X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26

යුරෝපයේ ප්‍රධානතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්ව ඇති පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26ක් පිරිම නිමිත්තෙන් පරිත්‍රාණ ධර්ම දේශනය ප්‍රමුඛ පින්කම් මාලාව පසුගියදා විහාරාධිපති පරවාහැර චන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.

පැරිස් නුවර ධමම්චක්ක බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමි, ප්‍රංශයේ ජේතවන බෞද්ධ විහාරාධිපති මුරුන්ගස්යායේ ඤාණිස්සර හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික හිමි, ගාල්ල මානම්පිට තල්ගස්වල ශ්‍රී පුණ්‍ය වර්ධනාරාමාධිපති මනම්පිට අමිත හිමි, පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමි, පණ්ඩිත කැන්දවින්නේ රාහුල හිමි, ජිනීවා නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන වාසි හල්විටිගල සුජාත හිමි, ඉතාලියේ බ්‍රේෂියා බෞද්ධ විහාරවාසි  වත්තේගම සිරිනිවාස හිමි සහ බියගම පුණ්‍යවර්ධනාරාම විහාරවාසී කහත්තේවෙල සුගතසිරි හිමි සහභාගී වුහ.

පිංකමට ශ්‍රී ලාංකික, ප්‍රංශ, ලාඕස්, වියට්නාම, කාම්බෝජ සහ චීන ජාතික බෞද්ධ සැදැහැවතුන් බොහෝ දෙනෙක් සහභාගිවුහ. මහා සංඝරත්නය සඳහා ගිලන්පස පුජාව මෙන්ම ගිහි සැදැහැවතුන් සඳහා ආහාර පාන සැපයීමේ දායකත්වය දරන ලද්දේ චන්ද්‍රානි විජේසේකර යුවල විසිනි.

11221447_10205865448088507_7744298153498379666_o[1] 11934549_10205865426807975_7313943644321997551_o[1] 11950168_10205865443328388_9104180319216173982_o[1] 11952894_10205865440648321_8850867323994553567_o[1] 11960086_10205865422607870_4375843419677121638_n[1] edit[1]



අදහස් (0)

පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට වසර 26

රොහාන් දයාදර පැරිස් Thursday, 10 September 2015 08:43 AM

සාදු.සාදු .සාදු ...(අ)

:       0       0

ඉෆ්රාන් Thursday, 10 September 2015 09:04 AM

ලංකාවට ආඩම්බරයි. (අ)

:       0       0

සුජීව ප්‍රංශය Thursday, 10 September 2015 05:17 PM

සාධු සාධු!! තවත් වර්ධනය වේවා!! (නි)

:       0       0

සුනිල් Thursday, 10 September 2015 07:08 PM

සාධු සාධු සාධු!!! (නි)

:       0       0

වනිගසේකර Friday, 11 September 2015 08:27 AM

ගොඩක් පින් ඇති වැඩක් (අ)

:       0       0

බණ්ඩාර Friday, 11 September 2015 11:40 AM

බුදුසරණයි සාදු සාද්... (අ)

:       0       0

නීතා මොරගොඩ Friday, 11 September 2015 06:35 PM

‍බෞද්ධ සාසනය වෙනුවෙන් ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා විසින් මෙවරත් මහත් ඉහලින් 26 වන සංවත්සරය සිහිකරමින් සිදුකරන ලද පිංකම් මාලාව සියැසින් දැක ගැනීමට අන්තර්ජාලය ඔස්සේ මුලු මහත් ලෝකයාටම සලස්වමින් ඔබවහන්සේ කරන ලද පිං මහිමය ආශිර්වාදයක් වී නිදුක් නීරෝගී භාවයත්,දීඝායු සම්පතත් අපගේ ගෞරවනීය පරවාහැර චන්දරතන නා හිමිපාණන්ට හිමි වේවා.තෙරුවන් සරණයි. (නදී)

:       0       0

ඉසුරන්දි රත්නායක Friday, 11 September 2015 06:54 PM

ගෞරවනීය නායක හාමුදුරුවනේ, ඔබවහන්සේ ලොව පුරා බුදුදහම පතුරවමින් කරන්නා වු මෙහෙවර විශිෂ්ටයි. මෙවැනි පින්කම් තුළින් ඉදිරියටත් ලෝකයා දැනුවත් කිරීමට ඔබවහන්සේට දිරිය,ශක්තිය ලැබේවා! ඔබවහන්සේ කරන මේ පින්කම් වල ආනුභාවයෙන් ඔබවහන්සේ හට නිදුක් නිරෝගිභාවයත් දීර්ඝායුෂත් ලැබේවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site