X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


පිරමීඩ තැනූ රහසක් හෙළිවේ

ඊජිප්තුවේ පිරමීඩ ගොඩනැගීමට භාවිතා කළ තාක්ෂණය තවදුරටත් ලෝකයට රහසක් නොවන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කියති. කම්කරුවන් විසින් විශාල ශෛලමය කුට්ටි වැඩපොළට ගෙන ගොස් ඇත්තේ ඉතා සරළ ක්‍රමයකින් බව ඔවුන් අනාවරණය කරයි.

පර්යේෂණ සිදුකළ භෞතික විද්‍යාඥයන් කළේ ඊජිප්තුවේ හිම මත ගමන් කිරිමට තැනූ තල්ලුවී යන කරත්තයක යටින් වැලි තැටියක් දමා රසායනාගාර වාර්තාවක් ලබා ගැනීමයි.

ඔවුන් පවසන්නේ අවශ්‍යවන ඇදීමේ බලය හා වැලිවල දැඩි බව යන දෙකම වැලිවල ඇති ජල ප්‍රමාණය අනුව සිදුවන ක්‍රියාවක් බවයි. දැඩි බව තීරණය කිරීමට රෙයෝමීටරය භාවිතා කළ අතර එමගින් එක්තරා වැලි පරිමාවක් වෙනස් කිරීමට අවශ්‍ය බලය ද තීරණය කළ බව පර්යේෂකයෝ කියති.

පර්යේෂකයන් පවසන්නේ නිශ්චිත ජල පරිමාවක් යෙදීමේ දී කාන්තාර වැලි අනෙක් සාමාන්‍ය වැලි මෙන් දෙගුණයක දැඩි බවක් ඇති බවයි.

කාන්තාරයේ වැලි මත හිම කරත්තයක් ලිස්සා ඉතා සරලය. එම කරත්තය යන විටදී සාමාන්‍ය වැලි මෙන් කරත්තය ඉදිරිපිට දී මේ වැලි ගොඩගැසෙන්නේ නැත.

ඇම්ස්ටර්ඩෑම් පර්යේෂකයන් පවසන්නේ පුරාණ ඊජිප්තුවේ පිරමිඩ තැනීමට විශාල ගල් සහ ප්‍රථිමා ප්‍රවාහණය කැර ඇත්තේ තෙත වැලි මතින් බවයි. හිම කරත්ත භාවිතයෙන් බවයි. තෙත වැලි යොදා ගනිමින් මේවා ප්‍රවාහනය කිරීම පහසුවක් යැයි තහවුරු වී ඇත.

නිවැරදි ප්‍රමාණයකින් ජලය එක් කිරිමේ දී තෙත් වූ කාන්තාර වැලි වියලි වැලි වලට වඩා දැඩි වන බව ද එබැවින් ඒ මත යමක් තල්ලු කිරිමේ දී යෙදිමට වන ශක්තිය හරි අඩකින් අඩුවන බව ද පර්යේෂකයෝ කියති.  

පිරමිඩ අභ්‍යන්තරයේ ඇති සිතුවම් මගින් ද මේ තාක්ෂණය පැහැදිලි වන බව ඇම්ස්ටර්ඩෑන් විශ්වවිද්‍යාලයේ අදාල පරීක්ෂණය සිදුකළ කණ්ඩායම පෙන්වා දී ඇත. එක් පිරමීඩයක ඇති සිතුවමක දක්වා ඇත්තේ එක් පුද්ගලයෙක් තල්ලුකරන හිමකරත්තයක ඉදිරිපිට නැගිට සිටිමින් ඉදිරියේ ඇති වැලිවලට ජලය වත්කරණ ආකාරයයි.

මේ පර්යේෂණය අනුව යමින් කුඩා කැට වලින් යුතු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, සැකසීම පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරිමෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය නව සොයාගැනීම් වෙත ගමන්කළ හැකිවෙතැයි ද පර්යේෂකයෝ කියති.

 

 



අදහස් (0)

පිරමීඩ තැනූ රහසක් හෙළිවේ

පි ,එස් , අන්කොටුව Saturday, 03 May 2014 09:07 PM

ඕ ,කල්පනා කරන්න දෙයක් නෑ ලිඳක් තිබුන සිගිරිය උඩ(ස)

:       0       0

හේවාවිතාරණ Saturday, 03 May 2014 03:13 AM

බණ්ඩාර,අපේ සීගිරිය ගැන නිකන් සැහැල්ලුවට හිතන්න එපා (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 03 May 2014 02:35 AM

ඉන්දික, වැහි කාලයේත් පායන කාලයේත් සීගිරිය මුදුනේ වතුර තිබුණා. ඒ ගැන නොදන්නවා නම් මහාචාර්ය බෙල් මහතාගේ සීගිරිය ගැන ලියා ඇති ග්‍රන්ථය හොඳින් අධ්‍යයනය කරන්න (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 03 May 2014 02:41 AM

පල්ලු මහත්මයා හෝ මහත්මිය වෙතටයි,එතකොට ඔයවත් මැව්වේ දෙවියෝද? (නි)

:       0       0

ඉන්දික Saturday, 03 May 2014 09:18 AM

හේවාවිතාරණ, මමත් කියන්නේ ඒක තමයි. ඒ කාලේ විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරලා වතුර එකතු කරලා තියෙනවා. සමහර විට පහළින් උඩට ගන්න ඇති. එහෙම නැත්නම් වැයුගෝලයේ ජලවාෂ්ප වලින් ජලය එකතු කරගන්න ක්‍රමයක් තියෙන්න ඇති. මොනවා වුණත් සරල විදියට පහළ තියෙන වතුර උඩට අරගෙන ගිහින් නැහැ. (නි)

:       0       0

ජිලෝ Saturday, 03 May 2014 10:37 AM

දිනේෂ්, ඔබ හරි.මිනිසාගේ විශ්වාසය මේ ලෝකය නිර්මාණය සහ පාලනය නොපෙනන බලවේගයකින් සිදුවෙන බවයි.නමුත් එය විද්‍යාවෙන් වසන් කරනවා.දිනක සත්‍ය හෙළි වේවි (නි)

:       0       0

චමින්ද Saturday, 03 May 2014 11:57 AM

ගජමන් සීයේ,නියම කතා නැත්නම් එසැණහි කිසිම ගතියක් නැහැ.නොදන්නා දේවල් අපි දැන ගන්නවා වගේම දාලා තියෙන අදහස්,වාද ,විවාද කියවලා පොඩි විනෝදෙකුත් ලබනවා. සමහර අදහස් කියෙව්වහම, හිනහව නවත්ත ගන්නත් බැරුව යනවා. ඒකයි ලංකාදීපය මෙතරම් ජනප්‍රිය.(නදී)

:       0       0

ප්‍රසාන් Saturday, 03 May 2014 01:55 PM

වතුර මල් හදපු තාක්ෂණයම තමයි වතුර උඩට ගෙනියන්නත් පාවිච්චි කරේ. ජල පීඩනය.(නදී)

:       0       0

ආදිත්‍ය Saturday, 03 May 2014 02:27 PM

ඇයි දෙයියනේ මෙච්චර වටින දෙයක් ගැන කතාකරද්දිත් වචන වලින් ගහගන්න හදන්නේ. ඇයි අපි ඔක්කොටම එකතුවෙලා හරි දේ හොයාගන්න උත්සහකරන්න බැරි? (නදී)

:       0       0

සම්පත් බොලගම Saturday, 03 May 2014 03:24 PM

අපි ජිවත් වන මේ ලෝකයට ජීවින් පැමිණියේ පිට සක්වල ලෝකයකින් බව බුදු දහමේ සදහන් වෙනවා. ඔය පිරමිඩයක් අද තිබෙන නවීන තාක්ෂණ ක්‍රම බාවිතා කරලා හදන්න ගියොත් අවුරුදු 1200 ක් විතර යනවා. ඒ නිසා මේ පිරමිඩ හදන්න පිටසක්වල තාක්ෂණයක් ලැබුන බව සැකයකින් තොරව ඔප්පු වෙනවා. (නදී)

:       0       0

ග්‍රාමසේවක පුෂ්පසිරි Saturday, 03 May 2014 08:30 PM

සම්පත් බොලගම ඔබ අලුත්ම බුදු දහමක් ප්‍රචාරය කරනවා වාගේ . නොදන්නා දේවල් කතා නොකර සිටීමෙන් . උතුම් බුද්ධ දර්ශනය රැකෙනවා. (ස)

:       0       0

ගජමන් Saturday, 03 May 2014 02:07 AM

මෙතන නියම කතානේ යන්නේ. (නි)

:       0       0

පාලිත Saturday, 03 May 2014 09:27 PM

එතකොට සිගිරිය හැදුවේ පිට සක්වල ජීවීන්ද ?(ස)

:       0       0

ප්‍රදීප් Saturday, 03 May 2014 10:11 PM

මිනිසා මේ තරම් දුරට සංවර්ධනයවුනේත් මිනිස් දෑතින් මහා නිර්මාණ මැවුනේත්, මිනිසා විසින් පරපුරෙන් පරපුරට සංවර්ධනය කළ ශ්‍රමයේත්, අත්දැකීමෙන් එක්රැස් කළ දැනුම් සම්භාරයේත් මහිමයෙන් මිස වෙනත් බලවේග වලින්නම් නොවෙයි.(ස)

:       0       0

චමී Saturday, 03 May 2014 10:16 PM

මම ඉන්න අපේ අය දීයුණුයි කියන රටක . මෙහෙ ඉන්න අය සිගිරිය , අපේ රටේ අනුරපුර යුගය වැසිකිලි ගැන කතා කරන්නේ පුදුමයෙන් .අපේ මිනිස්සුන් ට ඒවා අගේ නැහැ (ස)

:       0       0

පිටිගල Sunday, 04 May 2014 12:09 AM

සම්පත්,නොදන්නා නිසයි අහන්නේ. කොතනද හැබෑටම ඕක සඳහන් වෙලා තියෙන්නේ බුදු දහමේ? (නි)

:       0       0

හේරත් Sunday, 04 May 2014 01:40 PM

මේ කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. පිරමීඩ බලන්නත් ගියා. (ස)

:       0       0

නිලන්ක Sunday, 04 May 2014 04:55 PM

සේරම් පඩිතුමනි, මේ සාකච්චාවට ඔබගේ වටිනා අදහසද මෙයද? (ස)

:       0       0

හේමලාල් Sunday, 08 June 2014 03:54 PM

පිරමීඩ ගැන කථා කරනකොට අපි ලංකාවේ සිගිරිය ගැන කථා කරනවා. අපි කැමති නැහැ වෙනත් ජාතියකට දෙවැනි වෙන්න. තමුන්ගේ සිත් ලංකාවට විතරක් ලගු කරගන්න එපා. කාගේ උනත් පිරමීඩ නම් මහා මනසක්. බුදු දහමේ ඇත්ත වහයෙන්ම ඔය කතාව තියෙනවා. මට දැන් හරියට මතකයට එන්නේ නෑ. චුල්ල වග්ග පාලියේ කියලයි මට හිතෙන්නේ. ස්තුතියි. (ස)

:       0       0

යසපාල Friday, 22 July 2016 05:50 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

අමල් Sunday, 02 October 2016 11:58 AM

කෙසේ වෙතත් මෙහි යොදාගෙන ඇති තාක්ෂණය නම් අනර්ගයි. (ර)

:       0       0

සේරම් Friday, 02 May 2014 04:37 PM

ඔන්න බණ්ඩාර හරිම උත්තරය දීලා තියෙනවා. ඔන්න දැන් ආඩම්බර වෙන්න. කොහෙද යන්නේ මල්ලේ පොල්... අපිට ඕනෑ පිරමීඩ ගැන, කියන්නේ සීගිරිය ගැන (නි)

:       0       0

දිනේෂ් Friday, 02 May 2014 12:31 PM

මේවා නිර්මාණය කර තිබෙන්නේ පිටසක්වල ජිවින්ගේ තාක්ෂණයෙන්. ඔවුන් මිනිසුන් ලවා මේවා කර තිබෙනවා. පිරමිඩ් ශක්තිය නිපදවන බලාගාරයක්. පිටසක්වල ජීවින් එය පරිහරණය කර තිබෙනවා. (ස)

:       0       0

මර්සි ලංකා Friday, 02 May 2014 01:05 PM

දිනේෂ් ඔයා අපිට මේ ඕක වාර්තා කරන්නෙත් පිට සක්වල ඔය කියන ජීවින් සමග සිටද ? අපිටත් දැන ගන්නට කියන්න (අ)

:       0       0

විජේ Friday, 02 May 2014 01:31 PM

සීගිරිය උඩට වතුර අරගෙන ගියේ කේෂාකර්ෂණ ශක්තිය භාවිතා කරලා (නි)

:       0       0

සේරම් Friday, 02 May 2014 01:44 PM

නිලංක, මෝඩ ප්‍රශ්න අහන්න එපා. මෙතරම් වැදගත් දෙයක් සාකච්ඡා කෙරෙන කොට. (ස)

:       0       0

අසෝකා Friday, 02 May 2014 01:01 PM

නව තාක්ෂණය දියුණුයි කිව්වට, ඉස්සර හිටපු අයනේ දියුණුවේ ඉදිරියෙන්ම ඉඳල තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ආ පස්සට ගමන් කිරීමක් ද කරන්නේ. වෙනස අන්තර්ජාලය පමණයි. (ස)

:       0       0

සජිනි මදුශානි Friday, 02 May 2014 01:34 PM

අසෝකා, ඉස්සරත් අන්තර්ජාලය වාගේ දෙයක් තිබිලා තියෙනවා. අනුන්ගේ සිතේ තියෙන දේවල් කියවීමට සහ පණිවිඩ ලබා ගැනිමට. ඉන්දියාවේ බ්‍රහ්මණයන් සහ මනස දියුණු කළ පුගලයන් අන්තර්ජාලයෙන් වෙන ඒවා වෙනත් ක්‍රම වලින් කර තිබෙනවා. (ස)

:       0       0

පල්ලු Friday, 02 May 2014 01:57 PM

නෑ නෑ හලෝ ඕවා දෙයියෝ මැව්වා. (නදී) .

:       0       0

ඉන්දික Friday, 02 May 2014 02:28 PM

සේරම්, ඇයි සීගිරියට වතුර ගෙන ගිය විදිය ගැන ඇහුවම ඒක මෝඩ ප්‍රශ්නයක් වගේ හිතුනේ? එතනත් අතීතයේ විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. අපිට ඒ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. (ස)

:       0       0

බණ්ඩාර Friday, 02 May 2014 03:42 PM

සිගිරිය උඩට වතුර අරන් ගියේ නැහැ. වැස්සෙන් වතුර පුරවාගතේ. (ස)

:       0       0

නිලංක Friday, 02 May 2014 11:09 AM

එතකොට සිගිරිය උඩට වතුර අරන් ගියේ කොහොමද?? (ස)

:       12       15

අසෝකා Friday, 02 May 2014 05:08 PM

සජිනි, ඔයාට මම කියපු දේ හරියට තේරුම් ගිහින් නැහැ. දැන් තියෙන අන්තර්ජාලයේ ඕනෑම කෙනෙකුට සැරිසරන්න පුළුවන්. ඒ වගේම මනස දියුණු කල අයට වැටහෙන සහ කළහැකි දේවල් තවමත් අන්තර්ජාලයෙන් කරන්න තියා හිතන්නවත් බැහැ.අදටත් අප අතරේ මනස දියුණුකළ පුද්ගලයින් බොහෝම නිහඩ සේවාවක් කරනවා. (අ)

:       0       0

සුරංග Friday, 02 May 2014 05:26 PM

ඊජිප්තුවේ හිම තියනවා කියල මේක කියවන කම් දeනන් හිටියේ නැහැ.(නදී)

:       0       0

ඉන්දික Friday, 02 May 2014 06:50 PM

සේරම්, සිගිරිය ගැන කියන්න උනේ, ඒකත් පිරමිඩ වගේ විශ්මිත නිර්මාණයක් නිසා. බණ්ඩාර කියන විදියට වැස්සෙන් නම් වතුර පිරෙව්වේ, පායන කාලෙට කොහොමද වතුර ගන්නේ? අනිත් එක සිගිරිය කියන්නේ වියලි කලාපෙට අයිති ප්‍රදේශයක්. (නදී)

:       0       0

බණ්ඩා Friday, 02 May 2014 08:31 PM

නිලංග , ඔලුව අතගාල බලන්න අං එනවද කියල .(අ)

:       0       0

ශ්‍යන් නිලංජන Friday, 02 May 2014 09:33 PM

පිරමීඩ හැදුවේ ඊට වඩා බලවේගයක් ඇතුවයි. (නි)

:       0       0

දිනේෂ් Friday, 02 May 2014 09:03 PM

අපේ ලෝකයේ වැළලී ගිය ඉතිහාසයක් තිබෙනවා. අපට එය උගන්වා නැහැ. නවීන විද්‍යාඥයින් එය දැන් සොයාගෙන තිබෙනවා. මේ ලෝකයේ මිනිස් වර්ගය පිටසක්වල ජිවින්ගේ නිර්මාණයක්. (නි)

:       0       0

සමීර Friday, 02 May 2014 10:05 PM

ඔය කියන කාලේ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඇති. ඒකයි එවැනි නිර්මාණ බොහෝ තැන්වල බිහිවෙලා තියෙන්නෙ. (නි)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Friday, 02 May 2014 10:15 PM

මේ කාලේ මෝඩයෝ ඒ කාලේ නොසිටි නිසා තමයි සීගිරිය උඩට වතුර අරගෙන ගියේ (ස)

:       0       0

සුසන්ත Saturday, 03 May 2014 01:49 AM

සජිනි ,අන්තර්ජාලය නොවුණට දුර ඉන්න කෙනෙකුට ලුණු ඇඹුල් ඇතුව බනින්නකෝ බලන්න. අර මනුස්සයට කිඹුහුන් යාම නවත්වා ගන්න බැරි වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site