X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


පුටින්-ජින්පින් හමුවෙති

උස්බෙකිස්තානනයේ සමර්කාන්ද් අගනුවර, ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් පැවැත්විණි.

මේ වනවිට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින් ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල ‘උදහසට’ ලක්වී සිටිති. රුසියන් ජනාධිපතිවරයා උදහසට ලක් වී සිටින්නේ රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය නිසාය. චීන ජනාධිපතිවරයා උදහසට පත් වී සිටින්නේ තායිවාන චීන අර්බුදය මුල්කොට ගනිමිනි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, ඇමෙරිකාවේ ද දිරි ගැන්වීම මැද, යුක්රේනය ‘නේටෝ’ සංවිධානයේ සාමාජිකයකු වීමට උත්සාහ ගැනීමත් සමගය. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු රුසියාවට එරෙහිව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී පිහිටුවාගත් යුදමය සන්ධානයකි.

සමර්කාන්ද් අගනුවර, ෂැංග්හායි සහයෝගීතා සමුළුව අතරතුරේ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අවස්ථාවේදී, රුසියන් ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හැඳින්වූයේ තමන්ගේ ‘සමීපතම පැරැණි මිතුරා’ කියාය.

යුක්රේන රුසියානු යුද්ධය ආරම්භ වීමෙන් පසු පුටින් සහ ජිනිපින් හමුවුණු පළමු අවස්ථාව මෙයයි. රාජ්‍ය නායකයන් දෙදෙනා මීට පෙර එකිනෙකා හමුවූයේ යුක්රේන යුද්ධය ආරම්භ වීමට දින කීපයකට පෙරය. එම අවස්ථාවේදී කිසිදු කොන්දේසියකට යටත් නොවී රුසියන් චීන සබඳතා ශක්තිමත් කර ගැනීමට පුටින් සහ ජින්පින් එකගත්වය පළ කළ බව ද පැවැසෙයි.

මේ වනවිට යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රුසියන් ජනාධිපති පුටින්ට විවිධාකාරයේ සම්බාධක පනවා තිබේ. තායිවානයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස චීනය කටයුතු කරන්නේ යැයි පවසමින්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් චීනයට ද සම්බාධක පැනැවීමට සැරැසෙයි.

සමර්කාන්ද් අගනුවර පැවැති ෂැංග්හායි සහයෝගීතා සමුළුවට රුසියන් සහ චීන ජනාධිපතිවරුන් සහභාගී වූයේ ඔවුන්ගේ නියෝජිතයන් ද පිරිවරා ගනිමිනි.

(රොයිටර්)



අදහස් (0)

පුටින්-ජින්පින් හමුවෙති

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site