X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පෝළිමට නිවුන්නු

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම සාමාන්‍ය දෙයකි. එහෙත් එක ම පවුලක පරම්පරා හතරක් නිවුන් දරුවන් වීම අතිශය දුර්ලභ හා අසාමාන්‍ය දෙයකි.

පසුගියදා ජෙසිකා හා ක්ලාරා ග්වේන් උපන්නේ නිවුන් දරුවන්‍ ලෙසිනි. ඔවුන්ගේ මව මෙල් ග්වේන් ය. මෙල් හා ඇයගේ සොයුරිය වන ශෙරිල් ද නිවුන් සහෝදරියන් වේ. ජෙසිකා සහ ක්ලා‍රාගේ සීයා, එනම් මෙල්ගේ පියා කෙවින්ය. කෙවින් හා කේත් යනු නිවුන් සොයුරන් ය. කෙවින් හා කේත්ගේ මව වන ජෝස්ට ද මාග්‍රට් නම් වූ නිවුන් සොයුරියක් සිටියාය. මේ දෙදෙනා දැන් ජීවතුන් අතර නැත.

ඒ අනුව ජෙසිකා සහ ක්ලාරා, මෙල් සහ ෆෙරිල්, කෙවින් සහ කේත්, ජෝස් සහ මාග්‍රට් යනු එකම පවුලක පරම්පරා හතරක නිවුන්නු ය‍. මේ පරපුර ඊසාන දිග එංගලන්තයේ බ්‍රිස්ටල් හි පදිංචිව සිටිති.

ජෙසිකා (වම් පස) සහ ක්ලාරා (දකුණු පස)

ළමයින්ගේ මව මෙල් (දකුණුපස) සහ ඇගේ සොයුරිය ශෙරිල් කුඩාකාලයේ දී

ළමයින්ගේ සීයා කෙවින් (දකුණු පස) සහ ඔහුගේ සොහොයුරු කේත් කුඩාකාලයේ

ළමයින්ගේ මී ආච්චි ජොස් ඇගේ සොයුරිය මාග්‍රට්ගේ ඡායාරූපයක් නැත.

කෙවින් (වම්පස) සහ කේත් ජෝස් සමග

මෙල් ක්ලාරා (වම්පස) සහ ජෙසිකා සමග

මෙල් (දකුණු පස) සහ ශෙරිල් ඔවුන්ගේ මිත්තනිය සමග

මෙල් සහ ශෙරිල් ඔවුන්ගේ මව හා පියා සමග

 

 

 

 

 



අදහස් (0)

පෝළිමට නිවුන්නු

රජින්ද Wednesday, 11 June 2014 04:14 PM

ෂා... නියමයිනේ...!!! (නි)

:       0       0

මලින්ෂ පානදුර Wednesday, 11 June 2014 07:41 PM

අපුරු නිවුන්නු (නි)

:       0       0

ලක්ෂපාන Wednesday, 11 June 2014 11:04 PM

ශ්‍රිලංකාවේ සියලුම මව් වරුන්ට නිවුන්නු හම්බවෙනවානම් මම කැමතී.(දී)

:       0       0

අආෂා Thursday, 12 June 2014 09:15 AM

මමත් ආසයි නිවන් දරුවන්ට (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 12 June 2014 09:52 AM

පින්බර පරම්පරාවක්.දරුවෙකුටත් වාසනාව තියෙනවා ඒ පවුල්වලම ඉපදෙන්න. (දී)

:       0       0

දුම්මලසූරිය Thursday, 12 June 2014 09:57 AM

කොයි විදියට හෝ විවාහක (නීතියෙන්)යුවලකට දරුවෝ ලැබෙන එක වාසනාවක්. ඒ අතරින් මෙවැනි නිවුන් දරුවන් පරම්පරා කීපයක්ම එක දිගටම ලැබීම අති විශේෂ දෙයක්. ඒ මොනවා උනත් ඒ පුංචි පැටවූ දෙන්නට හා මවට සැප සතුට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා!!!! (දී)

:       0       0

ශාන්ති Friday, 13 June 2014 01:40 AM

ලක්ෂපාන, ඔයාට පිස්සුද? අපිට එක දරුවෙක් හදාගන්න බැරුව සිටියදී ඔයා කියනවා නිවුන් බබාලා ලැබුනොත් හොඳයි කියලා (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 13 June 2014 10:00 AM

මමත් කැමතියි අපටත් මෙහෙම ලැබුණා නම්. ඒත් අපිටත් එක සුරංගනාවියක් ලැබුනා. හැමෝටම නිරෝගිමත් දරුවන් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

චාන්දනී Friday, 13 June 2014 01:19 PM

මම නම් හරි ආසයි නිවුන් දරුවන්ට. පාරේ ගියත් මට හැරී හැරී බලන්න හිතෙනවා. (නදී)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 01:20 PM

ශාන්ති දහිරියවන්ත වන්න. ලංකාවේ මුතුන්මිත්තෝ එක අතක ඇගිලි වලට වඩා දරුවෝ හැදුවා. ලංකාවේ සිංහල ජාතිය අඩුවෙනවා දකින්න මගේ කිසිම කැමැත්තක් නැහැ. (නදී)

:       0       0

නෙළුම් Friday, 13 June 2014 01:23 PM

නිවුන් දරුවන් ඉන්න පවුල් වල ඊළඟ පරම්පරාවේ නිවුන්නු ඇති වීමේ ප්‍රවනතාවය වැඩියි. නිවුන් සහෝදරයෙක් ඉන්න මගේ ඥාති සොහොයුරියට ළඟදී නිවුන් දරුවන් ලැබුනා. (නදී)

:       0       0

සශිමාල් Friday, 13 June 2014 01:36 PM

ලක්ෂපානගේ පැතුම ඉටු වේවා.. (දී)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 08:52 PM

චාන්දනීට නිරෝගිමත් , ලස්සනම ලස්සන නිවුන් දරුවන් ලැබේවා ! (නදී)

:       0       0

ශාන්ති Saturday, 14 June 2014 02:36 AM

ඔබේ පැතුම එලෙසටම ඉටු වෙන්ඩ කියා පතමි ලක්සපාන (දී)

:       0       0

චින්තක Sunday, 15 June 2014 08:01 AM

ඔබේ පැතුම එලෙසින්ම ඉටුවෙන්න කියා පතමි, ලක්ෂපාන (නි)

:       0       0

හේමන්ත Tuesday, 17 June 2014 11:56 AM

විශ්මය ජනකයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site