උඩු මහලේ පිහිටි තම පෙම්වතියගේ කාමරයේ ජනේලය වෙත දොඹකරයකින් ළඟා වී ඇයගෙන් විවාහ වීමට කැමැත්ත ඉල්ලීමට ගිය නෙදර්ලන්තයේ පෙම්වතකුගේ සැළසුම දොඹකරය පෙරළීම නිසා කඩාකප්පල් විය.
පෙම්වතිය පදිංචිව සිටි මහල් නිවාසයේ වහළ කඩාගෙන දොඹකරය පෙරළී තිබෙන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
දොඹකරය පෙරළෙන අවස්ථාවේ පෙම්වතා පෙම්ගී ගයමින් සිට ඇතැයි සඳහන්ය.සුන්බුන් අතර සිරව සිටි ඔහු නිරුපද්‍රිතව ගලවා ගැනීමට සහන සේවකයින්ට හැකිව තිබේ.
කෙසේවුවත් මේ පුවතට සතුටුදායක අවසානයක් ලබා දෙමින් පෙම්වතිය විවාහයට තම කැමැත්ත දී ඇත්තීය. නිවාස විනාශවූ අසල්වැසියන්ගේ කන්දොස්කිරියාවෙන් බේරීමට දෙදෙන පැරිසියට ‘පලා‘ ගොස්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පෙම් කැකුළ පිපී එන විට මහදේ
සෙනරත් Tuesday, 16 December 2014 03:11 AM
බලන්න මේ දොඹකරය ඉස්සිලා තියෙන තරම. මේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලේ ජනේලයට තියෙන උස වැඩිම වුණොත් අඩි දහඅටක් ඇති. මේ දොඹකරයෙන් විශාල බරක් ඔසවා තියෙනවා. මිනිහෙක් ඉසිලුවාට මෙහෙම වෙන්න විදියක් නැහැ. අනිත් කොටසේ බර වැඩිකමට එන්ජිම කොටස තියෙන්නේ පොළවෙන් උඩට ඉසිලිලා. (නි)
ඩිකි Thursday, 18 December 2014 04:03 AM
අනේ මටත් මෙහෙම පෙම්වතෙක් හිටියා නම්... (නි)
අනුර Thursday, 18 December 2014 03:48 AM
කලබලය නිසා සීමාවන් අමතකවෙලා තිබෙනවා (නි)
මාගලි ෆොන්සේකා Wednesday, 17 December 2014 07:17 PM
මම ඉන්නෙත් පැරිස් වල. අනේ මන්ද, මේ ඇහුවාමයි මෙහෙම දෙයක්. (ර)
විමුක්ති Wednesday, 17 December 2014 02:34 PM
අනේ බන්දුල, ඔය මෛත්‍රී මහත්තයා 8 වෙනිදට දින්නට පස්සේ හැමදාම මතක් වේවි. (නදී)
ඉඳුනිල් Wednesday, 17 December 2014 12:10 PM
මෝඩ පෙම්වතා දන්නෙ නෑහෑ දොඹකරේ පුලුවන් තරම් ඈත් කරන්න ඔනේ වග. (නදී)
ගජබා Wednesday, 17 December 2014 11:05 AM
මටත් දොඹකරයක් තිබුනා නම් එක විකුණලා කාර් එකක් අරගෙන ගිහින් කෙල්ලව දැපනේ දාගන්න තිබුනා (නදී)
ආනන්ද ෙ Wednesday, 17 December 2014 08:20 AM
අර තරුණයාගේ හදවත ප්‍රේමයෙන් බර වෙන්න ඇති, ඒ බර දොම්බකරයේ දරාගැනීමේ සීමාව ඉක්මවා යන්න ඇති. (හේ)
ලංකා Wednesday, 17 December 2014 05:47 AM
දොඹ කරේ අස්සෙත් බන්දුල පෙරේරා දකින්නේ මෛත්‍රී මහත්තයව. නින්ද යන්නෙත් නැතුව ඇති. (නදී)
ගුණවර්ධන Tuesday, 16 December 2014 07:43 PM
බොහෝ කෘරයි, අහෝ මගේ ප්‍රේමේ. දොඹකරය එදා තිබුනේ නැහැනේ. (නදී)
බන්දුල පෙරේරා Tuesday, 16 December 2014 06:21 AM
මෛත්‍රී මහත්තයව මතක් වෙනවා..(බ)
අරුණ Tuesday, 16 December 2014 03:15 AM
දැන් තේරිලා ඇති ඕවාට දොඹකර දාගෙන නටන්න ඕනෑ නැති බව. (නි)
සරත් Monday, 15 December 2014 05:41 AM
"සත්‍ය ප්‍රේමයේ බෘෘංග රාජයෙක්" (බ)
මොහමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:54 AM
ඒ රටවලත් ඉන්නවා නේද අපි වගේ අය? (නි)
රූපවතී Monday, 15 December 2014 03:59 PM
අනේ කෝවිද ගුණසේකර මහත්තයා ..ඔයාට අමතකවෙලා වගේ ..මේ ඊ යේ ලංකාවේ අර දොබකරයත් තට්ටු දෙකේ ගොඩනැගිල්ලකට ඇද වැටුනා..ඇයි අනේ ඔයා ඒ හෙඩින් එකට ලස්සන ...වැකියක් නොලීවේ ...? (අ)
හියුගෝ Monday, 15 December 2014 03:06 PM
බොහොම පුදුමයි අහෝ මේ ලෝකේ.. ඇයි කැඩී ගියේ මේ වහලේ... අප හදෙහි නැඟුන පෙම කැඩී ගියේ නෑ... අප පළාගියේ පැරිසියටා....!!! (නි)
දයා අළහකෝන් Monday, 15 December 2014 12:32 PM
දොඹකරයක් එදා මටත් තිබුණා නම් අද මම මෙහෙම සෞදියේ දුක්විඳින්නේ නැහැනේ (නි)
ශිරන්ති Monday, 15 December 2014 11:57 AM
අපේ කට්ටියත් දැන් ඔය විදියට පෙම් කරන්න ගනීද දන්නේ නැහැ . (නි)
පද්මිණි Monday, 15 December 2014 11:14 AM
අන්න ආදරවන්තයෝ.(හේ)
සංජීවනී Monday, 15 December 2014 09:58 AM
මම හිතාගෙන හිටියේ පිස්සෝ ඉන්නේ මෙහේ විතරයි කියලා. බැලුවම ලෝකේ හැම තැනම පිස්සෝ ඉන්නවා.(හේ)
හසන් Monday, 15 December 2014 08:15 AM
හොඳ වැඩක් (බ)
ජයත් Monday, 15 December 2014 06:45 AM
අනේ ඒ කළේ මගේ ලඟත් දොඹකරයක් තිබුනා නම් අද එයා මා ගාව ! අපරාදේ දෛවය තමයි !!(හේ)
සරත් පියසේන Monday, 15 December 2014 06:12 AM
අනේ තවත් පෙම් මල් පිපියන්.(හේ)