වසරේ වැඩි කාලයක් ‘පාවෙමින්‘ ගමන් කිරීමට කැමැති අය සදහාම ගැලපෙන දිය මත ‘පාවෙන‘ නගරයක් ඉදිකිරීමට ඇමරිකා සමාගමක් සැළසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.
මෙම නගරය ඉදිකෙරෙනු ඇත්තේ විසල් නෞකාවක් මතය.‘ස්වාධීනත්වයේ නෞකාව‘ නමින් නම් කළ මෙම නෞකාව මත මහල් 25 කින් යුතු දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත අතර පොළව මත පිහිටන නගරයක දැකගත හැකි අත්විදිය හැකි සියලූ දේ එම ගොඩනැගිල්ලේ ඇති කිරීමට නිර්මාපකයන් සැළසුම් කර ඇත.
කැසිනෝ ශාලා,රෝහල්,නිවාස සංකීර්ණ,අවන්හල් ආදියෙන් සමන්විත වනු ඇති මෙම පාවෙන නගරයේ වහල මත ගුවන් යානා ධාවන පථයක්ද නිර්මාණය කිරීමට අදහසක් ඇත.
පදිංචිකරුවන් නොනැවතී සයුරු තරණයේ යෙදී සිටිනු ඇති අතර වසරේ එක් එක් කාලයන්හිදී ලොව විවිධ නගර ආසන්නයේ ‘ස්වාධීනත්වයේ නෞකාව‘ නැංගුරම් ලා තැබීමට නියමිතය.
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි ‘ෆ්රීඩම් ෂීප් ඉන්ටර්නැෂනල්‘ නම් ඉදිකිරීම් සමාගමක් මෙම විසල් ව්‍යාපෘතිය පසුපස සිටින අතර මේ සදහා වැය වේ යැයි ගණන් බලා ඇති මුදල ඩොලර් කෝටි 1000 කි.
ඉක්මනින්ම ඉදිකිරීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව නිර්මාපකයන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පාවෙන නගරයක් ඇමෙරිකාවේ
කසුන් Saturday, 30 November 2013 01:07 PM
සේරම් මහත්තය ඔයා හිටන විදිය වැරදී. ලංකාව තරම් උතුම් රටක් ටවත් කොහෙවත් නෑ . (අ)
රූපවතී Saturday, 30 November 2013 01:01 AM
අපි ඉන්න හරියෙන් ගමන් කරන දවසට මටත් ගොඩවෙන්න හැකිවෙයි (නි)
ශාන්ති Saturday, 30 November 2013 01:46 AM
ඡායාරූපය නම් හරි ලස්සනයි (නි)
රොහාන් Saturday, 30 November 2013 02:41 AM
ජීවිතය විඳින්නට කැමති හා ජීවිතය එපා වුණු සියල්ලන්ටම පැමිණිය හැක.නව අදහසක්.ඒකාකාරී ජීවිතට විසඳුමක්.මෙයින් ලැබෙන අදායම ලෝක කුසගින්නට විසදුමක් වශයෙන් යොදාගත්තා නම් තවත් අර්ථවත්. (නි)
ක්‍රිස්ටි Saturday, 30 November 2013 03:04 AM
මේක නම් හොදයි (නි)
ප්‍රභාෂ් Saturday, 30 November 2013 03:53 AM
මෙය තැනිය හැකි නගරයක් (නි)
සත්‍යයා Saturday, 30 November 2013 07:47 AM
ඕකට ඔයතරම් කැලඹෙන්න ඕනේ නැහැ. අපේ මිනිස්සු නගර නොවෙයි රටත් පාවෙන්න සලස්වල තියෙන්නේ. අපට හැර කාටද ඔය වැඩේ කරන්න පුළුවන්? (නදී)
තමින්ද Saturday, 30 November 2013 09:59 AM
ඇත්ත වශයෙන්ම මේක හොද නිර්මාණයක් මේ වගේ දේවල් අපි අගයන්න ඕනේ. ඒත් ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න ඕනේ (නදී)
දර්ශන Saturday, 30 November 2013 10:54 AM
නියම අදහසක් කියල වැඩක් නැහැ.(නදී)
චමත් ඉතාලිය Saturday, 30 November 2013 12:47 AM
මටත් හිතෙනවා නෝනා එක්ක පාවෙන්න යන්න (නි)
නලින් Saturday, 30 November 2013 02:57 PM
පාවෙන නගර කෙසේ වෙතත් පාවෙන වෙන විදි නම් තියෙනවා ඕන තරම් අමෙරිකාවෙ.(නදී)
දර්ශන Saturday, 30 November 2013 07:57 PM
අපිටත් කරන්න පුලුවන් නම්... (නි)
දර්ශන Saturday, 30 November 2013 07:57 PM
අපිට කරන්න මුදල් තමයි මදි (නි)
රොහාන් Sunday, 01 December 2013 01:43 AM
අපිටත් මේ ජාතියේ එකක් ඕනෑ වෙයිද? (නි)
ලාල් - කැන්ඩි Monday, 02 December 2013 03:10 AM
ඇත්තෝ කති බොති .(නදී)
සුනිල් Tuesday, 03 December 2013 09:05 AM
ලංකාවේ දේශපාලන හොරු ඉන්නකල් අසරණ මිනිස්සුන්ටත් පාවෙන්න තමයි වෙන්නේ. (නි)
රොහාන් Tuesday, 03 December 2013 09:16 AM
අනේ අපිත් එකක් හදමුකෝ (නි)
අමල් Friday, 06 December 2013 10:56 AM
වැඩේ නම් ලස්සනයි.ඒත් හරියට කරයිද? (ස)
චන්දන Friday, 29 November 2013 04:01 PM
නියම වැඩක්.(නදී)
රසික Friday, 29 November 2013 12:45 PM
මේ සැළසුම අනුව නම් මෙය මේ විදියට නිෂ්පාදනය කළ නොහැකි බවයි මට හිතෙන්නේ. (නි)
මධු Friday, 29 November 2013 01:19 PM
බැරිෙවලාවත් සුනාමියක් අාවොත්? (නි)
ඉෂාර Friday, 29 November 2013 02:36 PM
අපිටත් පුලුවන්. හැබැයි ගිලුන නගරය කියලා නම මාරු කරන්න වෙයි. (නි)
පිටබැද්දර ජයා Friday, 29 November 2013 02:49 PM
සුනාමියක් ආවොත්නම් සොරිම තමයි නේද ? (අ)
දිනිදු Friday, 29 November 2013 03:32 PM
නියම අදහසක්.(නදී)
ශලිනි Friday, 29 November 2013 03:57 PM
සාමාන්‍ය නීතියෙන් පාලනය වනවාට අකමැති අය මේවාට බොහොම කැමැත්තෙන් එක් වේවි.මොකද මෙවැනි කෘත්‍රිම නගරයක ඉන්න අයට ඒ ඒ රටවල නීති බලපාන්නේ නෑ, මොකද රටේ වෙරළෙන් ඔබ්බේ හින්දා.(නදී)
අනූප ලක්ශාන් Friday, 29 November 2013 03:57 PM
ලංකාවේ අපිත් උත්සහ කලොත් බැරි වෙන එකක් නෑ කවුරු කලත් හොද දේ අගයන්න ඕනී. (නදී)
ෂෙරිෆ් Friday, 29 November 2013 03:58 PM
අපේ රටෙත් හවස හයෙන් පස්සේ බහුතර ජනයා පාවෙමින් තමයි ජිවත් වෙන්නේ.(නදී)
රවී Friday, 29 November 2013 11:38 AM
අපිත් උත්සහ කරලා බලමු (නදී)
සේරම් Friday, 29 November 2013 04:32 PM
ඔන්න රටවල් , ඉපදෙන්න පින් කරන්න ඕනා.(නදී)
රිසානා Friday, 29 November 2013 04:45 PM
නියමයි! (නදී)
සුජී - කොරියා Friday, 29 November 2013 04:52 PM
සේරම් දැම්ම චුත වෙන්න ඉක්මනට ඇමෙරිකාවේ ඉපදෙන්න.(නදී)
ඉන්දික Friday, 29 November 2013 06:04 PM
සේරම්, නැවත ඉපදෙනකම් ඉන්න ඕනෑ නැහැ. බෝට්ටුවකට නැගලා යන්න. (නි)
මධු Friday, 29 November 2013 06:25 PM
ඇමරිකාවට ජය! මේ නිර්මාණය කරන්න පුළුවන් (නි)
මදූ Friday, 29 November 2013 06:31 PM
සේරම් ඔබ හරි! (නදී)
සුදත් Friday, 29 November 2013 07:17 PM
ලංකාව ආසියාවේ ආස්චර්‍ය කරන්න නම් මේ වගේ දෙයක් වත් කරන්න වෙයි.(නදී)
රුවන් චින්තක Friday, 29 November 2013 07:21 PM
යන්න හිතෙනවා.(නදී)