නෙළා නිම නොකළ බුදු රුවක් තමිල්නාඩුවේ ආඬිපත්ති රෝසල්පත්ති ගමෙන් සොයාගත් බව පාණ්ඩ්යනාඩු පර්යේෂණ මධ්‍යස්ථානය කියයි.
මෙම බුද්ධ රූපයේ මූර්ති ශිල්පීන් ජෛන ආගමට සම්බන්ධ බව පෙනේ යැයිද, පාණ්ඩ්‍ය අධිරාජ්‍යයට යටත්ව තිබූ පෙදෙසකින් එවැනි පිළිරුවක් සොයාගැනීම ඉතා දුර්ලබ දෙයක් බවද මෙම පිළිමවහන්සේ දසවැනි සියවසට අයත් බව පෙනේ යැයිද පුරාවිද්‍යාඥයෝ කියති.
එරමිණියා ගෙතූ පද්මාසන ස්වරූපයෙන් පිළිමවහන්සේ නෙළා ඇති බවත් සිරස සම්පූර්ණ කර නැති බවත් පිළිමවහන්සේ නිරීක්ෂණය කළ විද්වත්හු කියති.
ගරා වැටුණු ශිව දේවාලයක තිබී එම ප්‍රතිමාව සොයාගෙන ඇත.
(හින්දු පුවත්පත ඇසුරෙනි)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාණ්ඩ්‍ය කාලේ බුදු රුවක් මතුවෙයි
ප්‍රියංක Tuesday, 08 September 2015 11:53 AM
බුදු රුවක් ජෛන ආගමේ තියෙනවද? මොකක්ද මේ කියල තියෙන්නේ? (ම)
ඩෙස්මන් Tuesday, 08 September 2015 12:24 PM
පරික්ෂණ වලින් ඉදිරියේදී වැදගත් තොරතුරු රැසක් හෙළිවේවි (නි)
ඉලේපෙරුම Tuesday, 08 September 2015 03:15 PM
මේක ජෛන මුනි මහාවීර තුමාගේ පිළිරුවක්. මහාවීර තුමාගේ පිළිම හා බුදු පිළිම බොහෝ සෙයින් එකිනෙකට සමානයි. (බ)
බණ්ඩාර Wednesday, 09 September 2015 04:17 AM
සාදු සාදු (අ)
ඩෝසන් Wednesday, 09 September 2015 04:35 AM
පුදුමයි ඉතිරිවුණ එක මේ පිළිම බේරුවට දෙවිදුන්ට ඉතුති වේවා (අ)
ඉනෝකා Wednesday, 09 September 2015 08:12 AM
මා ජීවත්වෙන රටේ,වරෙක මෙතුමන් වැඩහිඳිනා මන්දීරයට පිය නඟද්දී මුලින් මා සිතුවේ අප දැක පුරුදු බුදු හිමියන්ගේ පිළිරුවක් බවයි.නමුත් පසුව දැනගැනීමට ලැබුනේ ජෛයින මුනි මහාවීර මුණිතුමන්ගේ පිළිරුවක් බව.ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උපත ලද මෙතුමන්ගේ පිළිරුව බුදු සමිඳුගේ පිළිරුවට බොහෝ සේ සමානයි. (නි)
වජිරපාල Wednesday, 09 September 2015 11:43 AM
හොඳ සොයාගැනීමක් (නි)
චම්පා වෛද්‍යතිලක Saturday, 12 September 2015 02:09 AM
මේ ප්‍රතිමාව ජෛන මහාවීරතුමාගේ යැයි සිතමි. මන්ද එය ශිව දේවාලයකින් හොයාගැනීම. ඒ නිසා අරුමයක් නැහැ. (නි)