X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


පාප්තුමා යුද කලාපයක සංචාරයේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍ර‍ථම වතාවට යුද කැරළි පවතින ප්‍රදේශයක සංචාරය කරමින් මධ්‍යම අප්‍රිකානු ජනරජයට ගියහ.  එතුමා එහිදී කියා සිටියේ ලබන මාසයේ පැවැත්වෙන ඡන්දයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇති බවයි.

මේ පුවත වාර්තාකරන බිබිසී පුවත් සේවය පවසන්නේ බැංගුයි අගනුවර දී පාප් වහන්සේ මේ ප්‍ර‍ාශය කළ බවයි. සාමය සහ බලාපොරොත්තුවේ පණිවිඩය තමන් ගෙන ආ බවත් පාප් වහන්සේ කියා ඇත. පාප් වහන්සේ මේ සංචාරයේ නිරත වූයේ උගන්ඩාවේ සහ කෙන්යාවේ කරන ලද සංචාරයෙන් අනතුරුවය.

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී පාප් වහන්සේ කියා සිටියේ ‘‘මෙය නුපුරුදු දෙයක් විය හැකියි. දේශපාලන අදහස් දැරීම හෝ ආගමික පාපොච්චාරණයක යෙදීමේ කොටසක් නොවේ. අන් අය භයානක දෙයට පෙළඹවීම වැළැක්විමේ උත්සාහයක් පමණයි.“

මේ ගමනේ දී පාප් වහන්සේ මුස්ලිම් නායකයන් කිහිප දෙනකු හමුවිමට නියමිත අතර මුස්ලිම් පල්ලියකට සංචාරය කිරීමට ද නියමිතය.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංචාරය කිරිම වතිකානුවේ පාප් වහන්සේගේ ආරක්ෂ නිලධාරීන්ට මහත් අභියෝගයක් වී තිබිණි. ආගමික පදනමකින් රට බෙදා වෙන්කර ගැනිමේ මහා සිවිල් යුද්ධයක් පවතින අවස්ථාවක දී අගනුවර හා රටපුරා බෝම්බ හා වෙඩි තැබීම් සිදුවෙද්දි පාප් වහන්සේගේ මේ ගමන සැබෑ අභියෝගයක් ම විය.

මේ සංචාරය අවදානම් සහගත වුව ද මේ රටවල් තුනට පාප් වහන්සේ පැමිණීම සාමය දිනා ගැනීමට මහත් රුකුලක් වනු ඇති බව විචාරකයන්ගේ මතයයි.



අදහස් (0)

පාප්තුමා යුද කලාපයක සංචාරයේ

අමල් Monday, 30 November 2015 10:14 AM

ලොවට සාමය උදා වේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site