X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 30 වන සඳුදා


පාකිස්තානයේ පාසල් දෙකකට බෝම්බ ප‍්‍රහාර

පාකිස්තානයේ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා සූදානම් කරමින් තිබුණු පාසල් දෙකකට ඊයේ (2) බෝම්බ ප‍්‍රහාර එල්ල විය.
ප‍්‍රහාර එල්ල වූයේ පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාන්තයේ ක්වෙටා නුවරට නුදුරු ගම්මාන දෙකක පාසල්වලටය.
මැතිවරණය හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර එම පාසල් දෙකේ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා තිබුණි. එපමණක් නොව ඒවායේ තාවකාලික පොලිස් ස්ථාන දෙකක් ද පිහිටුවා තිබුණි. බෝම්බ ප‍්‍රහාරවලින් පොලිස් නිලධාරීහු සිව් දෙනෙක් තුවාල ලැබූහ.
ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එහෙත් එය පාකිස්තාන තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් යැයි පොලිසිය පවසයි.
එළැඹෙන මහ මැතිරවරණ ඉලක්ක කර ගනිමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවත්, තමන්ට එරෙහි වෙන දේශපාලනඥයන් සහ දේශපාලන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරුවන බවටත් පාකිස්තාන තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
තරීක් ඊ තලේබාන් සටන්කාමීන්ගේ ඉලක්ක වී ඇති දේශපාලන පක්ෂ වන්නේ අවාමි ජාතික පක්ෂය, පාකිස්තාන ජනතා පක්ෂය සහ මුටාඩියා කුවාමී පක්ෂයයි.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ඇරැඹීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 11 වැනිදා සිට මේ දක්වා බලූකිස්තාන ප‍්‍රාන්තයෙත් සෙසු ප‍්‍රාන්ත සහ ප‍්‍රධාන නගරවලත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසක් වාර්තා විය.
ඉකුත් 27 වැනිදා කරච්චි නුවර ද බෝම්බ පිපිරීමක් සිදුවිය. එම බෝම්බ ප‍්‍රහාරය එල්ල වූයේ මැතිවරණ රැලියක් ඉලක්ක කර ගනිමිනි. එයින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන 30 කි.



අදහස් (0)

පාකිස්තානයේ පාසල් දෙකකට බෝම්බ ප‍්‍රහාර

මධූ Friday, 03 May 2013 07:33 PM

බලුකිස්ථානය සහ පාකිස්ථානය අතර ලොකු වෙනසක් නැහැ වගෙයි (නි)

:       0       0

කුරුවිට Saturday, 04 May 2013 08:58 AM

මේවා හරාම්ද හලාල්ද ? .(ස)

:       0       0

නිසාර් Saturday, 04 May 2013 06:13 PM

මධූ, බලු මස්කන අය ලංකාවේ හිටියට බලුකිස්ථානයේ නැහැ (නි)

:       0       0

ඉෂාන් Saturday, 04 May 2013 10:22 PM

නිසාර් මෙතන බලු මස් හෝ බලු මස් කන අය ගැන කතාවක් නෙමෙයි තියෙන්නේ. අපි ශ්‍රී ලාංකිකයෝ කියල කෑ ගැහුවට පාකිස්තනේට මොනවා හරි කියද්දී ඔයාලට හරියට රිදෙනව නේ.(නදී)

:       0       0

නිසාර් Sunday, 05 May 2013 12:23 AM

ඉෂාන්, එතකොට ඔයාලා ලංකාව ලංකාව ලංකාව කියාලා විජය රජ්ජුරුවන්ගේ කාලයේ ඉඳලම කියනවනේ. මැරෙනකොට ඔය ඇත්තෝ ලංකාව කරේ තියාගෙනද ගියේ. ජීවත්වෙන අවුරුදු 60, 70, සාමයෙන් ජීවත්වුනොත් නරකද? (නදී)

:       0       0

සදරුවන් Sunday, 05 May 2013 04:44 PM

ඉශාන්,නිසාර්,බලු මස් කන්නේ පිලිපීනයේ.අනුන්ගේ මස් කාලා ජීවත් වෙන්නේ නැති බෞද්ධයෝ ඉන්න අපේ රටට ඔයාලා තමයි ඇවිල්ල හරක් මර මරා කන සොහොන් පිට්ටනි හැදුවේ. (නි)

:       0       0

සදරුවන් Sunday, 05 May 2013 04:48 PM

බලු මස් නම් මම දන්නේ නැහැ.හැබැයි හරක් මරලා කන හින්දලු මරක්කල කියන්නේ. (නි)

:       0       0

කුමාර් Sunday, 05 May 2013 05:08 PM

ඉස්ලාම් ආගම හරියට අදහන අය තමා මේ. ඉස්කෝල කඩනවා. ඉගෙනගන්න මලාල වගේ පොඩි ළමයින්ට වෙඩි තියනවා, වෙනස් අදහස් දරන ඔක්කොම මරනවා, ගැණු හතර පහ බඳිනවා, ගැණු වහල්ලු වගේ තියාගන්නවා, අනිත් සියලුම ආගම් වනසනවා, කොටින්ම ෂියා මුස්ලිම්ලත් බෝම්බ ගහල වනසනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site