2015 වසර වන විට ‘‘පියාඹන‘‘ මෝටර් රථයක් වෙළදපොළට නිකුත් කිරීමට ඇමරිකාවේ ටෙරාෆියුජියා නම් මෝටර් රථ නිශ්පාදන සමාගමක් සැළැසුම් කර ඇතැයි වාර්තා වේ.
ටී-එෆ් එක්ස් නම් වන මේ පියාඹන මෝටර් රථය වචනයේ අර්ථයෙන්ම පියාසර කිරීමේ හැකියාවෙන්ද යුක්තය. මෙය ප‍්‍රයෝජනවත් වනු ඇත්තේ අධික රථ වාහන තදබදයකට සිරවී සිටින අවස්ථාවකදී බව නිශ්පාදකයන් කියයි.එවන් අවස්ථාවකදී කිරීමට ඇත්තේ තදබදය මගහැර ‘‘පියඹා‘‘ යාමයි.
වේගවත් බවත් සුවපහසුවත් මේ මෝටර් රථය පදවන්නාට උපරිම ආකාරයෙන් ලබා ගත හැකි බවද සදහන්ය.ජෙට් යානයක මෙන් තටු දෙකක්ද මේ රථයේ වන අතර ඒවා පියාසර කිරීමට උපකාරී වේ.විශේෂ කරුණක් වන්නේ මේ මෝටර් රථයට පියාසර තත්ත්වයට එළැඹිමට සාමාන්‍ය ගුවන් යානයකට මෙන් ධාවන පථයක් අවශ්‍ය නොවීමයි.රථයේ දෙපස සවි කර ඇති රෝටර කි‍්‍රයාත්මක කිරීම මගින් රථය ඉහළට එසවිය හැක.ගුවනේදී තටු දිගහැර පියාසර කළ හැකිය.
තාක්ෂණය ඉහළම තත්ත්වයේ නිසා මිලත් පවතිනුයේ ඉහළය.මේ රථයක් ඩොලර් 300,000 පමණ මිල වනු ඇතැයි කියැවේ.
[
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පියාඹන රිය 2015 දී
චූලා Thursday, 09 May 2013 04:30 PM
මේ දිහා මෙහෙම බලද්දී නම් විහිළුවක් වගේ. ඒත් ඉදිරියේදී මේකත් සාමාන්‍ය දෙයක් වෙයි (නි)
මුරුගන් Thursday, 09 May 2013 04:31 PM
සුද්දගේ වැඩ නම් වැඩ.... සුද්ද වගේ කියන්නේ නිකන්ද...(ස)
සිල්වා-පැරිස් Thursday, 09 May 2013 06:52 PM
මුරුගා බඩ උලාගන බලන් ඉදපන්. ඌරෝ කැකුණ තලනවිට හඹන් කුකුළන්ට මගුල් කිවුවා වගෙයි.(නදී)
අරුණ Thursday, 09 May 2013 07:04 PM
මිනිස් මොලයේ අනර්ග නිමයුමක් ඇති විශිෂ්ටයි.(නදී)
අප්පුහාමි Thursday, 09 May 2013 07:31 PM
වැඩේනම් හොදා අපේ අත්තලා කටින් බතල හිටවනවා මිස්ස රෝද දෙකේ බ්ය්සිකලයක් හදන්න වත් උවමනාවක් නැහැ? මොනා උනත් සුද්දා රේල් පාර හැදුවේ නැත්නම් ලංකාවේ මිනුස්සු කෝච්චියක් තවම දැකල නැහැ මාරු නේ ?(නදී)
ආනන්ද ආර් Thursday, 09 May 2013 08:28 PM
ඒ රටවල තාම නැද්ද? මෙහෙ නම් මොටෝර් රථ පියාඹනවා.(නදී)
රනිල් Thursday, 09 May 2013 10:43 PM
ලොවේ කවුරුත් නොකරන දේ අද අපේ රටේ සොයා ගන්නවා. කාටද ආඩම්බර? (නි)
මුරුගන් Thursday, 09 May 2013 11:56 PM
සිල්වා,මට ඇතුළු අනෙකුත් ලාංකිකයන්ට උඩ බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ ඔහේ ඇතුළු අනෙකුත් "උතුම්"ජනතාව ඡන්දෙ දීලා පත්කරන අයගේ මහිමෙන්.මොකෝ මේ රට පැන්සලක්,පාපැදියක් වත් හදා ගන්ට බැරි අධම තත්වෙට පත්කළේ ඔහෙලගෙ ඡන්දෙන් ආපු අය. (නි)
සෙනරත් Friday, 10 May 2013 04:30 AM
වාහන තද බද අස්සේ කොහොමද තටු දිගහැර ගන්නේ.(නදී)
රසිකා Friday, 10 May 2013 06:01 AM
තාක්ෂණයේ තවත් මිනිසාගේ දියුණුවට යොදා ගැනීමක්. අගය කල යුතුයි. අපිද මෙවැනි නිර්මාණ කරන්න ඕනේ. අපගේ හැකියාවන්ද ඉතාමත් ඉහල මට්ටමක ඇත.(නදී)
දර්ශන Friday, 10 May 2013 07:50 AM
මේවා බලලා විතරක් මදි.අපිත් බලන්න ඕනෑ මොනවද අපිට කරන්න පුළුවන් කියලා.අඩු ගණනේ ඉදිකටුවක් වත් හදාගන්න පුලුවන්ද අපිට? මේ රටේ කයිවාරු විතරයි.තමන්ගේ කුස පිරෙනවා නම් එච්චරයි.දේශපාලකයෝ බණ කියනවා. අනෙක් අය වලිගෙ වන වනා පස්සෙන් යනවා. (නි)
දර්ශන Friday, 10 May 2013 08:17 AM
ගාන සැරයිනේ? ලම්බෝර්ග්හිනි වලට අඩු කරා වගේ මේකටත් බදු අඩු කරන්න වෙයි. නැත්තම් උත්තමයෝ ටික යන්නේ කොහොමද?(නදී)
සේරම් Friday, 10 May 2013 05:50 PM
මේ වාහනය හොඳ අපේ ලංකාවේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට. මොකද පාරේ යන අය යට කරන කට්ටියනේ. මේ වගේ එකක් දුන්නොත් උඩින් යන නිසා අහිංසක පාරේ යන දුප්පත් අපිට නිදහසේ නොමැරි යන්න පුළුවන්. කොහොමත් අපේ මැති ඇමතිලා යන්නේ උඩින්නේ (නි)