X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පුටු උඩ මියයන ජීවිත

ඔබ ඔබට ම ලොකු උපකාරයක් කිරීමට කැමති ද ? එසේ කැමතිනම් වහාම ඔබ හිඳ සිටින පුටුවෙන් නැගිටින්න. දැන් යලිත් මේ පරිගණක තිරය දෙස බලන්න. මෙය නුසුදුසු දෙයක් ලෙස හෝ අපූර්ව දෙයක් ලෙස ඔබට දැනේවි. එහෙත් මෙය ඔබගේ මනා සෞඛ්‍යට මහඟු පිටිවහලක් වේවි. එමෙන් ම ඔබේ ආයුකාලය ද වැඩිකැර ගත හැකිවන බව ස්ථිරයි.

ඔබ දවසේ වැඩි කාලයක් සැප පහසුව වාඩි වී සිටින්නේ ද ? එයින් හැඟෙන්නේ ඔබ ඔබේ සෞඛ්‍යයට ඉතා හානිදායක දෙයක් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කළ බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයන් පවසන්නේ දුම්පානය කරනවාට වඩා වාඩිවී සිටිම භායානක බවයි. ආහාර ගැනීමෙන් පසු වාඩිවී සිටින්නන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් ඉහළ යනබවත් විනාඩි 15ක් ඇවිදීමේ යෙදීමෙන් රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් පහළ බසින බව ද පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත.

දිගු වේලාවක් වාඩිවී සිටිමෙන් රුධිරයේ හානිදායක කොලෙස්ටරෝල් ප්‍රමාණය ද ඉහළ යයි. තවත් පර්යේෂණයක් මගින් සොයාගෙන ඇත්තේ හදවත් රෝග, ඔස්ටියෝපොරෝසිස්, පියයුරු පිළිකා, කොන්දේ වේදනාව  සහ මානසික ආතතියට ද දිගු වේලාවක් පුටුවක වාඩිවී සිටීම හානිකර බවයි. පුටුවේ වාඩිවී සිටින පැයක කාලයක් හේතුවෙන් ජීවිත කාලයෙන් පැය දෙකක් අඩුවන බව ද පර්යේෂකයෝ සිය වාර්තාවේ දක්වා ඇත.

සාමාන්‍යෙයන් පුද්ගලයකු පැය 13ක් වාඩිවී සිටියි. පැය අටක් නිදා ගනියි. එහා මෙහා ගමන් කිරීමට යොදා ගන්නේ පැය තුනක් වැනි කාලයකි. මිනිස් සිරුර හැඩ ගැනී ඇත්තේ එවැනි දේ සඳහා නොවේ. වසර දහස් ගණක් දඩයම් කරමින් අතිශය ක්‍රියාශීලී දිවියක් ගත කැර ඇත. ඒ කාලයේ දී වාඩිවී සිටියේ සුළු විවේකයක් ගත කිරීමට පමණි.  එසේ වුව ද පසුගිය වසර 200 ක පමණ කාලයේ සිටි මේ තත්ත්වය වෙනස් වෙමින් පවතී. දැන් ඇඳෙන් කාරයටත්, කාරයෙන් කාර්යාල පුටුවටත් මාරු වෙමින් වැඩි කාලයක් එකතැන ම දවස ගත කරයි. 

article-2706317-065720720000044D-179_634x421 article-2706317-00209FE6000004B0-835_634x459 article-2706317-1FFB898600000578-68_3061212132x445



අදහස් (0)

පුටු උඩ මියයන ජීවිත

සරත් Saturday, 26 July 2014 11:06 PM

මම ඔය ගැන හිතලම තමයි කර්මාන්ත ශාලාවක, කම්කරු රැකියාවක් අමාරුවෙන් හොයා ගත්තේ..දැන් දවස පුරාවට ඇවිදිනවා..(නදී)

:       0       0

සුරවීර Sunday, 27 July 2014 02:41 AM

වැඩේ නම් හොඳයි තමයි. ඒත් ටිකක් වෙලා හිටගෙන ඉන්නකොට දනිස් දෙක කකියන එක තමයි වැඩේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 27 July 2014 05:38 AM

මදැයි කොලා , මම බස් ඩ්‍රයිවර් කෙනෙක් මීට පස්සේ කියයිද දන්නේ නැහැ හිටගෙන එලවපන් කියල ? (නදී)

:       0       0

සේන Sunday, 27 July 2014 09:23 AM

ඉතින් ඔය දඩයම් යුගයේ මිනිසා නුතන මිනිසාට වැඩිය වැඩි කාලයක් ජීවත් උනාද? එහෙමත් නැතිනම් අද ජීවත්වන කම්කරුවෙක් ලිපිකරුවකුට වැඩිය ජීවත් වෙනවද? (නදී)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Sunday, 27 July 2014 01:22 PM

ඒක ඇත්ත මොකද මමත් ගොඩක් වෙලාවට කාර්යාලයේ ඉන්න කැමති නැහැ ඉදගෙන ඉන්නකොට කොන්ද රිදෙනවා වැඩි නිසා ,මම පොඩ්ඩක් ඇවිදින්න යනවා , එතකොට ටිකක් විතර ඇගට හොදයි (දිල්)

:       0       0

කමල් Sunday, 27 July 2014 02:58 PM

සේන, මෝඩ කතා කියන්න එපා.දඩයම් යුගයේ ප්‍රතිශක්ති එන්නත් තිබුනද? ඒ කාලේ මැරෙන්න ඇති සත්තු ගහලා. (නි)

:       0       0

රත්නසිරි Sunday, 27 July 2014 09:20 PM

මම දැන් වැඩට යන්නත් බයයි. මේක ඇත්තද? දැන් උපදින හැමකෙනාම වගේ පරිගණක අතේ අරගෙනනේ එන්නේ (නි)

:       0       0

නදීෂා Sunday, 27 July 2014 11:35 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

තිලා Monday, 28 July 2014 03:48 AM

මොන බයිලා ද මේවා. ලංකාවේ මිනිස්සුන්ට හිතේ තියෙන දුක, තරහ, කුහක කම, කියන දේවල් හින්දා ඔය හදවත් රෝග. ඔස්ටියෝපොරෝසිස්, පියයුරු පිළිකා, කොන්දේ වේදනාව කියන දේවල් කැපිලා යනවා සාමාන්‍යයෙන් ඇවිදින වේගයට වඩා ටිකක් හයියෙන් ඇවිද්දා නම්. රුධිරගත සීනි ප්‍රමාණය වේගයෙන් අඩුකරගන්න පුළුවන් මොකද සීනි කියන්නේ ග්ලුකෝස් ශක්තිය (නදී)

:       0       0

ශිෆ්රාන් Monday, 28 July 2014 04:20 AM

සේන ඇයි ඔච්චර මෝඩ (නදී)

:       0       0

අප්පුහාමි Monday, 28 July 2014 06:14 AM

අම්මෝ මේ කරන රස්සාව ඇත ඇරලා පාර අතුගාන ජොබ් එකක් හොයාගන්න ඕනා.(අ)

:       0       0

ඊෂාන් Monday, 28 July 2014 07:39 AM

ඔය කියන විදියට ඇවිද ඇවිද ඉන්න එකට අපේ අය කැමති වෙයිද?? (නි)

:       0       0

සෙනරත් Monday, 28 July 2014 10:09 AM

ඕනෑම පුද්ගලික ආයතනයක ඔහොම තමයි, සේවකයා මරලා හෝ ප්‍රධානියා සල්ලි හම්බකරනවා , (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site