X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


පැරීසිය ලක් රෝගීන්ගේ පිහිටට

ප‍්‍රංශයේ ප‍්‍රංශ ලංකා සුබ සාධක සංවිධානය පැවැත්වූ කඩවසම් තරුණයා තේරීමේ තරගයේ ප‍්‍රධාන අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ පිළිකා හා වකුගඩු රෝගීන්ට හැකි පමණින් උපකාර කිරීමයි. එම කටයුතු ඉතාමත් ඉහළින් පසුගියදා ශ්‍රී ලංකාවේදි සිදු විය.

ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ වකුගඩු රෝගීන් හට පිරිසිදු ජලය, අවශ්‍යය උපකරණ ලබා දීමට කටයුතු කරන ප‍්‍රංශයේ ශ්‍රී ලාංකිකයන් අයත් සංවිධානය මහරගම, මහනුවර, යාපනයේ පිහිටි පිළිකා රෝහල්වලට අත්‍යාවශ්‍යවූ බෙහෙත් ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණද, ඇඳන් 10ක්ද පරිත්‍යාග කළේය.

‘පිළිකා රෝගය විශාල ලෙස පැතිරී යනවා. ලංකාවේ පිලිකා බෙහෙත් මිල අධිකයි. එවිට රෝගීන් අසරණ වෙනවා. මෙහෙම ගියොත් මුළු රටම රෝහලක් වේවි. එවැනි තත්වයකදී ඔබලාගේ අධාර උපකාර අපේ රටට ගොඩක් වටිනවා. ඒ වගේම මෙයට සහායවූ සියලූ දෙනාටම ස්තුතිය පුද කරනවා‘.

මැදවච්චිය මෛත‍්‍රිපාල සේනානායක කණිෂ්ඨ විදුහලේ 1200ක් පමණ දරුවන් වෙනුවෙන් ජල පෙරන යන්ත‍්‍රයක්ද, මැදවච්චිය යුද හමුදා කාන්තා බලකායට ජල පෙරන යන්ත‍්‍රයක්ද, කොතලාවල ආරක්ෂක පීඨයට ඉංග‍්‍රීසි පොත් තොගයක්ද ඔවුහු පරිත්‍යාග කළහ.

‘වකුගඩු රෝගයට ගොදුරු වන ජනයාද ඉතා සීඝ‍්‍ර ලෙස ඉහළ යමින් තිබේ. විශේෂයෙන් වකුගඩු රෝගයෙන් අනාගත දරු පරපුර බේරා ගැනීමට නම් පිරිසිදු ජලය එම පළාත් වලට ලබා දිය යුතුය. යුද්ධයේදීද දැඩි පීඩනයකට පත් උතුරු නැගෙනහිර ජනතාවට පිරිසිදු ජලය නොලැබුනොත් මෙම ප‍්‍රදේශ ජන ශූන්‍ය බවට පත්වීම නොවැළැක්විය හැකිය. එබැවින් හැකි පමණින් උදව් කිරීම අපේ යුතු කමකි. මෙම සියලූ ව්‍යාපෘතීන්ට ලක්ෂ 22ක් පමණ වැය වුණා‘

මේ සඳහා පැරීසියේ බොහෝ ධානපතියන් උපකාර කළා. ඔවුන්ටත් මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උදව් උපාකාර කල සියලූ දෙනාටමත් ලංකාදීප පුවත් පතටත් ස්තුති වන්ත වෙන අතරම ඉදිරියේදිත් එම සහයෝගය බලාපොරොත්තු වන බව ප‍්‍රංශ ලංකා සුබ සාධක සංවිධානය වෙනුවෙන් එහි සභාපති සනත් මුතුනමගොන්නගේ මහතා පැවැසීය.

sunil_20151019___-___-____ sunil_20151019___-__2_-____ sunil_20151019___-_3_-____ sunil_20151019___-_4_-____ sunil_20151019___-5_-____ sunil_20151019___-6_-____ sunil_20151019___-7_-____ sunil_20151019___-8_-____ sunil_20151019___-9-____



අදහස් (0)

පැරීසිය ලක් රෝගීන්ගේ පිහිටට

සම්පත් දර්මසිරි Tuesday, 20 October 2015 10:32 AM

දැන් උදාවල් වෙනස් වෙලා .අලුත් නම සඳු උදාව කියල වෙනස් වෙලා .ඒක නිසා ඒ අය වැඩ කරන්නේ රාත්‍රියට පමණයි .එයාලා රැ වැඩ . ඇයි ? හඳ පායන්නේ රැටනේ .(ම)

:       0       0

ජයා Thursday, 22 October 2015 06:46 AM

සුනිල් ඔබ තුමා හරියටම හරි මිගමු සමතිය කාඩාගෙන ඇවිත් හදපු සංගමය තමයි මේ ..!! (අ)

:       0       0

සුනිල් Wednesday, 21 October 2015 10:02 PM

පරණ සමිතිවල අපිත් හිටියා සමහරු එය විනාශ කර දැම්මා. සමිතියත් කඩාගෙන ගිහින් පිහිටුවපු එකතමයි (අ)

:       0       0

පතිරගේ Wednesday, 21 October 2015 09:17 PM

රංජිත්, ඇත්තටම මේ පිංතුර වල මම අඳුනන්නේ රොෂාන් පමණයි. එහෙත් මෙවැනි අගනා කටයුතු වල යෙදෙන්නේ සත් ගුණවත් අය බව කවුරැත් දන්නා දෙයක්. (අ)

:       0       0

ට්‍රයිකෝ රන්ජිත් Wednesday, 21 October 2015 07:13 PM

කවුරු හෝ රටට දැයට වැඩක් කරනවා නම් වටිනවා (නි)

:       0       0

රන්ජිත් Wednesday, 21 October 2015 06:10 PM

පතිරගේ ඇයි රෝෂාන් විතරක් හොඳ ඒතැන ඉන්න ඔක්කොම හොද අය ..(රේ)

:       0       0

සිරිසෙන් Wednesday, 21 October 2015 05:24 PM

පතිරගේ ඔබ හරි රොෂාන් ඉතා හොඳයි ගුණයි ඒත් . ඒයාගේ මල්ලි ඉතා .ඉතා .ඉතා හොදයි හරිම ගුණයි දන්නෝ දනිති ..

:       0       0

ජගත් Wednesday, 21 October 2015 05:16 PM

පින් කරන උදවිය සද්ද නොකරයි සද්ද කරන උදවිය පිං නොකරයි..(රේ)

:       0       0

කරුණාපාල Wednesday, 21 October 2015 03:00 PM

අපේ කට්ටිය ලෝකයේ කොහේ හිටියත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය නම් නියමෙටම පිළිපදින බව ඉහත සඳහන් අදහස් වලින්ම පේනවා. හැබැයි, කඹ ඇදීම හා කොට්ටපොර වලට පමණක් මුල්තැන නොදී, මෙවැනි ජාතික මෙහෙවරක් කිරීම ගැන මම නම් සංවිධාන මණ්ඩලයට ස්තුති කරනවා. කටින් බතල හිටවන මේවගේ වැඩ ඉස්සරහට දමලා විරයින්වෙලා ගානක් කඩාගන්න බැරිඋන කට්ටියට නම් විශාල කණගාටුවක් දැනිලා වගෙයි.(රේ)

:       0       0

පතිරගේ. Wednesday, 21 October 2015 11:15 AM

පින්තූරයේ සිටින රොෂාන් ඉතා හොඳ ගුණ යහපත් කෙනෙක්. අපි පැමිණි කාලයේ බොහොම උදව් කළ බව කිව යුතුයිි (රේ්)

:       0       0

සිරිල් Wednesday, 21 October 2015 07:28 AM

රන්ජිත් ඔය වහපු කඩේ වහල ම දාන්න ලියන්න කෝ .!! (අ)

:       0       0

ජගත් Wednesday, 21 October 2015 07:23 AM

සමන් ඇත්තට පැරිස් වල වහපු සමිති වල අය මොකද මේ කලබල .,,? (බ)

:       0       0

ඩෙස්මන් Tuesday, 20 October 2015 11:46 PM

මේවා හොඳ වැඩ (නි)

:       0       0

නුවන් Tuesday, 20 October 2015 05:34 PM

කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)

:       0       0

අජිත් Monday, 19 October 2015 10:06 AM

දනට සුභ සාධකය පමණයි පැරීසියේ ප්‍රයෝජනවත් වැඩක් කරන එකම සංවිධානය . අනෙක්ව කතා පමණයි .(ම)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 09:21 AM

රන්ජිත් අර එක එක උදාවල් දැන් කෝ .? (බ)

:       0       0

සමන් Tuesday, 20 October 2015 08:43 AM

රන්ජිත් ඔයා හරි වහපු සමති වල අයත් බොරුවට දගලන යුගයක් මේ ..(රේ)

:       0       0

කරු Tuesday, 20 October 2015 08:10 AM

මේවා හොද වැඩ අපි උදව් කරමු (රේ )

:       0       0

කමල් Tuesday, 20 October 2015 08:05 AM

රංජිත් ඔයාගේ අදහසට මම ඒකගයි. (ර)

:       0       0

ධර්මසිරි Tuesday, 20 October 2015 07:58 AM

අජිත්, ඔයලටත් පැරිස් වල පරණ සමිතියක් තිබ්බා නේද කෝ දැන් ඒක. (ර)

:       0       0

කුරේ Tuesday, 20 October 2015 07:53 AM

රන්ජිත්, ඔයා හරි. මමත් එකඟයි (නි)

:       0       0

සනත් Tuesday, 20 October 2015 07:44 AM

අජිත්, දැන් මේවා දකින විට සමහරු පුපුරනවා ඒකට අපි මොනා කරන්නද .? (ර)

:       0       0

රන්ජිත් Tuesday, 20 October 2015 07:35 AM

රවී. ඔයා හරි පැරිස් වල වැරදීල හරි පදුරකට පය වදුනොති සභපති වරු විසිවන ගණන ගණන් කල නොහැක ..? (රේ)

:       0       0

නදීකා Tuesday, 20 October 2015 07:28 AM

යහපත් අරමුණක් (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 20 October 2015 07:20 AM

නිමල් දන්ත .හිරු .සදු .තරු .පායපු සමිති වැහි වැහැල සමිති ගොඩක් පැරිස් වල ඇත ශ්‍රී ලංකා වට නම් කිසිම පලක් නැත (බ)

:       0       0

රවී Tuesday, 20 October 2015 07:10 AM

අජිත් ඔයගේ කතාව ඇත්ත පැරිස් වල සමිති අඩියෙන් අඩිය අනේමන්ද . ??? (රේ)

:       0       0

නිමල් දන්තනාරායන Monday, 19 October 2015 10:43 AM

හිරු පායපු, ආධුනික ගී, ඇම්බියුලන්ස්, අවමංගල්‍ය සමිති ගොඩක් පැරීසියේ තිබුණා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site