ප්‍රංශයේ ෆොන්ටේනබ්ලු මාලිගාව කඩා එහි තිබු තිබූ මිලකළ නොහැකි වටිනාකමින් යුත් චීන කලාකෘති 15 ක් සොරකම් කරගෙන ගොස් ඇතැයි ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සොරකම් කරණ ලද භාණ්ඩ අතර එවකට සියමේ රජුට නැපෝලියන් අධිරාජ්‍යයා විසින් 1861 දී තිළිණ කළ ඔටුන්න ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේ දී ප්‍රංශ රජු විසින් භාවිතයට ගන්නා ලදැයි පැවසෙන මේ මාළිගය ප්‍රංශ ජාතික කෞතුකාගාරය ලෙස පවත්වාගෙන යන අතර එය යුනෙස්කෝ ලෝක උරුමයකි.
මෙම චීන කෞතුකාගාරයේ ඇති භාණ්ඩ අතර නැපෝලියන් අධිරාජ්‍යයාගේ බිරිඳවන ඉයුජිනිට අයත් උපකරණ ද ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විනාඩි හතක පමණ කාලයක දී මේ සියලු පැහැරගැනීම් සිදුව ඇති බත් මාලිගයේ ඇති අධි තාක්ෂණික කැමරා දර්ශන යොදා ගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප්‍රංශ කෞතුකාගාරයේ ඔටුන්නත් හොරු අරන්
චේතිය Tuesday, 03 March 2015 08:27 PM
අපේ රටේ වෙනදේවල් එහෙත් වෙන්නේ කොහොමද? (නි)
ජයන්ත Wednesday, 04 March 2015 12:36 AM
අපේ රටේ නම් මේ වගේ වැඩ වලට නම්දරාපු අය හිටියා. ඡන්දෙන් පස්සේ රට රටවලට පැන්න අනිත් අය වගේ එයාලත් ඒ පැත්තේ ගියාද මන්දා? (නි)
ඇසළ Wednesday, 04 March 2015 03:18 AM
ප්‍රංශයේත් ඉන්නවද අපේ වගේ කට්ටිය? (නි)
සුසන්ත Wednesday, 04 March 2015 03:22 AM
අර කන්ගැට්ටා රට ගියේ එහෙම නැහැ නේද? (නි)
දුමින්ද Wednesday, 04 March 2015 04:11 AM
පින්තුර වල හැටියට ඕව එංගලන්තෙට ගෙනාවෙත් මුල් රටින් හොරකම් කරලා වගේ (නදී)
රුවන් Wednesday, 04 March 2015 04:53 AM
අනේ ප්‍රංශය....... මට හිතෙන්නේ ලංකාවෙන් කොපි කරනවා වගේ.ඕවට එන්න එපා.අපේ අයගේ ශ්‍රී ලංකා වාර්තා කඩන්න එපා (බ)
දුමින්ද Wednesday, 04 March 2015 05:55 AM
කන්ගැට්ටා නොගියාට කනෙන් රිංගල ගිය අය නැද්ද ?(දිල්)
රතු Wednesday, 04 March 2015 09:01 AM
මෙහේ කවුරුත් එහේ ගිහිල්ලද දන්නේ නෑ (දිල්)
සාගර Wednesday, 04 March 2015 10:28 AM
මේවා අයෙත් ඒ රටටම හොරෙන් හරි අරන් ගියානම් කමක් නේ. යටත් විජිත වාදීන් ගෙන් අරගෙන.(හේ)
පිටබැද්දර ජයා Wednesday, 04 March 2015 12:16 PM
මටත් කියන්න තියෙන්නේ බඩු මෙලහට චිනේ ඇති කියල තමයි ?(නදී)
ශ්‍රී ලාල් Wednesday, 04 March 2015 02:24 PM
පහුගිය කාලේ මෙහෙ කට්ටියක් ලංකාවට ගිහින් එහෙන් ඉගෙනගෙන ඇවිත් තියෙනවා.(නදී)
ගමගේ Wednesday, 04 March 2015 04:56 PM
අනුමානයක් නැහැ, ඕක ප්‍රංශ කන්ගැට්ටෙකුගේ වැඩක් වෙන්න ඇති (නි)
ශ්‍රීලාල් Wednesday, 04 March 2015 05:08 PM
ඕක නම් කාගේ වැඩක්ද කියලා මට හිතාගන්න පුලුවන් (නි)
මාපලගම පත්මා Wednesday, 04 March 2015 05:22 PM
අපේ හිටපු ඇමතිතුමෙක්වත් මේ පැත්තේ ආවාද මන්දා? (නි)