තුර්කිය යළිත් වරක් ප‍්‍රබල භූමිකම්පාවකින් ඊයේ (10) කැළැඹී ගියේය. එයින් පුද්ගලයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. භූමිකම්පාවෙන් කඩා වැටුණු නිවාස සහ ගොඩනැගිලි අතර සිරවුණු 23 දෙනකු බේරා ගැනීමට සහන සේවකයෝ සමත් වූහ.භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වුණේ නැගෙනහිර තුර්කියේ වෑන් නුවරටය. නගරයේ ගොඩනැගිලි තුනක් මුළුමනින්ම බිමට සමතලා වී ඇති අතර නිවාස රැසක් ද සම්පූර්ණයෙන්ම විනාශ විය.භූමි කම්පාව හට ගැනීමත් සමඟ සහන සේවකයන් වහා කි‍්‍රයාත්මක වී සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර 23 දෙනකුගේ ජීවිත බේරා ගැනීමට ඔවුහු සමත් වූහ. විදෙස් පුවත් සේවා මුලින් වාර්තා කළේ භූමි කම්පාවේ ප‍්‍රබලත්වය රික්ටර් මාපක ඒකක 7.2 ක් බවය. එහෙත් එය ප‍්‍රබලත්වය ඒකක 5.2 ක් යැයි පසුව නිවේදනය කෙරුණි. ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ද තුර්කිය, ප‍්‍රබල භූමිකම්පාවකින් කැළැඹී ගිය අතර එයින් 600 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම භූමි කම්පාවෙන් උන්හිටිතැන් අහිමි වූවන් තවමත් තාවකාලික කූඩාරම්වල රැඳී සිටන අතර ඊයේ සිදුවූ භූමි කම්පාවත් සමඟ එම පිරිස තවත් අපහසුවට පත් වූ බව තුර්කි නියෝජ්‍ය අගමැති බෙසීර් අටාලේ පවසයි.භූ කම්පන විද්‍යාඥයන් පවසන්නේ ඊයේ හටගත් භූමිකම්පාව ඉකුත් ඔක්තෝබර් මාසයේ සිදුවූ භූමි කම්පාවේ පසු කම්පනයක් බවයි.සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් දිගටම සිදු කෙරමින් පවතින බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් සහන සේවකයෝ පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රබල භූමි කම්පාවක් තුර්කිය කළඹයි