එළඹෙන මැයි 11 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහමැතිවරණයට තරග කිරීමට හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් සුදුස්සකු නොවන බවට තීන්දු කිරීමෙන් පසුව ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (18) ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.
බලයේ සිටි සමයේදී ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමත් ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා නිසා මුෂාරෆ්ට මහමැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වූ බව මහාධිකරණ විනිසුරුවරු ප‍්‍රකාශ කළහ.
අත්අඩංගුවට ගැනීමේ නියෝග නිකුත් කිරීමත් සමඟ මුෂාරෆ් සිය ආරක්ෂක නිලධාරීන් සමඟ ඉක්මනින් ඉස්ලාමාබාද් නුවරට ඔබ්බෙන් පිහිටි සිය නිවෙස වෙත ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නැවතත් දේශපාලනයට පිවිසීමේ අපේක්ෂාවෙන් සිටි මුෂාරෆ්ගේ සිහින බොඳ කරමින් ඉකුත් 16 වැනිදා පෙෂාවොර් අධිකරණය තීරණය කළේ ඔහු එළඹෙන මහමැතිවරණයට තරග කිරීමට සුදුස්සකු නොවන බවයි.
මුෂාරෆ් පාකිස්තානයට පැමිණි දින සිට ඔහු අත්අඩංගුවට පත්වීම වළකාලමින් ඔහුගේ නීතිඥයන් ලබාගත් අධිකරණ ඇප තවදුරටත් දීර්ග කිරීමේ හැකියාවක් නොමැති බව ද මහාධිකරණ විනිසුරුවරු මෙහිදී අවධාරණය කළහ.
වසර ගණනාවක් රටින් බැහැරව විදේශයන්හි ජීවත් වූ පාකිස්තානයේ හිටපු ජනාධිපතිරයකු මෙන්ම හමුදාපතිවරයකු ද වූ මුෂාරෆ් පසුගිය මාර්තු 24 වැනිදා පාකිස්තානයට පැමිණියේය.
එම අවස්ථාවේදී මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන ආරක්ෂක අංශ සූදානම්ව සිටියද ඔහු තම නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළ නිසා ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ් අල්ලන්න වරෙන්තු
ගාමිණි Friday, 19 April 2013 10:37 PM
ඔය විප්ලව කල හෙමෝ-ම අන්තිමේ සුඛෝකභෝගී ලෙස සැගවිලා තියෙන්නේ- ෆ-ර්ම් වලමයි පීරු රටේජනාධි පති වෙටුපක් නොලබා-.රාජ්‍ය සම්පත් නොලබා තම නෝනට හිමි ගොවිපලේ සිටින ලෝෙකයේ ආධර්ෂවත් ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය ලොවටම උතුම් ආධර්ශයක්!(නු)
ජීවන් Saturday, 20 April 2013 12:19 AM
කලින් ඉදලම පාර කපාගෙන ඉන්න එපැයි. එහෙම වුණා නම අද යසට ඉන්නවනේ. (නි)
සුපුන් Saturday, 20 April 2013 12:21 AM
මෙතන අදහස් දන අය අපේ රටේ නීතියක් නැතිකම ගැන අදහස් දානවා. ඇත්තටම නම් ව්‍යවස්ථාවෙන් ලොව බලවත්ම ජනාදිපති ධුරය තියෙන්නේ ලංකාවේ. (නි)
මදූ Saturday, 20 April 2013 01:57 PM
කවදා හරි ලංකාවේ අයට වෙන්නත් ඔය ටික තමා. හැමෝටම නොවෙයි.(නදී)
මේවාවිතාරණ Saturday, 20 April 2013 05:59 PM
මුෂාරෆ් කියන නායකයා ඉතා දක්ෂ රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ඒ වගේම ලංකාවට ඉතාමත් ආදරේ කල ජන නායකයෙකි.(නදී)