වෙනත් ග‍්‍රහලෝකයන්ගේ ජීවය පවතීදැයි සොයාගැනීමට පිටසක්වල ජීවය සොයන්නන්ගේ විශේෂ කණ්ඩායමක් පත් කිරීමට ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) පියවර ගෙන තිබේ.
ලෝකයේ ප‍්‍රකට විශ්ව විද්‍යාල 10 ක මහාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර ඔවුන්ට අමතරව පිටසක්වල ජීවය ගැන උනන්දු කවරෙකුට හෝ මහාචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු වලට සහය විය හැකි බව නාසා ආයතනය සඳහන් කර ඇත.
මේ සදහා වෙනම වෙබ් අඩවියක්ද පිහිටුවා තිබෙන අතර එයට පිවිස තමන් අන්තර්ජාලයේ සරන අවස්ථාවල හමුවූ අලූත් තොරතුරු සම්බන්ධයෙන් හෝ නාසා ආයතනය අන්තර්ජාලයට එක්කරන අභ්‍යාවකාශයේ ඡායාරූපයන් නිරීක්ෂණය කර නාසා විද්‍යාඥයින්ට අතපසුවූ යමක් සොයාගැනීමට සමත්වුවහොත් හෝ එවන් කරුණු පිළිඹඳව මහාචාර්යවරුන්ගේ කණ්ඩායම දැනුම්වත් කිරීමට කෙනෙකුට හැකිය.
නාසා ආයතනය පවසන ආකාරයට මීට වසර 6 කට ඉහතදී කෙප්ලර් අභ්‍යාවකාශ දුරේක්ෂය කක්ෂගත කළ දිනයේ සිට මේ දක්වා එය ආධාරයෙන් සොයාගෙන තිබෙන ජීවය ඇති බවට සැකකෙරෙන ග‍්‍රහලෝක සංඛ්‍යාව දහසකට අධිකය.
මෙම ග‍්‍රහලෝක අතුරින් එකක හෝ ජීවය පැවතීමට සුදුසු පරිසරයක් ඇතැයි එම ආයතනයේ විශ්වාසයයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිටසක්වල ජීවීන් සොයන්න ඇරියුම්
දුමින්ද Friday, 24 April 2015 07:21 AM
විශ්වයේ අවබෝධ කරගතයුතු ගෝචර සියල්ල ඇත්තේ අප තුළ මිස අභ්‍යවකාශයේ නොවේ (නි)
කනිෂ්ක Friday, 24 April 2015 07:40 AM
බුද්ද දේශනාව, බුද්ධ දර්ශනය මේ සියල්ලට පිළිතුරු සොයා අවසන්.. (ර)
ජෝන් Friday, 24 April 2015 11:36 AM
බුද්ධ දේශනාවේ පරිදි ක්‍රියා කළහොත් මෙයට පිළිතුරු ලැබෙයි. තව ශත වර්ෂ ගණනක් ගියත් තාක්ෂණය මගින් එය කල නොහැකිය. දිබ්බචක්කු ඥානය පහළකර ගැනීම තුලින් විශ්වය කැඩපතක් සේ නැරඹිය හැකිය. (ස)
ජයාත් Saturday, 25 April 2015 01:10 AM
දැන් අලුතෙන් කට්ටියක් ඉන්නවා බුද්ඩ දර්ශනය උඩින් පල්ලෙන් අතගාලා මොකක් හරි සූත්‍රයක හරි පොතක හරි නමක් දාලා විද්‍යාවේ හැමඑකම බෞද්ධ දර්ශනයෙන් බලන්න හදනවා.මේක බංකොලොත්බවේ ලක්ෂණයක්. බුදු දහම එකක්. විද්‍යාව තව එකක්. (නි)
අනිල් Saturday, 25 April 2015 05:58 AM
ජයාත් ඔයා බෞද්ධයෙක්ද? ඔයාගේ නියම නම "ජමාල් මොහොමඩ් " ද? ඔයාගේ කමෙන්ට් එක දැක්කම මෙහෙම අහපු එක වැරදි නැහැ කියල හිතෙනවා. (ස)
විමලසිරි Saturday, 25 April 2015 07:10 AM
ජයත් ඔබ නිවැරදියි. අනිල් මහත්තයෝ දේශපාලනයට විද්‍යාවට හැමදේටම ජාතියයි අාගමයි පටලවගන්න එපා. ඕක ගෝත්‍රිරික ලක්ෂණයක්. (ස)
ෂේ Saturday, 25 April 2015 07:11 AM
රඟනවා විතරයි.... වැඩ නෑ... (ස)
මැගී Saturday, 25 April 2015 10:24 AM
අපේ දේශපාලකතුමාලාව ඔය වැඩේට යැව්වනම් ජනතාවට දෙයියනේ කියල සැනසීමේ ඉන්න තිබුණා. (ස)
ධනුක Saturday, 25 April 2015 11:08 AM
බුදුදහම100% විද්‍යාත්මකයි. බුද්ධ දේශනාවන් හොඳින් කියවන්න. (ස)
බවන්ත යශොද් Saturday, 25 April 2015 02:57 PM
ලංකවට මේව අලුත්. එ්ත් අමෙරිකාව වගේ රටකට මේක ගොඩක් හොඳ දෙයක් වෙවි. මෙ හැම දෙයක්ම අනාගත තාක්ෂණයට ගොඩාක් හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. (ස)
ජේමිස් Saturday, 25 April 2015 04:14 PM
බුදු දහමත් එක්ක ලංකාවත් විද්‍යාවත් එක්ක ඇමරිකාවත් ඉන්නේ කොහෙද කියල මෙතන අදහස් දාන සමහරු හොයල බැලුවොත් හොඳයි. වයසට ගියාම ගගහ යන්න කෙවිටක්වත් හදන්නේ නැති, අතුරුදන් වූවන් හොයන සංවිදාන වැඩියෙන්ම තියෙන, කරන කරන හැම දෙයක්ම බුදු දහමට විරුද්ධ රට ගැන තවත් කියවන්න එපා. ඒක බුදු හාමදුරුවන්ට කරන අපහාසයක්. (ස)
තිලක් Sunday, 26 April 2015 01:08 PM
අන්තර්ජාලයේ හුඟක් වෙබ් අඩවි වල තියෙනවා පිටසක්වල ජීවීන් අමෙරිකාවත් සමග දැනටමත් සම්බන්ධකම් පවත්වන බවත් අමෙරිකාව එය ලෝකයෙන් වසන් කරන බවත්. නියම ඇත්ත මොකක්ද? (බ)
සම්පත් Sunday, 26 April 2015 04:28 PM
බුද්ධාගම අදහන එක වෙන එකක්. බෞද්ධ දර්ශනය කියන්නේ ඉතාමත් විද්‍යාත්මක පසුබිමක් තියෙන දර්ශනයක්. (දිල්)
ජයත් Monday, 27 April 2015 01:38 AM
අනිල් මහත්තයෝ මමත් උපතින් හොඳ සිංහල බොදු මනුස්සයෙක් නමුත් මම හැම ආගමකම තියන මිත්‍යාවල් වලට එකහෙලාම විරුද්දයි ආගම තියෙන්න ඕන මිනිස්සු හදන්න මිසක් මිනිස්සු අතරේ ප්‍රශ්න හදන්න නෙමෙයි. ඒ වගේම විද්‍යාත්මක දේවල් මොනම ආගමකින් වත් පැහැදිලි කරන්න බැහැ එහෙම කරන්න හදන අය කරන්නේ අනුන් රැවටීමක් (නදී)
හසිත අනුහස් Monday, 27 April 2015 03:27 AM
අනිල් ඔයා හරියටම හරි (දිල්)
සම්පත් Saturday, 02 May 2015 12:30 AM
මේ දේවල් ඒරියා 51න් අසා දැනගන්න බැරිද? ඔවුන් පිටසක්වළ ජීවීන් සමඟ සම්බන්ධ බව හැමෝම දන්නවා (නි)