කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි.
නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි.
පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි.
ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත.
ගෝලයේ විශේෂත්වය එය පිටසක්වල සිට පැමිණ ඇතැයි සඳහන්වීම පමණක් නොවේ.එහි කිසියම් ජීවී විශේෂයකට අයත් යැයි සැකකෙරෙන ජෛවීය කොටස්ද තැවරී තිබෙන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙන අතර ඒ පිළිඹද වැඩි යමත් මේ දක්වා අනාවරණයව නොමැත.
ආචාර්ය මිල්ටන් පවසන ආකාරයට මෙය පිටසක්වල සිටි පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට යැයි ඉදිරිපත්ව තිබෙන මතය සනාථ කරන්නකි.
පැන්සිපර්මියා නම් වන මෙම මතයෙන් පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට බව විශ්වාස කෙරේ.
බකිංහැම්ෂර් විශ්වවිද්‍යාලයේ සේවය කරන ශී‍්‍ර ලංකා ජාතික මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහද මෙම මතය පිළිගන්නෙකි.පිටසක්වල සිට පැමිණ ඇතැයි කියන මේ ලෝහ බෝලය ගැන තමන්ද මේ දිනවල අවධානයෙන් සිටින බව ඔහු කියයි.
ගෝලය ගැන තවත් පර්යේෂණ සිදුවිය යුතු වුවත් පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට යැයි තහවුරු කෙරෙන සාක්ෂි දැනට පමණටත් වඩා ලැබී තිබෙන බව ඔහුගේ අදහසයි.
පසුගිය සමයේ ශී‍්‍රලංකාවට කඩාවැටුණු උල්කාෂ්ම කොටසක තිබී ක්ෂුද්‍ර ජීවී පොසිලයන් සොයාගත හැකිවූ බව පවසා සිටියේද මහාචාර්ය වික‍්‍රමසිහයන්ය.
කෙසේ වුවත් පැන්සිපර්මියා සංසිද්ධියට විද්‍යාලොව අනෙක් විද්‍යාඥයින් අතර වැඩි පිළිගැනීමක් නැත.පෘථිවි වායුගෝලයේ කර්කෂ තත්ත්වයන් යටතේ ජීවත්වන බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් සිටින බවත් එනිසා පෘථිවියට වැටෙන ආකාශ වස්තූන් වල එම ජීවීන් තැන්පත්වීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ඇතැම් විද්‍යාඥයින් අවසානයේ වැරදි නිගමන වලට එළැඹෙන බවත් ඔවුන් කියයි.
මෙම ගෝලය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුකර තිබෙන ඔවුන් පවසන්නේ මෙය පෘථිවියේ සිටම ඉහළ වායුගෝලයට එක්වූවාක් ලෙස සැළකීමේ හැකියාවක්ද තිබෙන බවයි.
ඉදිරි පරීක්ෂණ කටයුතු වලින් වැඩිදුර තොරතුරු හෙළිවූ පසු කවුරුන් නිවැරදිදැයි කවුරුන් වැරදිදැයි දැනගැනීමට හැකිවනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිටසක්වල වස්තුවක් සොයාගනී
සොපියා Tuesday, 17 February 2015 10:23 AM
මේවත් හරියට අපේ රටේ වංචා දුෂණ හොයනවා වගේ තමයි ලොකුවට කියවනවා. පස්සේ ඇති දෙයක් නැහැ කියනවා (නදී)
දොන් Tuesday, 17 February 2015 11:58 AM
පිට සක්වලින් මෙලොවට ජීවීන් පැමිණීම ඇත්ත බව ඔප්පු වුණත්, බටහිර විද්‍යාඥයෝ එය එළිපිට කිසිදා පිලිනොගනු ඇත. (අ)
නිමල් Tuesday, 17 February 2015 02:46 PM
ගවේෂණයට හොඳ මාතෘකාවකි. දැනුම සොයන්නෝ මෙවැනි දේ හරහා ඉදිරියට යා යුතුය. (නි)
රූබට් Wednesday, 18 February 2015 07:43 AM
විශ්විමතයි (අ)
සසිරු Wednesday, 18 February 2015 01:21 PM
මේවා විශ්වාස කරලත් බැහැ. නොකරත් බැහැ (නි)
අප්පුහාමි Wednesday, 18 February 2015 03:02 PM
මේක චන්ද්‍රිකාවකින් කැඩීගිය කොටසක් වෙන්න බැරිද? (නි)
ඩොනල්ඩ් Wednesday, 18 February 2015 07:06 PM
මම විශ්වය ගැන වගේම ලෝකය අභ්‍යන්තරය ගැනත් නිතරම හිතන හා අමුතු සංවේදීතාවයක් ඇති කෙනෙක්.නමුත් මට හිතෙන දේවල් මම කා සමඟවත් කතා කරන්නේ නැහැ. ඒ මට ගැළපෙන කෙනෙක් නැතිනිසා.කොහොමහරි මට සතුටුයි, මම මෙතෙක් හිතපු දේවල් ඇත්ත වෙනවා වගේ දැනෙනවා. (නි)
හිරු Wednesday, 18 February 2015 08:18 PM
චන්ද්‍ර වික්‍රමසිංහ මහත්තයගෙ සරසවියෙම විද්‍යාඥයෙක්ද? එතුමගේ ලෙඩේ බෝවෙලා ද කොහෙද. ගොමගොඩක් පෙන්නලා කියයි පිටසක්වලින් අාවේ කියලා.(අ)