X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


පියයුරු පිළිකාවටත් කහකුඩු

පිළිකා සෛල වර්ධනය සීමා කිරීමේ හැකියාව කහ කුඩු වලට ඇතැයි ඇමරිකාවේ ලූයිස්විල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

පිළිකා සෛල ආසාදනයව සිටි මීයන් ඔවුන් තම පර්යේෂණයන් සදහා භාවිතා කර තිබේ.

කහ කුඩු විවිධ මාත‍්‍රා වලින් එම සතුනට ලබා දී ඇත.ඔවුන් මාස 4 ක් පුරා ඔවුන්ගේ සිරුරු වල පිළිකා සෛල වර්ධනය කෙසේ වන්නේදැයි නිරීක්ෂණය කර ඇත.

කහ කුඩු ලබාදීමත් සමග පිළිකා සෛල වල වර්ධනය සීමා වූ බව නිරීක්ෂණය කිරීමට හැකිවූයේ යැයි පර්යේෂක පිරිස පවසති.

ඔවුන් පවසන ආකාරයට කහ කුඩු පිළිකා සෛල වර්ධය පාලනය කරන රහස ඇත්තේ වෙනතැනකය.පිළිකා සෛල වර්ධනයට හේතු වන හෝමෝන නිපදවීම කහ කුඩු වලින් සීමා කරනු ලැබීම නිසා මෙසේ පිළිකා සෛල වර්ධනය සීමා වන්නේයැයි ඔවහු කියති.

කහ කුඩු වල පිළිකා  සෛල නැසීමේ ගුණයක් ඇතැයි බොහෝ පර්යේෂණයන් වලින් හෙළිවී ඇති කරුණකි.එසේ වන්නේ යැයි කියා කහ කුඩු බදුන් පුරා අනුභව කිරීම හෝ ආහාර වලට ඉහළින්ම යොදා අනුභව කිරීම හෝ ඵලදායී නොවන බව පර්යේෂකයෝ කියති.කහ කුඩු ආහාර ජීර්ණ කි‍්‍රයාවලියේදී ඉක්මනින්ම බිද වැටෙන බැවින් සිරුරට අවශෝෂණය වන්නේ සුළු ප‍්‍රමාණයකින් වීම මීට හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.

මෙනිසා මෙම පර්යේෂක පිරිස රුධිර නාල වලට සෘජුව ඇතුළු කළ හැකි කැප්සියුලයන්ට කහ කුඩු වල අන්තර්ගත රසායනයන් යොදා ගෙන භාවිතයට ගෙන තිබේ.මෙමගින් අදාළ සංයෝගයන් ක්ෂණිකයෙන් රුධිරයට අවශෝෂණය වන අතර තම පර්යේෂණයේ සාර්ථකත්වයට හේතුව වූයේත් එයම යැයි ඔවුහු පවසති.

මිනිසුන්ට මෙය කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඔවුන්ගේ මීළග අරමුණයි.විශේෂයෙන් පියයුරු පිළිකා වැනි තත්ත්වයන් පාලනය කිරීම සදහා කහ කුඩු භාවිතා කළ හැකිවනු ඇතැයි ඔවුහු කියති.



අදහස් (0)

පියයුරු පිළිකාවටත් කහකුඩු

නුවන් Thursday, 13 February 2014 12:59 PM

අනාදිමත් කාලෙක ඉදන් අපේ මුතුන් මිත්තෝ ඕවා කෑවේ තියෙන ගුණය නිසා තමා.(නදී)

:       0       0

කුමාරණ Thursday, 13 February 2014 03:01 PM

පිළිකාව හැදුනම වෙදකම් කරනවාට වඩා පිළිකා අවදානමෙන් ගැලවීමට උත්සාහ කල යුතුයි. අපී ආහාරයට ගන්න කහ ප්‍රමාණය හොඳටම ඇති. කුඩා ප්‍රමාණයක් රුදිරයට අවශෝෂණය කර ගත්තත් එය එති තිබෙන අවදානමෙන් ගැලවෙන්න ඇති. අපේ පැරණි ආහාර රටාව බොහෝ ආරක්‍ෂිතයි. (නදී)

:       0       0

දිනේෂ් Thursday, 13 February 2014 10:50 PM

මෙම නෙව්ස් එක අපිට අලුත්දෙයක් නෙවෙඉ.ලංකාවේ ඉන්න ඉසිවර වෙදදුරන් මෙම ඖෂද අනාදිමත් කාලයක සිට භාවිත කරනවා.බලන්ගොඩ ඉන්න පිලික සුවකරන වෙද හාමිනේ කෙනෙක් බොහොම කලක සිට කහත්,පොලොස්ගටත්,පොල්කිරිත් භාවිත කරනවා.එම වෙදැදුරු තුමියට ධීර්ග ආයුෂ පතන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. පිටරටින් කප්සුලයක ආවොත් අපෙමිනිසුන්ට හරි ලොකුඉ.අපගේ ඉපැරණි ඖෂධ ගුණ තිබෙන ආහාර ගන්න පුරුදුවෙන්න.නැවතත් අපිට අපගේ දේවල් ගැන හිතන්න කාලය ඇවිත් තිබෙන්නේ.ඔබසැමට නිරූගි සුව පතමි. (දී)

:       0       0

ලලිත් Thursday, 13 February 2014 11:47 PM

ඕක අපි දැනගෙන ගොඩාක් කල්, දේශීය ආයුර්වේදයේ ඕක තියෙනවා (දී)

:       0       0

චමිත් Thursday, 13 February 2014 11:48 PM

ලංකාවේ කහ කුඩු වලට හොද කාලයක් එන්නයි යන්නේ (දී)

:       0       0

ශාන් Friday, 14 February 2014 02:03 AM

කහ පාවිච්චි කරලා එක පිලිකා වර්ගයකට බෙහෙතක් හදල කියල ගොඩක් කාලෙකට ඉස්සර ආරංචි වුනා. කහ කුඩුවල ගොඩක් බලවත් විෂ බීජ නාශක හැකියාවක් තියන බව බටහිර අය දැන් දන්නවා. අනික ලෝකයේ විවිද රටවල විවිද රෝග පැතිරෙන ආකාරය නිරීක්ෂණය කරලා ඒ රටවල කෑම බීම පරිසරය නිරීක්ෂණය කරලා තමයි මේ ගැන ඒගොල්ලෝ හොයාගන්නේ. ඊටපස්සේ බෙහෙත් හදල වැඩි මිලගණන් වලට විකුණන අතරම ලෙඩ නැති රටවල ලෙඩ ඇතිවන විදිහට පරිසරය වෙනස් කරන්නත් මේ අය උත්සහ කරනවා.(නදී)

:       0       0

ඇත්ත Friday, 14 February 2014 04:29 AM

කහ කුඩු කොච්චර හොඳ උනත් කෑමට ගන්න කලින් ඒවා පිරිසිදු කහ කුඩුමද කියල සැක හැර දැනගන්න ඕන​.අද වෙලඳපොලේ තියෙන කහකුඩුවලට කූඨ වෙලෙන්දො සිවුරු පඬු පොවන්න ගන්නා සායම් වර්ග පවා කලවම් කරන බව මෑතකදී සොයාගෙන තිබුන​.එහෙම දෙයක් ආහාරයට ගත්තොත් මලාට පස්සෙත් පිලිකා හැදෙන්න බැරි නැහැ... (දී)

:       0       0

නැනි Friday, 14 February 2014 08:28 AM

කහ කුඩු බඩට ගියහම ඇඟට උරා ගන්න ප්‍රමාණය ඉතා අල්ප බව අපේ පැරණි අය දන්නා හින්ද තමයි අමු කහ අඹරල ඇඟේ ගාන්න අපේ අය පුරදු වෙලා හිටියේ. ඕව අපිට අලුත් ආරංචි නොවෙයි. (දී)

:       0       0

නැනි Friday, 14 February 2014 08:42 AM

කලින් මට අමතක උන දෙයක් මේක . ඔය හදන්නේ අපේ අමුකහ උන් තුට්ටුවට දෙකට අරගෙන කැප්සුල් කරලා අපිටම විකුනන්න ! ඔය පිටරට කපටි ප්‍රචාරයන්ට අහු වෙන්න එපා. වතාවක් ඇමෙරිකාවේ රටකජු වගාවෙන් මහා අතිරික්තයක් වෙලා තියෙන කොට රටකජුවල කොලොස්ටෝරෝල් නැතිය ,රටකජු හර්දයාබාද වලට හානි වෙන්නේ නැතිය කියල ලෝකේ ලොකුම පුවත් පතක මුල් පිටුවේ පල වෙලා තිබුන. මේ අයට ගිය ලෝකෙක මලේ අපිට ජීවත්වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. "අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් " (දී)

:       0       0

බංඩාර Friday, 14 February 2014 08:57 PM

හොද තත්වයේ ඇති කහකුඩු මිරිස් තුනපහ ගන්න වාසනාව තියෙනවා නම් ඇත්තටම නිරෝගි සම්පන්න ජීවිතයක් ලගා කර ගැනීම සුළු දෙයකි.(නදී)

:       0       0

සමන්ති Saturday, 15 February 2014 03:53 AM

ලංකාවේ කහකුඩුවල බොහෝවිට තියෙන්නේ , පාන්කුඩු සමග කලවම්කල ඩයි වර්ගයකි.(නදී)

:       0       0

ජානි Saturday, 15 February 2014 08:25 AM

කහ වවන්න ක්‍රම හදලා හැම ගෙදරකම අපේ රටේ පැරණි කහ වර්ග වවන්න පටන් ගන්න. විකුණන පැකට් වල තියෙන විස නිසායි පිළිකා හැදෙන්නේ.(නදී)

:       0       0

සුකිරි Saturday, 15 February 2014 12:56 PM

කහ කුඩු වෙනුවට අපේ රටේ ලොකු මහත් හොරු ගෙන්නන්නේ සුදු කුඩු ? (නදී)

:       0       0

අසෝකා Sunday, 16 February 2014 12:05 AM

මේ දාල තියෙන ප්‍රතිචාර දැක්කම හරිම සතුටු හිතුනා. අපේ කහ විතරක් නෙමෙයි තුනපහ කුඩුත් නොයෙක් රෝගාබාධ වලට ගුණයි. මට මාර්ටිනික් කියන රටේදී අවුරුදු 89ක කාන්තාවක් හමුවුනා. ඇයගේ ඇස් පෙනීම හොදටම දුර්වල වෙලා තිබුනලු. මොකුත් වැඩක් කරගන්න බැරි විදියට ඉතින් ඊට පස්සේ කවුද කිව්වා කියල මාසයක් විතර අමුකහ මිරිකලා බිව්වලු. දැන් හොදට ඇස් පේනවා පොලට ගිහින් බඩුත් විකුනනවා. එහෙ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අමුකහ.(නදී)

:       0       0

අසෝකා Sunday, 16 February 2014 12:05 AM

මේ දාල තියෙන ප්‍රතිචාර දැක්කම හරිම සතුටු හිතුන. අපේ කහ විතරක් නෙමෙයි තුනපහ කුඩුත් නොයෙක් රෝගාබාධ වලට ගුණයි. මට මාර්ටිනික් කියන රටේදී අවුරුදු 89ක කාන්තාවක් හමුවුනා. ඇයගේ ඇස් පෙනීම හොදටම දුර්වල වෙලා තිබුනලු. මොකුත් වැඩක් කරගන්න බැරි විදියට ඉතින් ඊට පස්සේ කවුද කිව්වා කියල මාසයක් විතර අමුකහ මිරිකලා බිව්වලු..දැන් හොදට ඇස් පේනවා පොලට ගිහින් බඩුත් විකුනනවා. එහෙ වැඩියෙන්ම පාවිච්චි කරන්නේ අමුකහ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site