෂ ප‍්‍රකාශක කෘෂිකර්ම ඇමති ස්ටෙෆන් ෆෝල් මහතා පැවසීය.අර පිරිමැස්ම ගැන කථා කරන අගමැති රජයේ වාහන වලින් කෙරෙන අනවශ්‍ය ගමන් සදහා මහජන බදු මුදල් වියදම් කිරීම ව්‍යවස්ථානුකූලව ප‍්‍රබල වරදක් කර ඇති බව ඔහු පිලිගැනීම අත්‍යවශ්‍ය බව හිටපු රැකීරක්ෂා ඇමැති ෂෙර්වියෙර් බර්තන්ඞ් මන්ත‍්‍රිවරයා පැවසීය. යුරෝපා පාපන්දු සංගමයේ ඇරයුමකට ඔහු බර්ලින් ගියා. ඊළග අවුරුද්දේ යුරෝපයේ පාපන්දු ශූරතාවය පවත් වන්නේත් අපිනේ ”. බර්ලින් කථාවට ප‍්‍රංශ ජනාධිපතිගේ පිළිතුර එසේ විය.

අවසානයේ අගමැතිට එරෙහි චෝදනා නිර්මාණය වූ දේශපාලන පරිසරය තුළ දරුවන්ගේ ගමන් වාර තුනක් සදහා යුරෝ 2500ක් හෙවත් රුපියල් ලක්ෂ හතරක් පමණ ගෙවා දැමීමට තීරණය කළ බව අගමැති කාර්යාල ප‍්‍රකාශක දැන්වීය. එම මිල ගණන් පැය තුනක පැරිස් බර්ලින් ගමනක් සදහා ප‍්‍රංශ ගුවන් සේවයේ සාමාන්‍ය මිලට සමානව ඉහත එකතුව ගණනය කළ බව අගමැති කාර්යාලීය නිවේදන වල සදහන්වේ. මීට පෙර පසුගිය රජය සමයේ හිටපු අගමැති ප‍්‍රංශුවා පියොන් සිය පවුල සමග ප‍්‍රංශ ගුවන් හමුදා යානයකින් ඊජිප්තුවේ සංචාරයක් කළේය. එහිදී ඇතිවූ මහජන විරෝධය හමුවේ සම්පූර්ණ මුදල ගෙවා දැමීමට අගමැති පියෝන් මහතාට සිදුවිය. 

Conferance Falcon-7X French-PM-with-Michel-Platini le-voyage-de-manuel-valls Manuell-valls-01



අදහස් (0)

ප්‍රංශ අගමැතිට අකරතැබ්බයක්

දිමුත් Monday, 15 June 2015 08:20 AM

ඒකට ලංකාවේ, හිටපු කෙනා! (බ)

:       0       0

අනුර Wednesday, 17 June 2015 04:10 AM

මට 13 දා 20.15 මාලේ' ගුවන් ගමන මිස් උනා මම හිඟුරක්ගොඩ ඉඳල බස් එකේ එන්ඩ ඕනා ඊළඟ ගුවන් යානය රාත්‍රී 00.30 ට. ඒකට මාව දාන්ඩ රුපියල් 48000 ක් අය කළා. ශ්‍රී ලංකන් අපේම ගුවන් සේවය එයාලට කියන්ඩ දේවල් තියෙනවා ඕන තරම්. එ්ත් මේකද සාදාරණය. මට උදව් කරන්ඩ ඒ මුදල දෙන්ඩ තරම් කාරුණික ඊමේල් එකක් නිසා මට මගේ රස්සාව බේර ගන්ඩ පුළුවන් උනා. ප්‍රංස අගමැතිට ඕකත් කජ්ජක්ද ? ශ්‍රී ලංකන් නියම සේවය (නදී)

:       0       0

මනෝරි Tuesday, 16 June 2015 09:22 PM

යහපාල, ප්‍රකාශ්, මහානාම, දහම් එහෙම නිදි වගේ. වජිර විතරක් එල්ලෙන්න තණකොළ ගහක් අල්ලාගෙන. (නදී)

:       0       0

සුනිල් Tuesday, 16 June 2015 02:40 PM

අපේ කට්ටිය වගේම තමා. ඒගොල්ලොත් ඔහොම ගෙදෙර කට්ටිය වෙනුවෙන් ටිකට් වලට ගෙවලානේ ලෝකේ වටේ ගියේ? (බ)

:       0       0

සමන්ති Tuesday, 16 June 2015 12:30 AM

පාපන්දු තරඟයක් බලන්න ගිහිල්ලා ඔහොම වෙලා මදි. පුත්තු දෙන්නා තරගය නැරඹීමට ඕනෑ නම් කරන්න තිබුනේ තරඟය පැරිසියේ පවත්වා අවසාන කණ්ඩායම් දෙක ප්‍රංශයට රජයේ වියදමින් ගෙන්වා ගැනීමය. කාටද එවිට ආඩම්බර? (නි)

:       0       0

වජිර Monday, 15 June 2015 10:32 PM

හොඳට බලන්න. බිල ගෙවලා තියෙන්නේ විරෝධයක් නිසයි. අපේ හිටපු අයට විරෝධය පාන්න විපක්ෂයක් තිබුනේ නැහැ නොවැ. (නි)

:       0       0

රහීම් Monday, 15 June 2015 06:36 PM

ප්‍රංශයේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

චතුරි Monday, 15 June 2015 05:47 PM

යහපාල නිතරම බොරුවට කියවනවා (නි)

:       0       0

චන්න බුවනක Monday, 15 June 2015 05:28 PM

මේ ලිපිය පාර්ලිමේන්තුවේ කියවන්න ඕනි ලිපියක් (නදී)

:       0       0

විජයබාහු Monday, 15 June 2015 03:29 PM

ලංකාවේ වගේම විපක්ෂයක් ඇති එහෙත්.(බ)

:       0       0

ගිහාන් Monday, 15 June 2015 12:47 PM

නැතුව නැතුව චමිලා... (නි)

:       0       0

චමිලා Monday, 15 June 2015 12:37 PM

මොකද හිටිය කෙනා ගැන විතරක් කතාකරන්නේ? (නි)

:       0       0

මනෝජ් Monday, 15 June 2015 11:04 AM

මේක පිවිතුරු යහපලට කමෙන්ට් කරන්න කරන්න අමතක වෙන්න ඇති. අනේ පව් මිනිහ! (ම)

:       0       0

ගමගේ Monday, 15 June 2015 10:28 AM

රජින්ද, නන්දලාල්, රුක්ෂාන්, අපේ ලොක්කන්ට නෙමේ, මේවා අපිට හොඳ පාඩම්. දෙසපළුවන් පස්සේ වැඳගෙන ගිහින් එවුන්ට අපේ රටේ, ජනතාවගේ සම්පත් කොල්ලකන්න දීල බලා ඉන්න අපිට හොඳ පාඩම්. (ම)

:       0       0

සුකිරි Monday, 15 June 2015 10:15 AM

මතකද යුද්දේ ඉවර වුණා විතරයි කට්ටිය අපේ බිලට අහස් යාත්‍රාවක් පුරෝලා ඇමරිකාවේ ට්‍රිප් ගියා.... මන් පින්තුර දැක්ක ඇමතිලා කැලිෆෝනියා වෙරළේ අවුව තපිනවා සුද්දෝ එක්ක. කට කියන්ටද මෙවා. (ම)

:       0       0

නිහල් පත්මසිරි Monday, 15 June 2015 09:23 AM

මහජන මුදල් කබාසිනියකරන මේ රටේ දෙසපාලකයන් ඇතුළු සැමට ආදර්ශයක් වේවා.(ම)

:       0       0

කසුන් එංගලන්තය Sunday, 14 June 2015 12:12 PM

මම හිතුවා මෙතන අදහස් 100ක් 200ක් විතර ඇති කියල මේ ලිපිය සම්බන්ධයෙන්. කෝ මුකුත් නැනේ. (බ)

:       0       0

කපුගෙදර Monday, 15 June 2015 07:30 AM

මේවා දැන ගන්න ලංකාවට එන්න (බ)

:       0       0

රජින්ද Monday, 15 June 2015 06:40 AM

අපේ රටේ පාලකයින්ටත් මේවා හොඳ පාඩම්. (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 14 June 2015 06:43 PM

ප්‍රංශ අගමැති ඕවා ඉගෙනගත්තේ අපේ රටෙන් වෙන්න ඇති. ලංකාවේ හොඳට ක්‍රියාත්මක වුණ නිසා මෙයත් උත්සාහ කරන්න ඇති. නමුත් ප්‍රංශ රටේ ඉන්නේ ලංකාවේ අය නොවන නිසා අමාරුවේ වැටුනා. (නි)

:       0       0

සුභා Sunday, 14 June 2015 06:05 PM

එහෙම උන එක ප්‍රශ්ණයක් (නදී)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 14 June 2015 05:06 PM

සිය වරද පිළිගෙන යළිත් එවැන්නක් නොකිරීමට පොරොන්දුවී දරු දෙදෙනාගේ ගුවන් ටිකට්පත් දෙකේ වටිනාකම ගෙවා දැමීම, අපේ රටේ ලොක්කන්ට හොඳ පාඩමක්!!! (නි)

:       0       0

ආනන්ද Sunday, 14 June 2015 04:33 PM

මෙන්න හොඳ ප්‍රවෘත්තියක් (නි)

:       0       0

බෙනට් Sunday, 14 June 2015 04:03 PM

අනේ ඒකට ලංකාව ... (බ)

:       0       0

රුක්ෂාන් Sunday, 14 June 2015 02:57 PM

අපේ රටේ ලොක්කන්ට හොඳ පාටයි (බ)

:       0       0

ධර්මශීලි Sunday, 14 June 2015 02:42 PM

ඇයි නෝනා ,පුත්තු ,අරයා ,මෙයා ගිය ගමන් .කොච්චර තියෙනවද . දැන් ඒවා ගැන අහනකොට පොලිසි වහන්න කෑගහනව .ඔවුන්ටත් නැවත ඡන්දය දෙන අයගේ ඔලුව අත ගාලා බලන්න ඕනේ අං එනවද කියල (බ)

:       0       0

නිහාල් Sunday, 14 June 2015 01:45 PM

මිත්රෝන් ජනාධිපති කාලේ දුෂණ චෝදනා එල්ල වූ අගමැති වරයෙක් ඔලුවට වෙඩි තියාගෙන දිවි නසා ගත්තා.(බ)

:       0       0

ඩුන්ගු Sunday, 14 June 2015 01:25 PM

මෙන්න හොඳ ප්‍රවෘත්තියක් අපේ රටේ යට. අපේ රටේ ලොකු ලොක්කොත් මෙහෙමෙ පව්ලේ අය අරගෙනේ ගිහිල්ල පස්සේ වියදම් ගෙවන්න ඇති, රටේ කව්රුවත් දන්නේ නැති වුනාට. (බ)

:       0       0

රොහාන් සෞදි Sunday, 14 June 2015 01:10 PM

අපේ හිටපු ජනාධිපතිතුමා නම් රට යනකොට පවුල විතරක් මිතුරන් සහ සින්දු කියන්න කට්ටියත් අරගෙනේ යනවා. (බ)

:       0       0

ප්‍රසන්න Sunday, 14 June 2015 12:49 PM

අපේ හිටපු කට්ටිය පව්ලේ කට්ටිය විතරක් නෙවයි ගමම දාගෙන ෆයිනල් මැච් බලන්න අපේ වියදමෙන් ගියපු හැටි මතකයි (බ)

:       0       0

චන්ද්‍රා Sunday, 14 June 2015 12:31 PM

ලංකාවේ ජාති සහ දේශ හිතෛශී දේශපාලකයින් සහ ජානතාව හැමෝම මේවා දැනගනිත්වා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site