X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පාප්තුමන්ගේ ඉවත්වීමෙන් කිතුනු ලොව කැළැඹෙයි

16 වැනි ශුද්ධෝත්තම බෙනඩික් පාප්තුමන් සිය පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම ලෝ පුරා කතෝලික බැතිමතුන් තුළ කම්පනයක් ඇති කිරීමට සමත් වී ඇත.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමන් ඉල්ලා අස්වන බව 16 වැනි බෙනඩික් පාප්තුමන් නිල වශයෙන් නිවේදනය කළේ පෙරේදා (11) ය.
එතුමන් ඉල්ලා අස්වීමට සැරසෙන බව එතුමන්ගේ සමීපතමයන් පවා දැන නොසිටි බව මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව කාගේ හෝ බලපෑමක් මත පාප්තුමන් ඉල්ලා අස්වූයේදැයි සැකයක් බටහිර මාධ්‍ය ඇති කර තිබුණි.
කෙසේ නමුත් 85 හැවිරිදි බෙනඩික් පාප්තුමන් පැහැදිලි කළේ පාප් පදවියේ රැඳී සිටිමින් කටයුතු කිරීමට තරම් කායික ශක්තියක් තමන්ට නැති බවය.
16 වැනි පාප්තුමන් ලෙස එම ධුරයට පත් වූයේ ජර්මන් ජාතික කාඩිනල් පියතුමකුව සිටි ජෝසප් ඇලෝසියස් රැත්සිංගර් ය. එතුමන් 2005 වසරේ දී එම පදවියට තේරී පත් වූයේ ශුද්ධෝත්තම දෙවැනි ජෝන් පාවුල් පාප්තුමන්ගේ අභාවයෙන් පසුවය.
පාප් පදවියට පත් වූ අවස්ථාවේ සිටම එතුමන් කියා සිටියේ තමන් එම පදවියට පත් වේවි යැයි කිසිදා නොසිතූ බවය. ලෝක සාමය සහ ආගමික සමඟිය ඇති කිරීම කෙරෙහි පාප්තුමන් පසුගිය වසර කිහිපයේ කැප වී කටයුතු කිරීමෙන් ලොව සියලූම ආගම්වල පැසැසුමටත් ගෞරවයත් පාත‍්‍ර වූයේය.
එම හේතුව නිසාම එතුමන් ඉල්ලා අස්වීමට ගත් තීරණය රෝමානු කතෝලික පල්ලියට, කි‍්‍රස්තියානි ප‍්‍රජාවට පමණක් නොව මුළු මහත් ලොවටම කම්පනයක් විය.



අදහස් (0)

පාප්තුමන්ගේ ඉවත්වීමෙන් කිතුනු ලොව කැළැඹෙයි

ඩොන් Wednesday, 13 February 2013 10:26 AM

දෙවියන් වහන්සේ එතුමාට ඉල්ලා අස්වෙන්න කිවුවේ නැහැනේ. එතුමාට රෝගී කළෙත් නැහැනේ. ඉතින් කොහොමද මෙය දේව කැමැත්ත වෙන්නේ? (නි)

:       0       0

චූලා Wednesday, 13 February 2013 12:03 PM

ආගම් වාදියනි, ඔන්න ආගමික විශ්වාස වලට මෙතන මරාගන්න ලැහැස්ති වෙනවා එහෙම නෙවේ ඔන්න... (ස)

:       0       0

නීලා Wednesday, 13 February 2013 12:03 PM

දැන් හැමදේම වෙන්නේ කරුමෙන් කියලා ඔප්පු කරල පෙන්නනවද (ස)

:       0       0

සූකිරි Wednesday, 13 February 2013 12:04 PM

දොන්, හැමදේම වෙන්නේ කරුමෙට කියලද බුදුන් වදාළේ? (නි)

:       0       0

පද්මා Wednesday, 13 February 2013 12:31 PM

දැන් එතුමා වයසට ගියේත්, අසනීප උනේත්, ඉල්ලා අස් උනේත්, කරුමෙටලු.... (ස)

:       0       0

උදය Wednesday, 13 February 2013 04:42 PM

ඔව් මේ දේවල් සිදුවී ඇත්තේ කර්මානුරූපවයි. දේව කැමැත්ත නම් තර්කයෙන් අරගන්න අය නරක කෙනෙක් කියලා. එයා නරක කෙනෙක් නොවෙයිනේ...(ස)

:       0       0

චන්න Thursday, 14 February 2013 03:23 AM

බුදුන් වහන්සේ කරුමයක් කියලා දෙයක් ගැන කියලා නැහැ කියලා හොදින් තේරුම්ගන්න. (නි)

:       0       0

රුවන් Thursday, 14 February 2013 08:32 AM

කර්මය යනු නියම ධර්ම 5 න් එකක් පමණි. බුදු දහම නොදන්නේ නම් ඒ ගැන අදහස් දැක්වීමෙන් වළකින්න. (නි)

:       0       0

සුරංග Thursday, 14 February 2013 09:57 AM

කාදිනල් මැල්කම් රංජිත්පියතුමත් මේ අය ඒක්ක හිටියනමි ලාංකිකයන් හැටියට අපිටත් ෙගාඩාක් සතුටු වෙන්න තිබුණා..(ස)

:       0       0

නීලා Thursday, 14 February 2013 02:21 PM

මෙහි අදහස් දක්වා ඇති බෞද්ධයනි, ඔබේ හිතරිදුනා නම් සමාවෙන්න....කිතුණුව්න්ටද ඔවුන්ගේ ආගම විවේචනය කරන විට එසේම හැඟෙන බව හිතන්න......(ස)

:       0       0

වීරසිංහ Thursday, 14 February 2013 02:23 PM

ඔප්පු කරන්න ...(ස)

:       0       0

සූකිරි Thursday, 14 February 2013 02:26 PM

දෙවියන්ගේ කැමැත්ත ඔප්පු කිරීමට බැරි සේම කරුමයත් ඔප්පු කොට පෙන්විය නොහැක. මේවා සියල්ල විශ්වාස වේ. (ස)

:       0       0

ලසන්ත Thursday, 14 February 2013 02:28 PM

ලොව කිතුණු ජනගහණය 36% මුස්ලිම් 24% ආගමක් නොමැති 16% බෞද්ධ 5% (ස)

:       0       0

සුභසිංහ Thursday, 14 February 2013 02:26 PM

කිතුණු ආගම නොදන්නේ නම් ඒ ගැන තර්ක කිරීමෙන් වලකින්න...(ස)

:       0       0

වීරසිංහ Thursday, 14 February 2013 02:45 PM

හිංදු 08% (ස)

:       0       0

පද්මා Thursday, 14 February 2013 02:52 PM

දැන් මෙතන හරි රුවන්ද චන්න ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site