උතුරු ඇමරිකාව නිජබිම කරගත් වල් බෙරි මගින් පිළිකා සුවකළ හැකියැයි පර්යේෂකයෝ කියති.
පර්යේෂණය සිදුකළ විද්‍යාඥයින් යෝජනා කරන්නේ පිළිකාවලට ගන්නා ඖෂධීය ප්රතිකාරකවලට වල්බෙරි මිශ්‍රකළ විට පිළිකා සෛල නසාලීමට වැඩිවශයෙන් හේතුවන බවයි.
මේ සම්බන්ධ අදහස් දක්වන ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ රසායනාගරවල වර්ධනය කරන පිළිකා සෛල පමණක් යොදාගෙන කරන ලද පර්යේෂණයක් බැවින් එය එකවිටම පිළිගත නොහැකි කරුණක් බවයි. බ්‍රිතාන්‍යයේ පිලිකා පර්යේෂකයන් පවසන්නේ වල්බෙරිවල පිළිකා සෛල විනාශකිරීමට ඇති හැකියාව සොයා බැලීමට විශේෂයෙන් මිනිසුන් යොදා ගනිමින් අත්හදාබැලීම් කිරීම අවශ්‍ය බවයි.
සවුත්ඇම්ප්ටන් විශ්ව විද්‍යාලයේ සහ ලන්ඩන් හි කිං කොලෙජ් රෝහලේ පර්යේෂකයන් වල්බෙරිවල සාරය අග්න්‍යාශයික පිළිකා සෛල සමග පරික්ෂාවට භාජනය කර තිබේ.
අග්න්‍යාශයික පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට අපහසු බවත් සාමන්‍යයෙන් එවැනි පිළිකාවක් හඳුනාගැනීමෙන් පසු රෝගියා ජීවත් වන්නේ මාස හයක් පමණ බවත් විශේෂඥ මතයයි.
කෙසේ වෙතත් මෙම අධ්‍යනයේ ප්‍රධානි වන සවුත්ඇම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බසීර් එල්. වලීඩ් පවසන්න් පිළිකා ප්රතිකාරක සමග වල්බෙරි එක්ව ක්‍රියාකරණ්නේ කෙසේද යන්න සොයා බැලීමට තවත් පර්යේෂණ අවශ්‍ය බවයි.
එම පර්යේෂණ කටයුතු සඳහා මලයාසියා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය සරණ අරමුදල අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කැර ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පිළිකා නැසීමට වල්බෙරි
චමින්ද Saturday, 20 September 2014 01:42 AM
මම කාලා තියෙනවා "බ්ලැක් බෙරි" කියන පළතුර.හරිම රහයි.මිලත් ටිකක් වැඩියි.මම හිතන්නේ නම් දෙකකින් හැඳින්වූවාට එකම ජාතිය වෙන්න ඇති. (නි)
ඉසුරන්දි Saturday, 20 September 2014 05:32 AM
ඉක්මනට ඕව වෙළද පොලට එවන්න මේ කාලකන්නි ලෙඩ නැති කරන්න. (අ)
සිල්වා Saturday, 20 September 2014 09:19 AM
බේරී වර්ග ගොඩක් තියෙනවා. බ්ලැක් බේරී ,බලු බේරී, රාස් බේරී, ස්ටෝබෙරි ,රෙඩ් කරන්ට්, බ්ලැක් කරන්ට්, ප්ර්හිසලි ,චෙර්යි, වයිල් බේරී මෙවැනි ආකරයෙන් බේරී පවුලට එකතුවෙන තව පලතුරු තියෙනවා යුරෝපෙයේ සහ කැනඩාව ඇමරිකාව යන රට වල විශේෂයෙන් දැක ගත හැක. ලෝකේ ලස්සනම පළතුර ස්ටෝබෙරි වේ. රසම පළතුර අඹ ආසියාවෙන් ලබා දේ. (නදී)
සිතු Sunday, 21 September 2014 07:56 AM
ඉසුරන්දි, කටු ආත්තා පිලිකා සෛල විනාශ කරනවා. (නදී)
අනුරුද්ධ ජයසුන්දර Saturday, 04 October 2014 08:39 AM
වල් බෙරි කියන්නේ වයිල්ඩ් බෙරි වලටම තමයි මම හිතන්නේ. (නදී)