අබු සයියාෆ් නමැති ඉස්ලාම් සටන්කාමීන්ගෙන් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, කැනඩාව සහ ඕස්ටේ‍්‍රලියාව පිලිපීනයේ මැනිලා අගනුවර සිටින තම රට වැසියන්ට අනතුරු අඟවයි. පිලිපීනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින්නැයි ද ඒ ඒ රටවල් තම රට වැසියන්ට අනතුරු ඇඟවීම් කර ඇතැයිද තානාපති වාර්තා පවසයි. එම අනතුරු ඇඟවීම් මුලින්ම නිකුත් කළේ ඇමෙරිකාවය. ඉන්පසු බි‍්‍රතාන්‍යය, කැනඩා සහ ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාල ද අනතුරු ඇඟවීම් නිකුත් කළේය. විදේශිකයන් ඉලක්ක කර ගනිමින් මැනිලා අගනුවර ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පිලිපීන රජයට දන්වා ඇති අතර එම අනතුරු ඇඟවීම ලබන 10 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මැනිලා අගනුවර සිටින විදේශිකයන්ගේ පමණක් නොව පිලිපීන වැසියන්ගේ පවා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ආරක්ෂක වැඩසටහනක් ආරම්භ කළ බව පිලිපීන ජනපති බෙනිග්නෝ අකිනෝ පවසා ඇත. පිලිපීනයේ සංචාරක කර්මාන්තය අඩාල කිරීමට බෙදුම්වාදී සටන්කාමීන්ට කිසිසේත් ඉඩ නොදෙන බව ද ජනපති අකිනෝ අවධාරණය කර තිබේ. අබු සයියාෆ් යනු දැඩිමතධාරී ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. 1990 දශකයේ පිහිටුවන ලද මෙම සංවිධානයට මූල්‍ය ආධාර ලැබෙන්නේ අල් කයිඩාවෙනි. පසුගිය වසර කිහිපයේ දී ඔවුන් පිලිපීනයට පැමිණි ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් පැහැර ගෙන ගොස් ඝාතනය කළේය. අබු සයියාෆ් සටන්කාමීන් සමඟ සටන් කිරීමට දශක කිහිපයක් තිස්සේ පිලිපීන ආරක්ෂක අංශ ශක්තිමත් කරන්නේ ඇමෙරිකාවය. කෙසේ නමුත් අබු සයියාෆ් සටන්කාමීන් සහ රජය අතර පවතින ගැටුම්වලට සෘජුව මැදිහත් වීම පිලිපීන රජය ඇමෙරිකාවට තහනම් කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිලිපීනයේ විදේශිකයන්ට ඉස්ලාම් සටන්කාමීන්ගෙන් මරණ තර්ජන
ප්‍රවීන් - මැනිලා Monday, 01 October 2012 12:18 PM
ඇමෙරිකාව ඩබල් ගේමක් ගහන්නේ. මෙහේ කියන තරම් අවුලක් නැහැ. නමුත් මේ අය දැන් මුලු ලෝකයටම වසංගතයක් වේගෙනයි එන්නේ. (නි)
මධූ Monday, 01 October 2012 12:50 PM
ලොවෙන් තුරන් වේවා (ස)
අසේල Monday, 01 October 2012 01:22 PM
මුස්ලිම් ආගම ලොවින් තුරන් වෙනවාත් සමගම ලෝක විනාශයත් වෙනවා. (නි)
අසිත Monday, 01 October 2012 01:40 PM
මධූ, ඒඩ්ස් රෝගයවද්ද? (නි)
නුශාඩ් Monday, 01 October 2012 03:31 PM
බල්ලෝ බිරුවට කඳු පහත්වෙන්නේ නෑනේ. (ස)
මධු Monday, 01 October 2012 08:24 PM
මම හිතනවා ඔයාට මේ කියන රෝගයයි, මොළේ අමාරුවයි දෙකම තියෙනවා කියලා. (නි)
ප්‍රවීන් Monday, 01 October 2012 09:21 PM
මෙතන තියෙන්නේ ආගම්වාදී ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි (නි)
නුවන් Monday, 01 October 2012 10:04 PM
මුස්ලිම් අය නිසා අපි ජීවත් වෙනවා. ලෝකයෙන්ම හරි ආගම එයයි. (නි)
සදුන් Tuesday, 02 October 2012 02:52 AM
අසිතට මොළය කළදක්වත් නැති බව පෙනෙනවා. (නි)
නිමේෂා Tuesday, 02 October 2012 08:32 AM
මුස්ලිම්වරුන් හදන්නේ මුලු ලෝකයේම අණසක පතුරවන්න. (නි)
නිමේෂ Tuesday, 02 October 2012 08:38 AM
සමහරු ආගම් අතර ඇති තරහත් මෙමගින් පිරිමහන්න උත්සාහ කරනවා (නි)
නිමේෂා Tuesday, 02 October 2012 08:34 AM
මුස්ලිම්වරුන් හැමතැනම. (නි)
නිරාන් Tuesday, 02 October 2012 08:57 AM
නුවන්, ඔයා කොහොමද මුස්ලිම් ආගම විතරක් හොදයි කියන්නේ? (නි)