දුම්බීමේ පුරුද්ද අත්හැරගත නොහැකි තැන පොලිස් නිළධාරියෙකුට පහරදී ‘‘විහින්‘‘ සිරගත වූ කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයෙනි.
එට්ටා මේ ලෝපේස් නම් මේ කාන්තාව දුම්බීමේ පුරුද්ද අත්හැරගත නොහැකිව සිට ඇත.අවසානයේ මෙය හිසරදයක් බවට පත්වූ තැන ඇය තීරණය කර ඇත්තේ සිරගත වීමටයි.මන්ද සිරගෙදරදී දුම්බීම තහනම් බැවිනි.ඒ සදහා සැළැසුමක් සකස් කර ප‍්‍රදේශයේ පිහිටි සිරගෙදරක් ආසන්නයේ රැකගෙන සිට ඇති ඇය එහි කටයුතු භාර පොලිස් නිළධාරියා පිටතට පැමිණෙන තෙක් බලා සිට තිබේ.පිටතට පැමිණි වහා ඔහු ළගට දිවගොස් ඇති මේ කාන්තාව හොද කම්මුල් පහරකින් පොලිස් නිළධාරියාට සංග‍්‍රහ කර ඇත්තීය.
‘‘ගෙදර යන්න බලාගෙන මම එළියට ආවේ.මෙන්න එක සැරේට කොහෙන්ද මන්ද කඩා පාත් වෙච්ච ගෑණු කෙනෙක් මට කම්මුල් පාරක් එල්ල කළා..මට හිතාගන්නත් බැරිවුණා මේ මොකක්ද වෙන්නේ කියලා.‘‘ යැයි කියන්නේ පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා වන නික් ඔ‘ඩර්ම්ය.
වහාම එට්ටාව අත්අඩංගුවට ගෙන ඇති නික් ඇයගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම් වලදී ඇය පහර දීමට හේතුව හෙළි කර ඇත.කෙසේ වුවත් පොලිස් නිළධාරියෙකුට පහරදීම වරදක් වන බැවින් ඇයට අධිකරණයේද පෙනී සිටීමට සිදුවූ අතර එහිදී ඇයට දවස් 63 ක සිර දඩුවමක් නියම වුනි.
සිරගත වීමට සිදුවූවත් තම අරමුණ ඉටුවීම නිසා එට්ටා නම් සිටින්නේ සතුටින් බව සදහන්ය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
පොලිසියට ගසා දුම් බීමට තිත.
ලසන්ත Monday, 13 May 2013 03:49 PM
ලංකාවේ නම් හිර ගෙවල් ඇතුලේ කුඩු තියන නිසා ඒ වැඩේ හරියන්නේ නැහැ.(ස)
අසාද් Monday, 13 May 2013 03:54 PM
ලංකාවෙ අයත් මේක ආදර්ශයට ගන්න.(ස)
සිසිර Monday, 13 May 2013 04:35 PM
අනේ එකට ලංකාවේ හිරගෙදර මොනවද නැත්තේ සල්ලි තියනවනම් ගෙදරට වැඩිය හොඳයි හිරගෙදර..(ස)
රුවන් Monday, 13 May 2013 04:56 PM
පිරිමි වාට්ටුවේ කාන්තාවන් හැර ඕනෑම සුරසපක් තියෙනවා[මුදල් තියනවා නම්] එළියේ කුඩු හිග වුණත් ඇතුලේ කුඩු, ගංජා,මල් ,සිගරට් බීඩි ඕනෑ තරම් තියනවා (නි)
ආනන්දආර් Monday, 13 May 2013 07:05 PM
එහෙ හිරගෙදර මානව හිමිකම් රකින්නේ නැතුව ඇති. (නි)
ඉස්ලාම් Monday, 13 May 2013 07:48 PM
ලංකාවේ නම් මෙයාගේ අරමුණ ඉටුවන්නේ නැහැ. සිගරට් නවත්වන්න හිරේට ගියොත් , එලියට එන්නේ කුඩුකාරයෙක් වෙලා. (නි)
ගාමිණී-සිරි Monday, 13 May 2013 09:23 PM
පසුගියදා පුවත් පතක පලවී තිබුනා බන්ධනාගාරයේ තිත්ත ඇත්ත කතාවක්. දුම්බීමට තිත වෙනුවෙන් ලංකාවේ බන්ධනාගාරයකට ඇතුල් වුනානම් මේ සුදු නංගීට එලියට යනවිට එක්කෙනා දෙන්න වෙලා පිටවෙන්න පුළුවන් වෙයි අගේට.(නදී)
නිමල් Tuesday, 14 May 2013 09:19 AM
ආගමක් දහමක් අනුව ජීවත් උනානම් ....... ඔච්චර කරදර වෙන්න දෙයක් නැහැ. (ස)