අභ්‍යාවකාශ යානයක යැයි සැක සහිත විශාල කොටසක් බ්‍රිතාන්‍යයට අයත් දූපතක් ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එහි ඇමෙරිකා ජාතික ධජය පැහැදිලිව දක්නට ලැබෙයි. මෙහි ෆැල්කන් -9 යන්න ද සටහන්ව ඇත. ෆැල්කන් - 9 යනු මිනිසුන් රහිතව ගුවන්ගත කිරීමෙන් ටික වේලාවකට පසු පුපුරා ගිය රොකට්ටුවකි. හමුවී ඇත්තේ එහි කොටසක් යැයි සැකයක් ඇත. ෆ්ලොරඩා හි කේප් තුඩුවෙන් අභ්‍යාවකාශගත කරන ලද මේ රොකට්ටුවේ කොටස් හමුවූයේ සිසිලි දූපත් ආසන්නයෙනි. එය බ්‍රිතාන්‍යයට නිරිත දිගින් පිහිටි කුඩා දූපත් සමූහයකි.
ෆැල්ගන් - 9 අභ්‍යාවකාශ ගත කිරීමෙන් පසු පිපිරී ගිය ස්ථානයට පහළ මුහුදේ සිට කිලෝ මිටර 6500ක් පමණ දුරින් මේ කොටස හමුවී ඇත. අඩි 33ක් දිගැති අඩි 13 පළලැති එම කොටස කවාටි බෙල්ලන් විසින් වසාගෙන සිටි බව ද නිරීක්ෂකයෝ පවසති.
මෙය සොයාගත් යාත්‍රාවේ කපිතාන් ජෝෂප් තෝමස් පවසන්නේ මෙය දුටු අවස්ථාවේ සිතුවේ එය මියගිය තල්මසකුගේ කොටසක් විය හැකි බවයි. ඒ මත මුහුදු පක්ෂීන් විශාල වශයෙන් වසා සිටි බව ද හෙතෙම පවසා ඇත.
ෆැල්කන් - 9 නමැති අභ්‍යාවකාශ යානය කේප් තුඩුවෙන් ගුවන්ගත වී මොහොතකින් පුපුරා ගියේය. එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට අවශ්‍ය ටොන් දෙකකට වැඩි භාණ්ඩ තොගයක් සහිතව අභ්‍යාවකාශ ගත කරන ලද්දේ පසුගිය ජුනි මාසයේ දි ය. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටි ගගනගාමීන් තිදෙනාට අවශ්‍ය කෑම බීම ද මේ යානයේ විය. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යැවූ යානා අතරින් විනාශ වූ තුන්වැනි යානය මෙයයි.
හමුවූ යානා කොටස දැන් සිසිලි දූපත් සමූහයට අයත් ට්‍රෙස්කෝ දූපතට ගෙනවිත් එය නිශ්චිතව හදුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පර්යේෂකයෝ කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පුපුරා ගිය අභ්‍යාවකාශ යානයක කොටසක් මුහුදේ