X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


පාකිස්තානයට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති

පාකිස්තාන සහ ඇෆ්ගන් හමුදා සෙබළුන් අතර මීට දින කිහිපයකට පෙර හටගත් දේශසීමා අවි ගැටුම හේතු කොට ගනිමින් ඊයේ (13) ඇෆ්ගනිස්තානයේ දේශසිමාබද පළාත් දෙකක ජනයා පාකිස්තාන විරෝධී රැලි කිහිපයක් පැවැත්වූහ.
 

විරෝධතාවට එක්වූ පිරිස්..

විරෝධතා රැලි පැවැත්වූයේ හේරත් සහ ෆාරා පළාත්වලය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන්ට පාකිස්තාන රජයේ සහාය හිමිවන බවට ද විරෝධතාවට එක් වූ පිරිස චෝදනා කළහ.

පාකිස්තාන හමුදා සෙබළුන් සහ ඇෆ්ගන් සෙබළුන් අතර වෙඩි හුවමාරුව පැවැතියේ ඉකුත් දෙවැනිදාය. ඒ, දේශසීමාබද නාගර්හාර් පළාතේදිය. වෙඩි හුවමාරුවේදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.

ඇෆ්ගන් හමුදාව ප‍්‍රකාශ කළේ පාකිස්තාන සෙබළුන් අනවසරයෙන් තම දේශසීමාවට පැමිණි නිසා වෙඩි තැබූ බවය. දෙපිරිස අතර පැවැති වෙඩි හුවමාරුව පැය දෙකක් තිස්සේ පැවැති බව වාර්තා විය.

ඉකුත් 11 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණය හේතුවෙන් පාකිස්තාන රජය සහ ඇෆ්ගන් රජය අතර මේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් හමුනොවිණි. එම අර්බුදය විසඳා ගැනීමට හැකි වන්නේ යළිත් වරක් අගමැති ධුරයට තේරී පත් වුණු නවාස් ෂරීෆ්ගේ නව රජයටය.

මහ මැතිවරණය හේතුවෙන් දින තුනක කාලයකට ඇෆ්ගන් පාකිස්තාන මෙන්ම ඇෆ්ගන් ඉරාන දේශසීමාව ද වසා දැමුණු බව පාකිස්තාන රජය පැවැසීය.
මේ අතර ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ ‘සතුරන්’ යැයි ජනපති කර්සායි පැවැසුවේ පාකිස්තානයටය.

දේශසීමා අර්බුදයේදී තමන්ට සහාය දෙන්නැයි ඇෆ්ගන් ජනපති එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටීම ගැන තමන් පුදුමයට පත්වන බව ඇමෙරිකාව පවසා ඇත.

තලේබාන් සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමට ඇෆ්ගන් ජනපති වසර කීපයක් තිස්සේ උත්සහ ගනී. ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත.



අදහස් (0)

පාකිස්තානයට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති

නදීකා Tuesday, 14 May 2013 09:17 AM

මොකද මේ එකම ජාතිය කට්ටිය කෙළ ගන්නේ. අල්ලා දෙවියනි වහාම අවදානය යොමු කරන්න. ඔබ වහන්සේ මැවූ සත්ත්වයා දෙතට තුනට බෙදී ඇත.(නදී)

:       0       0

ශිරෂ් Tuesday, 14 May 2013 01:04 PM

නදීකා, මෙතන ආගම් ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ දේශ සීමා ප්‍රශ්නයක්. ඔයා පොඩි වැඩියි මේවා දැන ගන්න. ඒකයි. (නි)

:       0       0

චූලා Tuesday, 14 May 2013 02:07 PM

මේ උත්සහ කරන්නේ අල්ලා දෙවියන් මැවුවය කියන තර්කය බිදින්න සහ එයාගේ ආගම වක්‍රයෙන් හරිය කියන්න ‍ොනවේද? (නි)

:       0       0

දිලිප් Tuesday, 14 May 2013 03:06 PM

ශිරාෂ්, මට කියලා දෙන්නකෝ බලන්න. දෙගොල්ලෝ කා ගන්නවා.ලෝකෙටම පිළිලයක් එයාලා (නි)

:       0       0

ශිරෂ් Tuesday, 14 May 2013 05:43 PM

දිලිප්, ඔයාගේ කතාවට මම එකගයි. මේ රටේ ඉන්න දෙගොල්ලොම මුළු ලෝකෙටම පිළිලයක්. ඒක ඒ රටේ දේශාපලන ප්‍රශ්නයක්. ඒ රටවල් දෙකට විසදගන්න බැරි එකේ මට කොහොම පුලුවන්ද? එහෙම නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site