වෙසක් පුන් පොහොය සනිටුහන් කරමින් ප්‍රංශයේ ථෙරවාදී සහ මහායාන බෞද්ධ විහාරස්ථානයන්හි විවිධ පින්කම් පැවැත්විණි.
මේ අතර පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පසුගියදා වෙසක් පිංකම ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැනක් දෙමින් විචිත්‍රවත් අන්දමින් පැවැත්වුණු බව විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියෝ කියති.
පැරිස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, යුරෝපිය සහ ආසියා ජාතික බොදු සැදැහැවතුන් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ පිංකමට උදය වරුවේ පිණ්ඩපාත චාරිකාවක් ද ඇතුළත් විය.
සවස්වරුවේ වැඩසටහන ආරම්භ වුයේ විහාරස්ථානය වෙත අලංකාර පෙරහරකින් සධාතුක කරඬුව වැඩම කර වීමෙනි. ප්‍රංශයේ වැඩ බලන ශ්‍රී ලංකා තානාපති ශෝභනී ගුණසේකර මහත්මියගේ මුලිකත්වයෙන් බුදුදහම පිළිබඳව මණ්ඩපයක් ද විය.
මහගම සුනීත හිමියෝ තෙසැත්තා ඤාන පුජාවක් පැවැත්වුහ. ශ්‍රී ලාංකික සැදැහැවතුන් විසින් බොදු බැති ගී වැඩසටහනක් ද ඉදිරිපත් කෙරුණි.
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී මාපලගම ජිනානන්ද , ඔලිඳළුවේ සිරි වීභූති , ශ්‍රී ලංකාවේ සිට වැඩමකළ අමුණුමුල්ලේ ජිනරතන හා පුවක්ගහකොටුවේ ඉන්ද්‍රජෝති හිමිවරු මේ පිංකමට වැඩම කළහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පැරිස් නුවර පිණ්ඩපාත චාරිකා
නන්දලාල් Friday, 22 May 2015 01:15 PM
මෙම වෙසක් පිංකම මෙරටේ සිටින බෞද්ධ ජනතාවගේ පමණක් නොව ප්‍රංශ ජාතිකයන්ගේත් ඇගයීමට ලක්වුණා. මෙය සංවිධානය කළ පින්වතුන්ට ගොඩක් පින් අත්වේවා! ඒ වුණත් කිවයුතු දෙයකුත් තිබෙනවා. බෞද්ධ ධජ එසවීමේදී අනුගමනය කළයුතු විදියක් තිබෙනවා.මීළඟ පින්කමේදී එය නිවැරදි කරගන්න. (නි)