ග්වාතමාලා රාජ්‍යයට ඔබ්බෙන් පැසිෆික් මුහුද පෙරේදා(7) රික්ටර් මාපකයේ ඒකක 7.4ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයකින් කැලැඹී ගිය අතර ඉන් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 150කට අධික පිරිසක් තුවාල ලැබූහ
භූකම්පනයේ බලපෑම ග්වාතමාලාවට පමණක් නොව එල් සැල්වදෝර් සහ මෙක්සිකෝව යන රටවලට ද දැනුණු අතර එල් සැල්වදෝර් වෙරළ කලාපයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
භූකම්පනයෙන් මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි යැයි පවසන ග්වාතමාලා ජනපති ඔටෝ පේරෙස් මේ වන විට 23 දෙනෙක් අතුරුදන්ව ඇතැයි ද සඳහන් කළේය.
ග්වාතමාලාවේ කැම්පීරෝ නගරයට කිලෝමීටර් 24ක් නිරිතදිගින් පිහිටි ස්ථානයක භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙක්සිකෝ දේශසීමාසන්නයේ පිහිටි සැන් මාර්කොස් ප‍්‍රදේශයෙන් ජීවිතහානි වැඩි ප‍්‍රමාණයක් වාර්තා වේ. එම නගරය පිහිටා ඇත්තේ ග්වාතමාලාවේ අගනුවරට කිලෝමීටර් 250ක් එපිටින්ය. එම නගරයේ මියගිය ගණන 39කි. මායා ගෝත‍්‍රයට අයත් වැසියන් ජීවත්වන ප‍්‍රදේශවලට ද දැඩි හානි සිදුව තිබේ.
පවසන්නේ මේ වන විට 16,000ක් අවතැන්ව ඇතැයි පවසන ජනපති පේරේස් 1976 වසරේදී පුද්ගලයන් 23,000ක් බිලි වූ භූකම්පනයට පසුව හටගත් ප‍්‍රබල භූකම්පනය මෙය බව සඳහන් කරයි.
භූකම්පනයේ බලපෑමෙන් දැඩි හානි සිදුවූ ප‍්‍රදේශවලට විදුලිබලය සැපයුම ඇණහිට ඇති අතර ජල සම්පාදන කටයුතු ද අඩාල වී තිබේ.
විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ග්වාතමාලා රජය පියවර ගෙන ඇති අතර මිනිසුන් 800 දෙනකුට රැඳී සිටිය හැකි තාවකාලික වාසස්ථාන 11ක් ඉදි කර ඇතැයි ද වාර්තා වේ.
යටත්විජිත සමයේ ගෘහනිර්මාණ ශිල්පයට අනුව තැනූ සැන් මාර්කෝස් නගරයේ ගොඩනැගිලිවලට ද බරපතළ හානි සිදුව ඇත. එමෙන්ම අනෙකුත් ප‍්‍රදේශවල පැරැණි නිවාස ආදිය බිමට සමතලාවී ඇති අයුරු දක්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.
භූකම්පයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක් හටගත් බව භූවිද්‍යාඥයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රබල භූකම්පනයකින් ග්වාතමාලාව කැළඹේ
සුගන්දි Friday, 09 November 2012 02:40 PM
ලෝක විනාශය කියන්නේ මේවාටමයි අපිත් දන්නේනෑ අපටත් මොනඉරනමට මූණදෙන්න සුදුවෙයිද කියා තෙරුවන්සරණයි ....
මුතුකුඩ Friday, 09 November 2012 07:44 PM
තව කෙතරම් දේවල් සිදුවීමට තිබෙනවාද? (නි)
අසේල Saturday, 10 November 2012 09:29 PM
අයියෝ සල්ලි