X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


බංගලි දුම්රියක් ඉබේ දුවයි

රියැදුරු නැතිව කිලෝමිටර 26 ක් ධාවනයවූ දුම්රියක් ගැන බංගලි දේශයෙන් වාර්තා වේ.

බංගලාදේශයේ ෆරිඞ්පූර් සිට රජ්බාර්හි බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රිය රජ්බාර් දුම්රිය ස්ථානයට පැමිණ නැවත ෆරිඩ්පූර් බලා ධාවනය කිරීමට සූදානම් කර තිබියදී මෙම අබග්ගය සිදුව තිබේ.

එම අවස්ථාවේ දුම්රිය රියැදුරු,නියාමක ආදී දුම්රිය කාර්යමණ්ඩලයේ කිසිවකු දුම්රියේ සිට නැත.ඔවුන් තේ පානය සදහා ගොස් සිට ඇත.

තමන් මේ බව දැනගත්තේ දුම්රිය පසුපසට ධාවනය වන්නේ මන්දැයි සොයාබැලූ අවස්ථාවේ බව රජ්බාර් දුම්රිය ස්ථානාධිපති පවසයි.

වාසනාවට දුම්රිය ටිකට් පරීක්ෂක ඒ වන විට දුම්රියේ සිට ඇති අතර ඔහු වහාම කි‍්‍රයාත්මකව මැදිරියක තිරිංග කි‍්‍රයාත්මක කර දුම්රිය නවතාගෙන ඇත.ඒ වන විටත් දුම්රිය කිලෝමිටර 26 ක් පමණ ධාවනයව තිබී ඇත.

ඔහුගේ දැනුම්දීමට අනුව එතැනට වෙනත් දුම්රිය එන්ජිමක නැගී පැමිණි දුම්රිය රියදුරු නැවත වරක් රජ්බාර් දුම්රිය ස්ථානය බලා දුම්රිය පදවා ඇත.

මූලික පරීක්ෂණ වලදී දුම්රියේ ගමන් ලීවරය අනෙක් පස්සට වැටීම නිසා මෙසේ එය පසුපසට ධාවනයවී ඇති බව අනාවරණයව තිබේ.

දුම්රිය රියැදුරු හා නියාමකගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට බංගලාදේශ දුම්රිය බළධාරීන් පියවර ගෙන ඇත.



අදහස් (0)

බංගලි දුම්රියක් ඉබේ දුවයි

වරුණ Thursday, 16 April 2015 09:48 AM

බලන් යනකොට ලංකාවේ වැඩ කොපි කරන රටවල් තියෙනවනේ (බ)

:       0       0

අනු Thursday, 16 April 2015 10:54 AM

එ්කනම් ඇත්ත (නදී)

:       0       0

දුමින්ද Thursday, 16 April 2015 11:05 AM

ආරක්ෂාව මුල් තැනට -අවොත් මගහැරේ ඔය දෝෂ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 16 April 2015 01:09 PM

මදැයි කළා ! අපේ ලෝක වාර්තාව කැඩුවයි කියහන්කෝ (බ)

:       0       0

ලලිත් Thursday, 16 April 2015 03:00 PM

ලංකාවට මුලින්ම සංක්‍රමනිකයෝ ඇවිත් තියෙන්නේ ඔය බංග්ලාදේශය පැත්තෙන් කියනවනේ. එ්ක නිසා ඕක සුළු දෙයක්.(බ)

:       0       0

විජයබාහු Thursday, 16 April 2015 03:25 PM

වහාම ක්‍රියාත්මක වෙලත් කි මි 26ක් ගියා කියන්නේ මේක බුලට් දුම්රියක්ද දන්නේ නෑ (බ)

:       0       0

උදිත් Thursday, 16 April 2015 09:41 PM

ඕක මෙහෙත් වෙනවනේ.මාළිගාවත්ත අංගනයේ තිබුන එක රත්මලානට එනවා,රත්මලානේ තිබුන එක ගේට්ටුව ළඟට යනවා රියදුරු නැතුව. (නි)

:       0       0

පුබුදු Saturday, 18 April 2015 06:22 AM

කොහොම වුණත් කාටවත් අනතුරක් නොවී කතාව අවසන්වුණ එක හොඳයි. (නි)

:       0       0

මාලක Saturday, 18 April 2015 04:47 PM

කොමිසමක් පත් කෙරුවේ නැද්ද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site