X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


පිළිකා සෛල දිය කරයි

පිළිකාවක් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් මුලූ සිරුරම ආක්‍රමණය කරන්නේ කෙසේදැයි සොයාගැනීමට හැකිවූ බව බ්‍රිතාන්‍යය හා ජපාන විද්‍යාඥයෝ පිරිසක් කියති.

පිළිකා තත්ත්ව ඇති පුද්ගලයෝ බොහෝ විට මරණයට පත්වනුයේ එම පිළිකා සෛලයන් වර්ධනය වී මොළය හා පෙනහලූ වැනි සිරුරේ ඉතා වැදගත් අවයවයන් ආක්‍රමණය කිරීම නිසාය.මෙසේ පිළිකා සෛලයන්ට සිරුර පුරා වර්ධනය වීමට ඉඩ නොදී ආරම්භක අවස්ථාවේදීම විනාශ කර දැමිය හැකි නම් පිළිකා තත්ත්වයන් ඇතිවීම මැඩ පවත්වාගත හැකිය.

විද්‍යාඥයින් මෙසේ පිළිකා වර්ධනය වන බව දැන සිටියත් මේ දක්වා ඔවුහු පිළිකා සෛල සිරුර පුරා වර්ධනය වන්නේ කෙසේදැයි නොදැන සිටියෝය.කෙසේ නමුත් බ්‍රිතාන්‍යය හා ජපාන ජාතික විද්‍යාඥ පිරිස සිදුකර ඇති නව පරීක්ෂණයට අනුව එසේ සිරුර පුරා පිළිකා සෛලයන් ගමන් කරන්නෙ කෙසේදැයි යන්නද එම ගමන් කිරීම නැවැත්විය හැක්කේ කෙසේ දැයි යන්නද සොයාගැනීමට හැකිව ඇත.

තම පරීක්ෂණයට අනුව පිළිකා සෛල සිරුර පුරා ගමන් කිරීමට ප්‍රථමයෙන් කිසියම් ද්‍රවිකෘත තත්ත්වයකට පත්වන්නේයැයි අනාවරණය කර ගැනීමට හැකිවූ බව විද්‍යාඥ පිරිස පවසති. ද්‍රව තත්ත්වයට පත්වූ පසු සිරුර පුරා සංසර්ණය වන පිළිකා සෛලයන් එක් එක් ස්ථානයන් ආසාදනය කරමින් යන බව ඔවුහු කියති.

මෙසේ සෛලයන් ද්‍රව තත්ත්වයට පත්කිරීමට හේතුවන සංයෝගයද සොයාගැනීමට ඔවුහු සමත්ව සිටිති.අයිසොප්හැටිඩික් නම් වන එය අම්ලයකි.

අම්ලයේ කි්‍රයාකාරීත්වය නැවැත්වීමට ලබාදෙන සරල එන්නතක් මගින් සෛල ද්‍රව තත්ත්වයට පත්වීම වැළැක්වීමට හැකියැයි තම පර්යේෂණයෙන් සොයැගැනීමට හැකිවූවේයැයිද ඔවුහු පවසති.

දැන් පිළිකා සෛල සිරුර පුරා වර්ධනය වන්නේ කෙසේදැයි අනාවරණයව ඇති හෙයින් වර්තමානයේ සිදුකෙරෙන්නාක් මෙන් පිළිකා සෛල වර්ධනය වූවාට පසු ප්‍රතිකාර ලබා දෙනවා මෙන් නොව ඒවා වර්ධනය වීමට පෙර සිටම ප්‍රතිකාර ලබා දිය හැකි ආකාර සොයාගැනීම පහසු වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

 



අදහස් (0)

පිළිකා සෛල දිය කරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site