තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි පහරකින් බරපතළ තුවාල ලබා බි‍්‍රතාන්‍යයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායි පෙරේදා (5) සුවය ලබා රෝහලෙන් පිටවී ගියාය.
මලාලා මීට මාස 3 කට පෙර තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබුවේ පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගීමේ වරදටය.
ඇය බී.බී.සී. උර්දු සේවයට එක්වී තලේබාන්වරුන්ගේ සැහැසිකම් අන්තර් ජාලයේ බ්ලොගයක් හරහා ලොවට හෙළිකිරීම නිසා ජාත්‍යන්තරයේ අවධානයටත් තලේබාන් වරුන්ගේ උදහසටත් ලක් වූවාය.
වෙඩි ප‍්‍රහාරයට ලක් වී මරණාසන්නව සිටිද්දී ඇය බි‍්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමටත් ප‍්‍රතිකාර දීමටත් බි‍්‍රතාන්‍ය රජය කටයුතු කළේය. ඒ අනුව ඇය පසුගිය මාස තුන පුරාවට ප‍්‍රතිකාර ලැබුවේ බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි ක්වීන් එළිසබත් රෝහලේය.
මලාලාගේ පියා ද සමාජ කි‍්‍රයාකාරියකු වන අතර ඔහුට ද තලේබාන්වරුන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් පවතී. එම නිසා මලාලා පමණක් නොව ඇයගේ පියාත්, මවත් සොහොයුරන් දෙදෙනාත් බි‍්‍රතාන්‍යයට ගෙන්වා විශේෂ රැකවරණ දීමට බි‍්‍රතාන්‍ය රජය ඉදිරිපත්ව සිටී.
මලාලා රෝහල්ගතව සිටියදී ඇය බැලීමට පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරි ද පැමිණියේය. එම අවස්ථාවේ ඔහු මලාලාගේ පියා සියාඋද්දීන්ට පාකිස්තාන රජයේ විශේෂ තානාපති නිලධාරි ධුරයක් පිරිනැමූ බව ද වාර්තා විය.
මලාලා ඉක්මනින් සුවය ලැබූ බවත් ඇයට දැන් බි‍්‍රතාන්‍යයේ ඇයගේ නව නිවසට යා හැකි බවත් පවුලේ අය සමඟ සතුටින් සිටිය හැකි බවත් ඇයට ප‍්‍රතිකාර කළ එළිසබත් රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසා ඇත.
වෙඩි උණ්ඩයෙන් තුවාල වී ඇති ඇගේ හිස් කබල සකස් කිරීමේ ප‍්‍රතිකර්ම ඉතා සෙමින් සිදුවන අතර මීළඟ මාස කිහිපයේදී අවස්ථා ගණනාවකදී ප‍්‍රතිකාර සඳහා ඇයට යළි රෝහලට පැමිණීමට සිදුවනු ඇතැයි ද විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩි දුරටත් පවසා ඇත. මලාලාගේ සියලූම ප‍්‍රතිකාර සිදුවන්නේ බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙනි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තාන දැරිය මලාලා රෝහලෙන් පිටවී යයි
චින්තක Monday, 07 January 2013 06:13 PM
සුබ පතනවා (ස)
මාර්ක් Wednesday, 09 January 2013 01:40 AM
ඔබට සුභ අනාගතයක්! (නි)
මොහොමඩ් Tuesday, 08 January 2013 11:38 PM
ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ආනන්ද Tuesday, 08 January 2013 05:09 PM
ඔබට සුභ අනාගතයක්! (නි)
පද්මි Tuesday, 08 January 2013 11:32 AM
ඔබගේ ළුීරකම නිසා දැන් මුලු ලෝකයටම නිදහසේ හුස්ම ගන්න පුලුවන්. (නි)
නාරද Tuesday, 08 January 2013 06:59 AM
මෙවන් විපත් නොවේවා (දී)
ලාල් Tuesday, 08 January 2013 07:02 AM
ඔබට නිරෝගී සුව ලැබේවා
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 07 January 2013 11:14 PM
ගොඩක් සතුටුයි. සුබ පතනවා. ඉදිරියට ආරක්ෂාවී කටයූතූ කරන්න... (ස)
චන්දා Monday, 07 January 2013 10:13 PM
අපි හැමෝම ඔයාට ආදරෙයි (ස)
ජමීන් Monday, 07 January 2013 10:21 AM
මම ඔබගේ නිර්භීතකමට ගෞරව කරමි. (නි)
ෂෙරීෆ් Monday, 07 January 2013 06:03 PM
ඔබට දෙවි පිහිටයි (ස)
ජයී තිසර Monday, 07 January 2013 04:14 PM
දුබල උවත් ඇය ඔසවයි අන් දුබලුන් තලේබාන් පැරදුනි ඇගෙ බල බිඳුමෙන් නිර්භීතවත් දියණිය මගෙ සුබ පැතුමෙන් දින දින සුවය වැඩිවේවා දෙවිඳු බලෙන් (ස)
දුමින්ද Monday, 07 January 2013 03:24 PM
ඔබ දිරිය දියණියක්. සුබ ආරංචියක් (ස)
ආමන්ත Monday, 07 January 2013 02:07 PM
අරාබි ලෝකයේ පුංචි වීර වරිය (ස)
ලලිත් Monday, 07 January 2013 01:34 PM
ඔබට සුව අත් වේවා
නව්ශාඩ් Monday, 07 January 2013 01:18 PM
ඔබට සුබ අනාගතයක් (ස)
ඉසුරු Monday, 07 January 2013 12:16 PM
ඔබ ඇත්තෙන්ම ආදර්ශමත් චරිතයක් (ස)