පාකිස්තානයේ සංචාරයක යෙදෙන එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊයේ (14* එරට අධ්‍යාපන අමත්‍යාංශ නිලධාරීන්, අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන් මෙන්ම පාසල් සිසුවියන් ද හමු වී බාලිකාවන්ට අධ්‍යාපනයට ඇති අයිතිය ගැන සාකච්ඡුා පැවැත්වීය.
බාලිකා අධ්‍යාපනය තලේබාන්වරුන්ගේ ෂරියා නීතියට පටැහැනිය. බාලිකාවන් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරුන් ප‍්‍රහාර එල්ල කරයි. එපමණක් නොව, බාලිකා පාසල් ද පහර දී විනාශ කර දමයි.
16 හැවිරිදි මලාලා යූසොෆ්සායි දැරිය තලේබාන් සටන්කාමියකුගේ ඉලක්කය වූයේ ද බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම නිසාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය ජූලි 12 වැනිදා ‘මලාලා දිනය’ ලෙස නම් කළේය. මලාලාගේ උපන්දිනය යෙදී ඇත්තේ ද එදිනටය. එදින මලාලා, එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණි අතර ලෝකයේ රටවල් රැුසකින් එහි රැුස්ව සිටි යොවුන් නායකයන් 500 දෙනකු අමතා විශේෂ දේශනයක් ද පැවැත් වූවාය.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි මලාලා එම අවස්ථාවේදී කියා සිටියාය. තම දිවි පරදුවට තබා පාකිස්තානයේ බාලිකා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ මලාලාට ගරු කිරීමක් ලෙස සෑම ජූලි 12 වැනිදාම ‘මලාලා දිනය’ ලෙස නම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය එම අවස්ථාවේදී පැවැසීය.
මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය.
හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය. දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණියහොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් එ.ජා. මහ ලේකම් හඬ නගයි
තෙෂාන් Thursday, 15 August 2013 10:18 AM
අනේ මේ ඔයා ඔයාගේ වැඩක් බලාගෙන යන්න ආපු රාජකාරිය කරගෙන. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතුව. ඕගොල්ලෝ මේකට අත දැම්මොත් මේ තියෙන ඒවත් නැතිවෙනවා. (ස)
ධම්ම Thursday, 15 August 2013 11:03 AM
මෙයාලා තමයි ඇමෙරිකන් යුද්ධ ටැංකිවලට රටවල් ඇතුලට එන්න පාරවල් කපන්නේ. මේ එහි පළමු පියවරයි. (ස)
මහින්ද Thursday, 15 August 2013 06:33 PM
දම්මික මල්ලී ,ඇමරිකාවට බනින්න එපා. ඇමරිකාව නැත්නම් මේ වෙනකොට ලෝකේ අන්තවාදීන් විනාශ කරලා. ලෝකයේ සෞඛ්‍යයට ,අධ්‍යාපනයට ඇමෙරිකාව විශාල සේවයක් කරලා තිබෙනවා. අද අන්තර්ජාලය නිසා අපි ගොඩක් ඉගෙන ගන්නවා. ඇමරිකාවේ ගුරුමුෂ්ටිය නැහැ, දේශපාලන පවුල් නැහැ. අපේ රටට ගොඩක් ආධාර කරනවා (නි)