X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


පාප් තුමා ‘වසරේ මිනිසා’

ලෝ සුපතල ටයිම්ස් සගරාව ‘වසරේ මිනිසා’ ෆ‍්‍රැන්සිස් පාප්තුමා (76)තෝරා ගත් බව එහි කර්තෘ නැන්සි ගිබ්ස් නිවේදනය කර තිබේ. ඇමරිකා රහස් ලොවට හෙළි කළ එඞ්වඞ් ස්නෝව්ඩන් දෙවැනි ස්ථානයට පත් විය.

කෝටි 120 ක කතෝලික ජනතාවගේ ප‍්‍රධානත්වය හිමි කර ගනිමින් පාප් පදවියට හිමිකම් කීමට සමත් වීමත්, මාස නමයක් ඇතුළත ඔහු කර ඇති සේවයත්, ඉතා කෙටි කාලයකින් ලොකයේම අවධානය දිනා ගැනීමට සමත් වීමත් මෙම ජයග‍්‍රහණයට හේතු වී ඇත.

මෙම වසර සඳහා 10 දෙනෙකුගේ නම් යෝජනා වී තිබිණ. සිරියානු ජනපති බෂීර් අල්-අසාද්, ඉරාන ජනපති සහන් රොහානි, ඇමරිකා සෙනට් සභික ටෙඞ් ක‍්‍රස්, සමලිංගික අයිතීය ලබා ගැනීමට සටන් කළ එඞී වින්ඩ්සර්, ඇමරිකා ජනපති බරක් ඔබාමා, පාප්තුමා, එඞ්වඞ් ස්නෝව්ඩන් සහ පොප් ගායක මිලී ඒ අතර වෙති.

2027 වසරේ සිට ටයිම්ස් සගරාව විසින් වාර්ෂිකව පුද්ගලයෙක් ‘වසරේ මිනිසා’ ලෙස තෝරා ගනු ලැබේ. මේ සඳහා ඔවුන් අදාල වර්ෂයේ හොඳ හෝ නරක ප‍්‍රධාන පුවත් මවන්නන් තෝරා ගනී. 2012 වසරේ තේරී පත් වූයේ ඇමරිකාජනපති බැරක් ඔබාමාය

 



අදහස් (0)

පාප් තුමා ‘වසරේ මිනිසා’

ප්‍රභාත් රුක්ෂාන් Friday, 13 December 2013 04:05 PM

මෙලොවට පහල වු අග්‍රගන්‍ය නායකයෙක්. පිප් තුමනි, ඔබ තුමාට මගේ සුභ පැතුම්.(නදී)

:       0       0

නීරා Thursday, 12 December 2013 11:34 PM

ඔබට අපගේ සුභ පැතුම්! (නි)

:       0       0

ලීනා Friday, 13 December 2013 12:08 AM

සුභ පැතුම්! (නි)

:       0       0

සෝමසිරි Friday, 13 December 2013 12:41 AM

අනේ! අපටත් මෙවැනි බෞද්ධ නායකයෙක් පහළ වෙනවා නම්.... (නි)

:       0       0

සමීර Friday, 13 December 2013 12:44 AM

සුභ පැතුම්! (නි)

:       0       0

සත්‍යා Friday, 13 December 2013 05:42 AM

මෙම පාප්තුමා අනෙක් සියල්ලන්ටම වඩා යහපත්ය.එතුමාගේ නිල කාලය තුළදී වතිකානුවේ ඇති බොහොමයක් දුෂිත කටයුතු වලට වැටකඩොලු බඳිනු ඇතැයි විශ්වාස කළ හැකියි. (නි)

:       0       0

මිලාන් Friday, 13 December 2013 09:51 AM

දෙවියන් වහන්සේට ප්‍රශංශා වේවා! (නි)

:       0       0

ලංකා Friday, 13 December 2013 11:18 AM

අපෙන් සුභ පැතුම්!. (නදී)

:       0       0

පැට්රික් Friday, 13 December 2013 11:23 AM

දෙවියන් වහන්සේට ප්‍රශංශා වේවා . එතුමා තෝරා ගැනීම අගය කරමි. (නදී)

:       0       0

රිස්කින් Thursday, 12 December 2013 10:34 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

අමිත් Friday, 13 December 2013 06:30 PM

එතුමා සැබෑ වෙනසක් කරන බව පේනවා. ලංකාවටත් මෙතුමා එන බව ආරංචියි.(නදී)

:       0       0

ධම්මසාර හිමි Friday, 13 December 2013 08:48 PM

එතුමා හැබෑබැවටම ඒ තත්ත්වය ලබන්නට සුදුසුය. ඒ ඔහු සැබෑම මිනිසත් බවින් පොහොසත් මිනිසෙකු බව මේ කෙටි කාලය තුළ ඔප්පුකර පෙන්වීම නිසාවෙනි.(නදී)

:       0       0

චාමික Saturday, 14 December 2013 08:16 AM

මධු, ඔලුව ගලක වත් හැපුනද ? (නදී)

:       0       0

රොහාන් Saturday, 14 December 2013 11:47 AM

එතුමාගේ මුහුණේ තියෙන සිරියාවට සමාන කල හැකි තව කෙනෙක් මේ ලෝකේ ඉන්නවද ? (නදී)

:       0       0

දාස් Saturday, 14 December 2013 06:47 PM

මම නම් යෝජනා කරන්නේ අපේ සභාපති තුමාව.(නදී)

:       0       0

ශ්‍රීමල් ජයවර්ධන Saturday, 14 December 2013 08:57 PM

මගේ උණුසුම් සුභ පැතුම් ගරු පියතුමණි (දිල්)

:       0       0

ජගත් ලියනගේ Sunday, 15 December 2013 12:31 AM

මම බෞද්දයෙක්. අපේ ආගමටත් මෙවැනි නායකයෙක් බිහිවේවා. ඔහු ශ්‍රේෂ්ටයන් අතරේ ශ්‍රේෂ්ටයෙක්. (නදී)

:       0       0

ශ්‍යාමලී ජයසූරිය Monday, 13 January 2014 04:54 PM

අපේ සුබ පැතුම්. සුදුස්සාට සුදුසු තැන.(නදී)

:       0       0

ෆොන්සේකා Thursday, 12 December 2013 06:24 PM

සුභ පැතුම්! මම කතෝලිකයෙක්. මට ආඩම්බරයි (නි)

:       0       0

ගිම්හානි Thursday, 12 December 2013 01:01 PM

උපාලි ඔබට එකඟ වෙන්න බැරි නම් ඔයා තෝරන්න වසරේ මිනිසා කව්ද කියලා ? සතුටුයි නේද ? (ස)

:       0       0

රනුක පෙරේරා Thursday, 12 December 2013 01:27 PM

උපාලි, මෝඩ අදහස් එපා හොඳේ. (ස)

:       0       0

බටු ගෙදර Thursday, 12 December 2013 02:30 PM

උපාලි, මනුස්සයෙකුට ගරු කරන්න දන්නේ නැහැ. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 12 December 2013 02:31 PM

මේම ලැයිස්තුවෙන් මගේ තේරීම වසරේ මිනිසා ස්නොදන්. තම ජීවිතය පවා පරදුවට තබමින් ලෝකය වෙනුවෙන් ඔහු කල සේවය අමිලය. (ස)

:       0       0

ජනත Thursday, 12 December 2013 02:50 PM

සිල්වා... ජිවිතේ පරදුවට තියල ස්නොව්දන් කරපු සේවයක් නැත.කලේ හතුරන්ට තමන්ගේ හමුදාව, රට පවා දීමයි.ඇමරිකාව ගැන අපි හැමෝටම ප්‍රශ්න තිබුනත් හමුදා සෙබලා කියන කෝණෙන් බලද්දී ඔහු කලේ ද්‍රෝහී කමක්. (ස)

:       0       0

අමිල - කටුනායක Thursday, 12 December 2013 03:10 PM

යදම් බිදිමින් විප්ලවයක් කලා වූ ද, මානුෂික තත්වයට ගරු කලා වූ ද, එතුමා තෝරා ගැනීම අගය කරමි. (ස)

:       0       0

රනුක පෙරේරා Thursday, 12 December 2013 03:41 PM

මම කතෝලිකයෙක්. ඒ නමුත් මම ආඩම්බර වෙන්නේ මෙතුමා අපේ සහාවේ නායකයා නිසා නෙමෙයි මේ තුමා යම් මනුස්සයෙක්ට පිහිටක් වුනා නම් ඒ ගැන හිතලා.(නදී)

:       0       0

දිනේෂ් Thursday, 12 December 2013 04:05 PM

මිට වැඩිය දිවි පරදුවට තියල ලෝකෙට සේවය කරපු මිනිස්සු ඉන්නවා. (නදී)

:       0       0

උපාලි Thursday, 12 December 2013 12:15 PM

දැන් අපි මේ තේරීමට එකග වෙමුද? (නි)

:       0       0

හේරත් Thursday, 12 December 2013 06:30 PM

පාප්තුමා මෙතෙක් පහළ වූ උතුම් මිනිසෙකි. මොහු මිනිසුන් අතර සිටිනා දෙවියෙක් වැනිය (නි)

:       0       0

එරන්දික Thursday, 12 December 2013 07:02 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ධනුකේ Thursday, 12 December 2013 07:12 PM

මෙතුමා යම් යහපත් වෙනසක් කරන්න උත්සාහ කරනවා.අපි සියල්ලෝ එක්ව සහයෝගයෙන් කටයුතු කරමු. (නි)

:       0       0

මධු Thursday, 12 December 2013 07:18 PM

මගේ තේරීම නම් ගලබොඩ අත්තේ ඥානසාර හිමිපාණන් වහන්සේවයි. ඒ හිමියෝ රටට කර ඇති අමිල සේවය ඉතා විශිෂ්ටයි.(නදී)

:       0       0

මීසා Thursday, 12 December 2013 07:36 PM

සුභ පැතුම්! (නි)

:       0       0

අබීක Thursday, 12 December 2013 08:44 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නලින් Thursday, 12 December 2013 09:37 PM

මම බෞද්ධ වුවත් මමත් එතුමාගේ අදහස් වලට කැමතියි. මින් පෙර සිට පාප්තුමන්ලාට වඩා ඔහු වෙනස් කෙනෙක්. (නි)

:       0       0

පෙරේරා Thursday, 12 December 2013 09:40 PM

මෙතුමාට වඩා උතුම් පුද්ගලයෙක් ලොවේ නැත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site