ප‍්‍රහාරක ගුවන් යානා දෙකක හා එහි නියමුවන් දෙදෙනගේ සහයෙන් මරණාසන්නව සිටි රෝගියකුගේ දිවි ගලවාගැනීමට නෝර්වේහි බොඬේ නගරයේ රෝහලක කාර්යමණ්ඩලය සමත්වූහ.
මරණාසන්නව සිටි රෝගියාට ප‍්‍රතිකාර කිරීමට අවැසි වූ උපකරණ රෝහලේ නොතිබුණු අතර සැතපුම් 280 ක් දුරින් තවත් රෝහලක එම උපකරණ තිබෙන බව ඔවුනට දැනගන්නට ලැබිණ.
මේ සා දුරක් එම භාණ්ඩ ප‍්‍රවාහනය කර රෝහලට ගෙන්වාගත්තද ඒ වන විට රෝගියා මියගොස් සිටිනු ඇති බව තේරුම් ගත් ඔවුහු වහාම නෝර්වේ ගුවන්හමුදාව ඇමතූහ.
අවශ්‍යතාවය පැහැදිලි කළ පසු ගුවන් බලධරයෝ ඔවුනට උදව් කිරීමට පොරොන්දු වූහ.රෝහලට ආසන්න ගුවන් හමුදා කඳවුරකින් පුහුණු සැසියක් සදහා ගුවන්ගතවීමට සූදානමින් සිටි ගුවන්යානා දෙකක නියමුවන්ට රෝහලේ අවශ්‍යතාවය දැනුම්දෙනු ලැබිණ.
වාසනාවට මෙන් එක් ගුවන්යානයක භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමට හැකිවන සේ අමතර කොටසක් සවිකර තිබිණ.
විනාඩි 25 ක කාලයක් ඇතුළත දුරින් පිහිටි රෝහලේ සිට රෝගියා සිටි රෝහල දක්වා අදාළ උපකරණ ගෙනවිත් දීමට නියමුවන්ට හැකිවිය.
සාමාන්‍යය අවස්ථාවකදී මෙම ප‍්‍රදේශයේ පියාසැරියක් සම්පූර්ණ කිරීමට විනාඩි 35 කට ආසන්න කාලයක් ගතවුවත් රෝගියාගේ ජීවිතය ගැන සිතා එය විනාඩි 25 කින් අවසාන කළ බව ගුවන්හමුදා කදවුරේ නියමු ප‍්‍රධානියා පැවසුවේය.
''ඔවුන් ඇසුවේ ගෙනෙන්නට තිබෙන උපකරණ වල ප‍්‍රමාණය ගැන විතරයි''. රෝහලේ ප‍්‍රකාශයකයෙක් කිවේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ප‍්‍රහාරක නියමුවෝ ජීවිතයක් බේරති
පිටබැද්දර ජයා Saturday, 23 April 2016 01:37 AM
හැමදේටම කලින් මිනිස්කම! නියමයි. සුබ පැතුම්! (නි)
ප්‍රියන්ත Saturday, 23 April 2016 04:00 AM
යම් දෙයක් කරන්න ඕනෑ නම් සහ උවමනාව තියෙනවා නම් එය කළහැකියි. ලංකාවේ සංවර්ධනයටත් එසේමයි (නි)
උපතිස්ස Saturday, 23 April 2016 08:28 AM
විශිෂ්ට ක්‍රියාවක්. මගේ සුබ පැතුම්! (නි)
සරත් Saturday, 23 April 2016 09:44 AM
අපේ නියමුවන් වුවත් එහෙම තමයි (නි)
නිමල්ලාලිත Sunday, 24 April 2016 06:11 AM
විනාඩියක ප්‍රමාදය අපේ සෙබළුන්ගේ ජිවිත් අවදානමකට ලක් කිරීමක්. කෙසේ හෝ මම යානය පහලට ගන්නම් , ගුවන්ගත වීමට අවසර දෙන්නයි පවසමින් මරුවා පෙනී පෙනී ආයුද සමග ගුවන් ගත වූ අපේ වීරෝදාර ගුවන් නියමුවන් සිටිනවා. (ර)
හෙට්ටිආරච්චි Sunday, 24 April 2016 06:42 AM
ගොඩක් හොඳ දෙයක්. (ර)
අසංක Sunday, 24 April 2016 06:54 AM
ලංකාවේ නම් දේශපාලකයන්ට පමණක් උරුම වූ අවස්ථාවක්. (ර)
දිලිප් වික්‍රමරත්න Monday, 25 April 2016 11:13 PM
අපේ නම් මෙහෙම දෙයක් වෙන්නේ දේශපාලකයෙක් අසනීප වුණාම විතරයි. දුප්පත් අහිංසක මිනිහෙකුට පාරෙන් එහා පැත්තේ තියෙන බෙහෙත් ටික ගන්නවත් විදියක් නැහැ. ඔන්න ඕක තමයි සැබෑ සමානාත්මතාවය. හැම ජීවිතයකම වටිනාකම එක හා සමානයි (නි)
ලක්ෂ්මන් Tuesday, 26 April 2016 05:15 AM
ශ්‍රී ලංකාවේ යුද්ධයටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලබාදුන්නේ විශ්මිත සහයෝගයක්. විනාඩි 8 න් කටුනායකින් මුලතිව් ගිහින් අවශ්‍ය ඉලක්කවලට නිවැරදිව පහරදුන්නා. (නි)
දුමින්ද Tuesday, 26 April 2016 05:59 AM
අහන්නත් ආසයි මේ වගේ දේවල් (නි)
නිලන්ත Tuesday, 26 April 2016 07:08 AM
අපේ බොහොමයක් රෝහල් වල ගිලන් රථයක් අවශ්‍ය වූ විට ලෙඩා මැරිලා එන්නේ මිනී කාර් එකේ... (ර)