සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්නවීමත් සමඟ එහි යැවූ තම සාම නිරීක්ෂණ කණ්ඩායම වහා ආපසු ගෙන්වා ගැනීමට අරාබි ලීගය ඊයේ (2) තීරණය කළේය.
විරෝධතාකරුවන්ගේ සහ විපක්ෂ කි‍්‍රයාකාරීන්ගේ විරෝධතා දිගින් දිගටම එල්ල වුවත් බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්, අසීමිත ලෙස බලය පාවිච්චි කරමින් විරෝධතාකරුවන් මර්දනය කරන බවත්, රටේ පවතින ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට ජනපති අසාද්ට හෝ ඔහුගේ රජයට හෝ කිසිදු අවශ්‍යතාවක් නැති බවත් අරාබි ලීගයේ ප‍්‍රධානී නබිල් අල් අරාබී චෝදනා කරයි.
අරාබි ලීගය සැලැසුම් කර තිබුණේ ඊයේ වනවිට තවත් නිරීක්ෂණ කණ්ඩායමක් සිරියාවේ ඩමැස්කස් අගනුවරට පිටත් කර හැරීමටය. එහෙත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වීමත් සමඟ එම තීරණය වෙනස් කිරීමටත්, සිරියාවට යැවුණු තම නිරීක්ෂකයන් යළි ගෙන්වා ගැනීමටත් තීරණය කළේ යැයි අරාබි ලීගයේ ප‍්‍රධානියා වැඩි දුරටත් කියා සිටියේය.
සාමාජික රටවල් විසි දෙදෙනකුගෙන් සමන්විත අරාබි ලීගය, සිරියාවේ අර්බුදකාරී තත්ත්වයට විසඳුම් සෙවීමේ අරමුණින් සාම සැලැස්මක් හඳුන්වා දුන්නේ මීට මාසයකට පෙරය.
ජනාධිපති අසාද් මුලදී එම සාම සැලැස්මට අකමැත්ත පළ කළේය. ඒ, එය නිර්මාණය කිරීමට විදේශවල මැදිහත් වීමක් පැවැති හෙයිනි. කෙසේ නමුත් අරාබි ලීගයේ බලපෑම් නිසා අවසානයේදී ජනාධිපති අසාද්ට අකමැත්තෙන් වුවද ඊට එකඟවීමට සිදුවිය.
රටේ ඕනෑම තැනකට ගොස් සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමටත් සත්‍යය කුමක්දැයි අවබෝධ කර ගැනීමටත් අරාබි ලීගයේ සාම නිරීක්ෂණ කණ්ඩායමට සිරියා රජයේ පූර්ණ සහාය ලබා දීමට ජනාධිපති අසාද් කැමැත්ත පළ කළේය. සාම නිරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණියේ ඒ අනුවය.
අරාබි ලීග නියෝජිත කණ්ඩායම පළමුවෙන්ම හොම් සහ ඩමැස්කස් යන නගරවල සංචාරයේ යෙදුණේය. සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බහුලව සිදුවූයේ හොම් නගරයේය.
සිරියා රජයේ ආරක්ෂාව යටතේ අරාබි ලීග නිරීක්ෂකයන් සිරියාවේ සංචාරය කිරීම ගැන සිරියා විපක්ෂ කණ්ඩායම් විරෝධය පළ කරයි. ඔවුන් කියා සිටියේ සිරියා රජයේ අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන සාම නිරීක්ෂණ කටයුතු සර්ව සාධාරණ නොවන බවය.
මේ අතර පෙරේදා (1) ඩමැස්කස් අගනුවර රාජ්‍ය විරෝධී විරෝධතා පෙළපාළි රැුසක් පැවැත්වුණු. ඊට විපක්ෂ කණ්ඩායම් රැුසක් එක් ව සිටි බව වාර්තා විය. විපක්ෂ කණ්ඩායම් කියා සිටියේ අසාද්ගේ ඒකාධිපති පාලනයට එරෙහිව තමන් සන්ධානගත වූ බවය. විරෝධතාකරුවන් සහ අසාද්ගේ ආරක්ෂක අංශ අතර දරුණු ගැටුමක් ද හට ගත් අතර එහිදී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්වූයේය.
සිරියා අර්බුදය හටගත්තේ ඉකුත් මාර්තු මාසයේදීය. ඒ, ටියුනීසියාවෙන් සහ ඊජිප්තුවෙන් ඇරැඹි විරෝධතා රැල්ලට සමගාමීවය. විරෝධතාකරුවන් මර්දනයට හමුදාව යොදවීය. හොම් නුවරදී යුද ටැංකි යොදා ගනිමින් විරෝධතාකරුවන්ට පහර දුන් බවට ජනාධිපති අසාද්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. සිරියා විරෝධතාකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් ආයුධ අතට ගත්තේ ඉන් පසුවය.
ජනාධිපති අසාද් පවසන්නේ තම හමුදා සටන්කරන්නේ ආයුධ සන්නද්ධ පිරිස් සමඟ මිසක් විරෝධතා දක්වන සිවිල් වැසියන් සමඟ නොවන බවය. තම රට වැසියන් මරා දමන්න තරම් තමා උම්මත්තකයකු නොවන බව ද අසාද් පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මේ වනවිට සිරියා රජයේ ආරක්ෂක අංශ එල්ල
කළ ප‍්‍රහාරවලින් සිරියාවේ සිවිල් වැසියන් 5,585 දෙනකු මියගොස් ඇති බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නවත්වන්න සිරියා ජනපතිට ඕනෑකමක් නෑ