X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


පිලේ පිලෙන් ඈතට විසිවේ

වසර ගණනාවක් තිස්සේ කළ සැලසුම පැය ගණනක ප්‍රතිඵලයකට සීමා කරමින් ලොව ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට යැවූ ‘‘පිලේ‘‘ අභ්‍යාවකාශ නිරීක්ෂක යානය ක්‍රියාවිරහිතව ගියේය.

පෘථීවිය ආසන්නයට වසර 45 කට වරක් පැමිණෙන බව පැවසෙන චුරිමොව් ගැරසිමෙන්කෝ උල්කාපාතය මතට පෘථීවියේ සිට සැතපුම් ලක්ෂ 3150 ක දුරකදී රොසෙටා නම් වූ තම මව්යානයේ සිට පිලේ ගොඩබැස්සේ පසුගියදාය.මෙම අභ්‍යාවකාශ මෙහෙයුමේ මෙහෙයුම් කටයුතු සිදුවූයේ යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය යටතේය.

චුරිමොව් උල්කාපාතය මතට ගොඩැබැසීමට රොසෙටාට සවිවූ පිලේ අභ්‍යාවකාශ ගතවූයේ 2004 වසරේ මාර්තු මාසයේදීය.ඒ අනුව චුරිමොව් වෙත ළගාවීමට රොසෙටා හා පිලේ අභ්‍යාවකාශයේ ගත කර තිබෙන කාලය වසර 10 කට අධිකය.

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ විද්‍යාඥයින්ගේ අපේක්ෂාව වී තිබුණේ පිලේ ආධාරයෙන් පැය කිහිපයක් නොව මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් හෝ මුලූල්ලේ චුරිමොව් උල්කාපාතයේ තොරතුරු ලබාගැනීමයි.වසර 10 ක් බලා සිටි ඔවුන්ගේ අපේක්ෂාවන් අවසානයේ මල්ඵල ගැන්වෙන ලකුණු රොසෙටා යානය පසුගිය අගෝස්තු මස උල්කාපාතය වටා කක්ෂ ගතවීමත් සමග පෙනෙන්නට තිබුණද පිලේ උල්කාපාතය මතට ගොඩබැසීමේදී ඇතිවූ දෝශ රාශියක් නිසා ඔවුන්ගේ අපේක්ෂාවන් බොද වී ගියේය.

පිලේ ගේ ගොඩබැසුම් පද්දතියේ ඇතිවූ දෝශයක් නිසාවෙන් එය නියමිත පරිදි උල්කාපාතය මතට ගොඩනොබැසි අතර දෙවරක්ම යළියළිත් ඉහළට පොලා පැනි එය නතර වූයේ ආවාටයකය.

මෙනිසා එහි වූ සූර්ය පැනල වලට සූර්යාලෝකය පතිත වීමට බාධා පැමිණුනි.එයි ප්‍රතිඵලය වූයේ පිලේගේ ක්‍රියාකාරීත්වයට අත්‍යාවශ්‍ය වූ විදුලි කෝෂ ආරෝපණය කරවා ගත නොහැකිව ඒවා සීඝ්‍රයෙන් ක්ෂය වී යෑමට පටන් ගැනීමයි.

මෙවිට පිලේ නැවත නැගිටුවීමට උත්සාහ කරමින් සිටි විද්‍යාඥයෝ ඒම උත්සාහයන් අත්හැර දමා තිබුණහ.පිලේ ජීවතුන් අතර සිටියදී ලබාගත හැකි දත්ත උපරිම ප්‍රමාණයක් ලබාගැනීමට ඔවුන් කටයුතු කළහ.

ගොඩබැස හරියටම පැය 57 ක් ගතවෙද්දී පිලේගෙන් තොරතුරු ලැබීම නතර වුනි.පිලේ ඇතැම් විට සදා නොනැගිටින නින්දකට පත්ව ඇති බව විද්‍යාඥයෝ එවිට වටහා ගත්හ.

කෙසේ වෙතත් පිලේ ගේ මෙහෙයුම අභ්‍යාවකාශ ගවේෂණයේ මංසළකුණකි.එය ප්‍රථම වතාවට උල්කාපාතයක් මතට ගොඩබැසි අභ්‍යාවකාශ යානයයි.

යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයින් පවසන පරිදි පිලේගෙන් ඉතාම වැදගත් හා මේ දක්වා කිසිවෙකුත් අපේක්ෂා නොකළ තොරතුරු රාශියක් ලැබී තිබේ.එම තොරතුරු වැඩිදුරටත් විමර්ෂණය කිරීමෙන් විශ්වයේ තවත් රහස් අනාවරණය කරගත හැකිවනු ඇතැයි ඔවුන් කියයි.

උල්කාපාතය එහි ගමන් මගට අනුව සූර්යයා ආසන්නයෙන් ගමන් කරන සමයේදී පිලේට නැවත වරක් ජීවය ලැබීමට අවස්ථාවක් තිබෙන බවටද විද්‍යාඥයින් අදහස් දක්වයි.

පිලේ තවදුරටත් ක්‍රියාකාරීවූවානම් මීට වඩා විශ්වාසයෙන් අදහස් පළ කර හැකිව තිබුණියැයි ඔවුන් පිළිගන්නේ මද ශෝකයක් ඇතිවය.නමුත් දැනට ලැබී ඇති තොරතුරු වලින් නව සොයාගැනීම් ඉදිරිපත් කරන්නට ඔවුහු අදිටන් කරගෙන සිටිති.

1415895177420_Image_galleryImage_Rosetta_new_grabs_Philae_ 1415895662319_wps_25_Philae10_png 1415954864929_wps_3_inP4SfRcxjpE_jpg



අදහස් (0)

පිලේ පිලෙන් ඈතට විසිවේ

ජයත් Monday, 17 November 2014 10:47 AM

අපරාදේ හරිම කනගාටු දායකයි. මොනවා කරන්නද ලැබිච්ච දත්ත ටිකෙන් වත් සැනසෙමු. මේක තමයි යථාර්තය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site