ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර, ජනපති මැදුර හෙවත් ධවල මන්දිරය සහ එරට පරිපාලන ගොඩනැගිලි සංකීර්ණ පිහිටි ‘කැපිටල් හිල්’ කලාපයේ පෙරේදා (3) සවස පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූවාය.
![]() |
මියගිය මීරියම් කෙරී |
ඇය මීරියම් කෙරී නමැති 34 හැවිරිදි ඇමෙරිකානු කලූ ජාතික කාන්තාවක බව එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර, ඇගේ විස්තර සහ ඡායාරූප මාධ්‍ය වෙත ලබා දී ඇත.
ඇය දන්ත වෛද්‍ය හෙදියක වන අතර, කනෙනිකට් ප‍්‍රාන්තයේ පදිංචිකාරියක ද වෙයි.
පෙරේදා, ඇය හිටිහැටියේම ඇගේ මෝටර් රථය වේගයෙන් ධාවනය කරමින්, පොලිස් අණ නොතකා කැපිටල් හිල් අධි ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇත.
පොලිස් නිලධාරීන් පොලිස් රථවලින්, ඇගේ මෝටර් රථය වට කළ අවස්ථාවේදී, ඇය ඒවා හප්පාගෙන ඉදිරියට ධාවනය කර ඇත. මේ සියල්ල මාර්ග අවට ඇති ආරක්ෂක සී.සී.ටීවී කැමරාවල සටහන් විය.
ඇය ලූහුබැඳ යෑමේදී, පොලිස් නිලධාරීන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර, ඔවුන් හෙලිකොප්ටර් ආධාරයෙන් කඩිනමින් රෝහල් ගත කළ බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
අවසානයේ දී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඇගේ මෝටර් රථය හරස් කොට, ඇය මෙල්ල කර ගෙන ඇත්තේ, ඇයට වෙඩි තැබීමෙනි.
වෙඩි තැබීමෙන් රෝහල් ගත කිරීමට පෙර ඇය ජීවිතක්ෂයට පත්වූවාය. ඇය එම කලබලය සිදු කරද්දී, මෝටර් රථයේ වයස අවුරුදු දෙකක් වයසැති ඇගේ දියණිය ද සිටි බව වාර්තා වේ.
මීරියම් කෙරී එසේ කලහකාරී ලෙස හැසිරුණේ ඇය මානසික ආතතියකින් පෙලූණු නිසා යැයි එෆ්.බී.අයි. පරීක්ෂකවරු පවසති.
ඇය මෝටර් රථය ධාවනය කරමින්, කැපිටල් හිල් කලාපයට කඩා වැදුණු අවස්ථාවේදී, ධවල මන්දිරයේ ආරක්ෂාව වහා තර කෙරුණි. ජනපති ආරක්ෂක සේවයේ නිලධාරීන් සහ ස්වොට් පොලිස් නිලධාරීහු ජනපති මැදුර වටකරමින් සීරුවෙන් සිටියහ.
සිද්ධියෙන් පසු පැය කිහිපයක් යන තුරුම ‘කැපිටල් හිල්’ කලාපය වසා දැමීමට ද පියවර ගැනුණි.
![]() |
මීරියම් කෙරී මෝටර් රථයේ හැපුණු පොලිස් රථයක් |
![]() |
සිද්ධියෙන් පසු කැපිටල් ගොඩනැගිල්ලට ආරක්ෂාව ලබාදෙමින් |
![]() |
මෝටර් රථය වටකිරීමට උත්සාහ ගනිමින් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිස් වෙඩි පහරින් කාන්තාවක් මරුට
මර්ලන් දී සිල්වා -කැනඩාව Saturday, 05 October 2013 09:57 PM
කෝ මානව හිමිකම් අපි වගේ දියුණුවෙන් නැගී එන රටකට තමයි ඕවා ලෝකේ පුළුවන්කාර පොලිසියක් සහ හමුදා තියෙද්දිත් මේ තරුණ ගැහැණු කෙනෙක් මෙල්ල කරගන්න බැරි හැටි අහෝ දුකකි . අර කෙනෙක් කිව පරිදි රෝද වලට වෙඩි තියන්න තිබ්බේ .මනුස්සයත් බේරෙනවා වැඩෙත් කොටයි ,කොපමණ අලාබහානිද මේ රට වල කට පමණයි වැඩ නෑ හඬ පමණයි දුර්වල රට වල බලල ප්‍රශ්න ඇති කරන එක තමයි උන්ගේ ආස්වාදය ,(නදී)
ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 06:32 AM
දමින්දට හොඳ අදහස් ලැබෙනවා. මට සතුටුයි (නි)
පෙත්තා Sunday, 06 October 2013 11:29 PM
එන්නකෝ ලිබියාවට්...සිරියාවට ..පකිස්ථානෙට..ඊජ්ප්තුවට...ඔය තියෙන්නේ ගනින්න දුසිම්ගානට හැමදාම...(නදී)
peththa Sunday, 06 October 2013 11:23 PM
මගේ අම්මෝ....එක කෙල්ලෙක් ට වෙඩි තිබ්බට මෙයාල ඩෝන් දානවා. මෙහෙ කොච්චර කෙල්ලෝ ඉන්නවද ජොලියේ...?.(නදී)
දා කොල්ලා යු. එස්. ඒ Sunday, 06 October 2013 10:06 PM
දමින්ද ඔබ ආරක්ෂක අංශයක කුස්සියේ වැඩ කරපු කෙනෙක් වන්නට ඕනේ . .(නදී)
කුමාර Sunday, 06 October 2013 11:51 AM
ජගත් සංවිධානය බම්බු ගහනවද ?කලු ජාතික කාන්තාවක් මෙසේ ඇමරිකානු රජය විසින් නින්දිත ලෙස මරාදැමීම පිළිබඳව පිල්ලෙ නෝන යවලා පරීක්ෂණයක් කරන්නෙ නැත්තෙ මන්දා ? . (නදී)
ගුණේ Sunday, 06 October 2013 09:56 AM
දුමින්ද මට මතකයි අර ආරක්ෂක කදවුරේ කුස්සියේ ඔබ පොල් ගාපු හැටි.. (නදී)
පැහැසර Sunday, 06 October 2013 08:15 AM
අනේ මන්දා මෙච්චර හරියක් වෙද්දී වෙඩි නොතියා මොනවා කරන්නද? මේක රටේ ජනාධිපතිවරයා ආරක්ෂා කරගන්න ගත් ක්‍රියාමාර්ගයක්. බලය රැකගන්න කරපු දෙයකුත් නෙමෙයි. (නි)
හසරැල් Sunday, 06 October 2013 06:18 AM
දමින්ද කිව්ව දේ මම අනුමත කරනවා. මේ පොලිස් කාර් එක හැපිලා තියෙන විදිහට ටයර් වලට වෙඩි තිබ්බට වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි. අනිත් එක ටයර් වලට වෙඩි තිබ්බහම මේ වාහනේ හැසිරිලා තියෙන විදිහට වෙන කොහේ හරි හැපිලා වාහනේ හිටපු ළමයට හානි වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ධවල මන්දිරේ හරියේ මෙහෙම සෙල්ලම් දානකොට වෙඩි නොතියා ඉඳීද? අපේ අරලිය ගහ මන්දිරේ හරියේ මෙහෙම කළොත් වෙඩි නොතියා ඉඳීද? මානව හිමිකම් වගේම ඕනෑම රටක ජාතික ආරක්ෂාවත් පවත්වාගන්න ඕනැනේ. (නි)
ලුම්බිණි Sunday, 06 October 2013 04:54 AM
එකම දේ ඇමරිකාවේ පොලිසිය කුලියට මිනිස්සු මරන්නේ නැහැ. (නි)
කුමාර Saturday, 05 October 2013 10:01 PM
ඇමරිකාවේ ආරක්ෂක අංශ ස භාවිතා කරන්නේ 1970 ගණන්වල වලව වියප්රුතියට යොදාගත් වර්ගයේ ට්‍රක් රථ... ! අඩුමතරමේ ඩිපෙන්ඩර් හෝ බී.එම්.පී ඩිපෙන්ඩර් හෝ බී.එම්.පී වැනි රථ නැතුව ඇති (නදී)
කුමාරන Saturday, 05 October 2013 01:42 PM
කෝ අපේ පිල්ලේ අම්ම? එතොකොට මානව හිමිකම් සංවිධාන කෝ ? ඩොලර් ලැබෙන්නේ නැද්ද මේ වගේ සිද්දි වලට?(දී)
දුමින්ද Saturday, 05 October 2013 08:11 PM
වර්තමාන නාගරික ජීවන රට නිසා ආතතියට පත්වෙනවා. එහෙත් අපට හැකී භාවනා යෝග ක්‍රම මගින් එය අඩුකරගන්න මෙය මාගේ අත්දැකීමක්.(නදී)
අසෝක Saturday, 05 October 2013 08:08 PM
මොනවා කියන්නද? ඇමෙරිකාවෙනේ ;;;;;;;;? කාන්තා අයිතිය............? මානව හිමිකම්.;;;;;;;;;;;;;;;;;;;;? ලෝක ළමා දිනය? මව්වරුන්ගේ හිමිකම්.............? ඉතින් අපිත් බලාගෙන ඉම්මු ඇමෙරිකාවෙන්ම පිළිතුරත් ලැබෙනකම්;;;;;;;? මේ කාන්තාවට වෙඩි තිබ්බ කියල රතු අයියල දැනටමත් පෙළපාලි ලැහැස්තිකරලද දන්නේ නැහැ ලංකාවේ? ඔබම හෙටම අස්වීමේ ලිපිය බාරදීලා යයිද දන්නේ නැහැ.(නදී)
දමින්ද Saturday, 05 October 2013 06:45 PM
මෙවනි අවස්තවක කාර් එකට වෙඩි නොතියන්නෙ මෙය කාර් බොම්බයක් විය හැකි බැවින්. කරුණාකරලා නොදන්නා දේ කියවන්න එපා. මම ආරක්ශක අංශයෙ හිටි කෙනෙක්. මෙවැනි අවස්ථා සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තිබෙනවා. (නි)
පෙත්තා Saturday, 05 October 2013 06:16 PM
කෝ ඉන්දු රූපා චන්ඩි ඔයාල තාම කඹුරුපිටියේද? කාන්තාවෝ පොලිෂියෙන් මරනවෝ... (දී)
අමිල ඒකනායක Saturday, 05 October 2013 06:00 PM
මිනිස් ජිවිත වල වටිනා කම නොදන්නා මිනිස්සු (දී)
ඇන්ටන් . Saturday, 05 October 2013 05:56 PM
විමල් වීරවංස ඇමති වහාම මේ ගැන සොයා බලා බරපතල ප්‍රකාශයක් කරන තුරු අපි බලා හිදිමු . (දී)
ලංකා ප්‍රත්‍ර Saturday, 05 October 2013 04:10 PM
මේ සිද්ධිය පිළිබධව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් කල යුතු බවත් ශ්‍රී ලංකා රජයේ අවදානය යොමුවී ඇති බවත් කියල වොෂින්ටන් ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කලානම් හරි.(නදී)
ඇසළ Saturday, 05 October 2013 03:56 PM
ඇමරිකාවේ පොලිස් කාර් එකක් කිව්වට හැපිලා තියන විදියට අපේ ත්‍රි විල් එකක් වගේ පොඩි පට්ටම්වෙලා.(නදී)
ටිරෝනි සෙනවිරත්න Saturday, 05 October 2013 03:29 PM
මෙහි සජීවී දර්ශන මම නැරඹුවා. රෝද වලට වෙඩි තිබ්බා නම් අර ජීවිතය බේරාගන්න තිබුනා. ඒ කාටවත් ඒක කල්පනා වුවේ නැහැ. ඒ අතින් අපේ හමුදාව කොච්චර දක්ෂද ? (නදී)
ඉන්දු මෙල්බර්න් Saturday, 05 October 2013 03:24 PM
කාර් එක නවත්ත ගන්න නම් ටයර් වලට වෙඩි තිබ්බ නම් ඇති නේ, ඇයි එයාට වෙඩි තිබ්බේ මැරෙන්නන්ම? කෝ මානව හිමි කම් ? (දී)