ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසකට සම්බන්ධ පාකිස්තානයේ අල් කයිඩා නායක බඩාර් මන්සූර් මරා දැමීමට ඇමෙරිකන් හමුදාව ඊයේ (9) සමත්විය. ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නුවර සැඟවී සිටි මන්සූර්, මියගියේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරයකදී යැයි ඇමෙරිකා හමුදාව පවසයි. බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමින් ඇමෙරිකන් හමුදාව මන්සූර් සැඟවී සිටි නිවසට පහර දුන්නේ ඊයේ අලූයමය. ප‍්‍රහාරයෙන් තවත් අල් කයිඩා සටන්කාමීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මන්සූර් මියගිය බව මේ වනවිට තහවුරු වී ඇති බවත් අල් කයිඩා සටන්කාමීන්ගේ පණිවුඩ හුවමාරුවලට හොරෙන් කන් දී ඒ බව සැක හැර දැනගත් බවත් පාකිස්තාන රජය ද පවසා ඇත. පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඇමෙරිකාව ඉස්ලාමීය සටන්කාමීන් ජේෂ්ඨ නායකයකු ඝාතනය කළ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් ඇෆ්ගන් තලේබාන් නායකයා ද ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඝාතනය කළේය. ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්තාන රජයට නොදන්වාය. ඒ, පාකිස්තාන රජයේ ඇතැම් නිලධාරීන් අල් කයිඩා සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බව හෙළි තහවුරු වී ඇති නිසාය. ඉකුත් නොවැම්බරයේදී ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ මුරපොළක සිටි පාකිස්තාන හමුදා සෙබළු 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමත් සමඟ ඇමෙරිකාව සහ පාකිස්තානය අතර ඇයිහොඳයිකම් පළුඳු විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානයේ අල් කයිඩා නායකයා මරා දැමෙයි