X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බංග්ලාදේශයෙන් තවත් නිදහස් අරගලයක්

යුක්තිය ඉටුවීමට ප‍්‍රමාදවීම යුක්තිය ඉටුනොවීමක්ය යන්න පැරණි කියමනකි. 1971  බංග්ලාදේශයේ නිදහස ලබා ගැනීමට ගෙන ගිය අරගලයේදී යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නිදහස් සටනට එරෙහි වූ බංග්ලාදේශ කණ්ඩායම් සම්බන්ධයෙන්ද යුක්තිය ඉටු කිරීමට පියවර ගත්තේ බෙහෙවින් ප‍්‍රමාද වීය. 2008 පැවති මහා මැතිවරණයේදි අවාමි පක්‍ෂයේ නායිකා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින් නීතිය ඉදිරියට පමුණුවන බවට ප‍්‍රතිඥා දුන් නමුත් එය ක‍්‍රියාත්මක වූයේ පසුගිය වසරේදීය. ඒ අනුව විශේෂයෙන් පිහිටුවනලද යුද අපරාධ පිළිබඳ විශේෂ විනිශ්චය සභාවට පුද්ගලයින් අට දෙනෙකු ඉදිරිපත් කළ අතර ඉන් අබ්දුල් කදාර් මොල්ලාට සාමාන්‍ය පුද්ගලයින් 381 මරා දැමීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. නිදහස් අරගලයේදී පාකිස්ථානු හමුදාව හා ඔවුන්ට හිතවාදි වු බංග්ලාදේශ කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් දශ ලක්‍ෂ තුනකට අධික පිරිසක් මිය ගිය අතර ස්ත‍්‍රීන් 200,000 කට අධික සංඛ්‍යාවක් දුෂණයට ලක් වූයේයැයි ගණන් බලා ඇත. එහෙත් මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ප‍්‍රමාද වී ආරම්භ කිරීම දේශපාලන පලිගැනීමක් යැයි හැඳින් වූ බංග්ලාදේශ ප‍්‍රධාන විපක්‍ෂය වන හිටපු අගමැතිනිය කලීඩා සියාගේ නායකත්වයෙන් යුත් බංග්ලා ජාතික පක්‍ෂය ඊට විරුද්ධව වැඩ වර්ජන හා විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය.
පාකිස්ථානයෙන් වෙන්වීමට විරුද්ධ වූ කණ්ඩායම් දැන් ජමාට් ඊ ඉස්ලාම් යනුවෙන් පක්‍ෂයක් පිහිටුවා සිටින අතර ඔවුහු බංග්ලාජාතික පක්‍ෂය සමග සභාගයකටද එළැඹ සිටිති. ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියමවී ඇති මොල්ලා ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයේ සහකාර ලේකම් වරයෙකි. යුද අපරාධ පිළිබඳ විශේෂ විනිශ්චය සභාවක් පිහිටුවීමට විරුද්ධ වු ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂය ඊට පිළිතුරු දුන්නේ ආණ්ඩුපක්‍ෂයේ ආධාරකරුවන්ට හා තෝරාගත් පොලිස් නිලධාරින්ට එරෙහිව ප‍්‍රහාර එල්ල කරමිනි. පසුගිය වසරතුළ නඩු විභාගයත් සමග එල්ල වූ ප‍්‍රහාරවලින් 14 ක් මියගොස් සිටින අතර මේ සතියේ දියත් කිරීමට නියමිත විරෝධතා නිසා තවත් ජීවිත නැතිවීමේ අනතුරක් පවතී. එහි පළමු ගොදුර වුයේ ශිෂ්‍ය නායකයෙකු මෙන්ම ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයේ ආගමික දේශපාලනයට එරෙහිව සටන් කළ රජිබ් හයිඩර්ය. ඔහු තම නිවස ඉදිරිපිටදී නාදුණන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකින් මිය ගියේය.

මොල්ලාහට මරණීය දණ්ඩනය නියම කරන ලෙස ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කළ අයුරු


මෙම නඩු තීන්දුව ගැන තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම්වලින් මතු වූ විරෝධය බොහෝ දෙනෙකු අපේක්‍ෂා නොකළ එකකි. එම තීන්දුව ප‍්‍රකාශයට පත්වීමත් සමග ජමාට් ඊ ඉස්ලාම් පාක්‍ෂිකයන් ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කළ අතර තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම් මෙවැනි අපරාධ සම්බන්ධයෙන් ලිහිල් දඩුවමක් ලබා දීම සම්බන්ධයෙන් තම විරෝධය දැක්වීමට වීදි බැස්සහ. නිදහස් අරගලයට පසුව උපන් මෙම තරුණ කණ්ඩායම්වල විරෝධය මතුවූයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අය ගැන පමණක් නොවේ.

ඉහවහා ගිය දුෂණය හා වංචාව පිටු දැකීමද ඔවුන්ගේ එක අරමුණකි. කලීඩා සියාගේ පාලන සමයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයන් ඇමතිකම් වැනි ඉහළ තනතුරු දැරීම තරුණ කණ්ඩායම් හැඳින් වූයේ නිදහස් සටනට කළ අපහාසයක් ලෙසිනි. මෙම තරුණ කණ්ඩායම් තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පෙබරවාරි පස් වැනිදා සිට දකා නගරයේ ප‍්‍රධාන චතුරශ‍්‍රයක් වන පහග්බාග් හි කඳවුරු බැඳ ගත්හ. දිනපතාම දිවා කාලයේදි මෙම චතුරශ‍්‍රයේ විරෝධතාව පැවැත්වූ අතර ඊට දහස් ගණනින් පිරිස් සහභාගි වූ බවද වාර්තාවේ. ප‍්‍රධාන දේශපාලන පක්‍ෂවලින් ස්වාධීනව කටයුතු කරන මෙම තරුණ ශිෂ්‍ය කණ්ඩායම හැඳින්වූයේ ගනොජගනේ මොර්ඩා (ජන උදාන වේදිකාව) යන නමිනි. මෙම අරගලයට සහාය දැක්වීම සඳහා බංග්ලාදේශයේ බෙහෙවින්ම ජනප‍්‍රිය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමද එම චතුරශ‍්‍රයට යෑම විශේෂ සිද්ධියකි. පෙබරවාරි 8 වැනිදා එහි පැවැත් වූ රැලිය දකා නගරයේ මෑතක පැවති විශාලතම ජන රැලිය ලෙස හැඳින් වේ.


මෙම උද්ඝෝෂණ හා රැලියෙන් පසුව පාලක අවාමි පක්‍ෂය ප‍්‍රකාශයක් කරමින් විශේෂ විනිශ්චය සභාවේ තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සැලසෙන ආකාරයට එම පනතට සංශෝධනයක් ගෙන ඒමටද පොරොන්දු විය. කලින් සම්මත කරන ලද පනත අනුව එහි තීන්දුවකට එරෙහිව පැමිණිල්ලට හෝ විත්තියට අභියාචනා ඉදිරිපත් කිරීමට ප‍්‍රතිපාදනයක් තිබුණේ නැහැ. මෙම සංශෝධනය ගෙන ඒමේ අදහස වන්නේ දී ඇති ලිහිල් තීන්දුව වෙනුවට බරපතළ දඩුවමක් ලබා දීමට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සැලසීමය. එහෙත් එක්සත් ජනපදය මුලස්ථානය කොටගත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන ආකාරයට අතීතයට බලපාන ආකාරයේ නීති පැනවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදි සම්ප‍්‍රදයට පටහැනි වීමකි. මෙම වසර තුළ මහා මැතිවරණයකට මුහුණ දිය යුතු අගමැති ෂීක් හසිනා මෙය තම දේශපාලන වාසියට හරවා ගැනීමට අවස්ථාවක් කර ගනු ඇත. අනෙක් අතට විපක්‍ෂ නායිකා කලීඩා සියාද මේ තත්ත්වය මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය දිනා ගැනීමට අවස්ථාවක් කර ගැනීමට උත්සාහ කරන බවට සැකයක් නැත. මේ සතියේ සඳුදා ක‍්‍රියාත්මක වූ මහා වැඩ වර්ජනය එහි පෙරහුරුවක් පමණි.


කෙසේ වුවත් ආගම්වාදි නැඹුරුවකින් යුත් ජමාට් ඉස්ලාම් පක්‍ෂයේ නායකත්වයට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත්වීමත් එම පක්‍ෂය තහනම් කිරීමට තරුණ හා ශිෂ්‍ය කණ්ඩායම්වලින් කෙරෙන ඉල්ලීමත් බරපතළ දේශපාලන අභියෝගයකි. ඉස්ලාම්වාදීන් ඊට පිළිතුරු දීමට සුදානම් වන්නේ සුපුරුදු ආකාරයට ප‍්‍රචණ්ඩත්වය තුළිනි. පසුගිය සිකුරාදා ශිෂ්‍ය නායකයකු වූ රජිබ් හයිඩර් ඝාතනය එවැනි එක් අවස්ථාවක් පමණි. මෙහිදී සැලකිල්ලට ගත යුතු වැදගත් සාධකයක් වන්නේ සම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂවල සහායක් නොමැතිව තරුණ ශිෂ්‍ය කණ්ඩායම් ගෙනයන අරගලයට විශාල ජන සහායක් පළ වීමය. ඇත්තෙන්ම වසර 40 කට අධික කාලයක් තිස්සේ යුද අපරාධකරුවන් සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට එරට දේශපාලන නායකත්වය එඩිතර නොවූයේ ආගමික කණ්ඩායම් පිළිබඳව පැවති අස්ථානගත බියයි. ෂීක් හසිනා මීට පෙර අගමැති තනතුරේ සිටියත් චෝදනා එල්ල වූ පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත්තාය. ඇයගෙන් පසුව අගමැති තනතුරට පත් කලීඩා සියා ජමාට් ඊ ඉස්ලාම් වැනි ආගමික කණ්ඩායම්වල සහයෝගය ලබාගත් නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට උනන්දු නොවූවාය. ඇත්තෙන්ම සිය නිල කාලයේ අවසන් භාගයේදී අගමැති ෂීක් හසිනාට ද මෙවැනි පියවරක් ගැනීමට සිදු වූයේ නීතිය ඉටු කිරීමේ අවශ්‍යතාවටත් වඩා එහි දේශපාලන වැදගත්කම නිසා විය හැකිය.


තුන්වැනි ලෝකයේ බොහෝ රටවල මෙන් දුෂණ හා වංචා ඉහවහා ගොස් ඇති බංග්ලාදේශයේ තරුණයින් මෙම අවස්ථාව වඩාත් පුළුල් පරමාර්ථ ඉලක්ක කරගත් ජනතා ව්‍යාපාරයක ආරම්භයක් කර ගැනීමට උත්සාහ කිරීමද අතිශයින් වැදගත්ය. සමහර නිරීක්‍ෂකයින් පෙන්වා දෙන ආකාරයට බංග්ලාදේශයේ තීරණාත්මක දේශපාලන පියවර ගැනීමේදී හැම විටම මුලපිරුම ඇරඹුණේ තරුණ ශිෂ්‍ය කණ්ඩායම් වලිනි. 1952 දි භාෂා අරගලය, 1969 දී පාකිස්ථානු පාලනයට එරෙහිව නැගිටීම හා බටහිර පාකිස්ථානයේ පාලනයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් බිහිකිරීම සඳහා 1971 දි සන්නද්ධ අරගලයක් දියත් කිරීම යන අවස්ථා තුනේදීීම මුල් තැන ගත්තේ තරුණයින්ය. ඒ සියලූ අවස්ථා වලදි සම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂ එහි නිරීක්‍ෂකයින්වුවා පමණි.

 

විරෝධතාකරුවකු ඇදගෙන යන අයුරු

 

නිදහස් සටනේදි පාකිස්ථානු හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කළ ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂයට එරෙහිව දියත් කර ඇති තරුණ ව්‍යාපාරයද බංග්ලාදේශයේ එවැනිම කඩ ඉමක් වීමට බෙහෙවින් ඉඩ ඇත. තරුණයන්ගේ ඉල්ලීම වන්නේ විරුද්ධ මත නොඉවසන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලට පසුබට නොවන ජමාට් ඊ ඉස්ලාම් පක්‍ෂය තහනම් කිරීම පමණක් නොවේ. එම පක්‍ෂයට සම්බන්ධ සංවිධාන මගින් පවත්වා ගෙන බැංකු, වෙළද ව්‍යාපාර, රෝහල් හා අධ්‍යාපන ආයතනද වර්ජනය කළ යුතුයැයි ඔව්හු ඉල්ලා සිටිති. එම ව්‍යාපාර තුළින් උපයා ගන්නා ලාබය මුලික ප‍්‍රජාතන්ත‍්‍රවාදි අයිතීන් සීමා කිරීමේ ව්‍යාපාරයකට යොදා ගන්නා හෙයිනි. 


මෙම වැඩ පිළිවෙළට ජනතාවගෙන් විශාල සහායක් පවතින බව දක්නට ලැබුණත් බංග්ලාදේශ ජාතික පක්‍ෂය සමග එක් වී සිටින ආගමික කණ්ඩායම් සිය වැඩ පිළිවෙළ අතහැර දමන්නේ යැයි කිව නොහැකිය. එවැනි පසුබිමක් තුළ සිවිල් යුද්ධයක් දක්වා පැතිරිය හැකි මෙම තත්ත්වය බුද්ධිමත්ව මෙහෙයවනු නොලැබුවහොත් විය හැකි ප‍්‍රතිඵල වඩාත් ඛේදනීය වනු ඇති බවට සැකයක් නැත. බටහිර රටවලට ලාබ ශ‍්‍රමය සපයන මූලාශ‍්‍රයක් වන බංග්ලාදේශයේ සාමාන්‍ය ජනතාවට අහිමි කර ඇති අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ආගම්වාදයෙන් හා දුෂණ හා වංචා වලින් බැහැර වූ සමාජ ක‍්‍රමයක් සඳහා තරුණ ශිෂ්‍ය කොටස් දියත් කර ඇති අරගලය තවත් නිදහස් සටනක ආරම්භයක් විය හැකිය.

 

සටහන: මහින්ද හත්තක
අගමැතිනි ෂීක් හසීනා

 

වෑන් රථයක් ගිනි තබා ඇති ආකාරය

 

විරෝධතාකරුවන් පිරිසක්

 

ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියමවූ අබ්දුල් මොල්ලා

 

ජමාට් ඊ ඉස්ලාම් සංවිධානයේ උද්ඝෝෂණ

 



අදහස් (0)

බංග්ලාදේශයෙන් තවත් නිදහස් අරගලයක්

උදය Friday, 22 February 2013 11:28 AM

අපේ රටෙත් ආගම්වාදය, අන්තවාදය එහෙම දැම්ම නැවැත්තුවේ නැත්නම් අනාගතයෙදි මේ වගේ තත්වයක් තමයි උදාවෙන්නේ.(නදී)

:       0       0

එස්.රංජිත් Saturday, 23 February 2013 12:23 AM

මේ වගේ අය තමයි සෑම රටකම ප්‍රශ්න ඇතිකරන්නේ. (නි)

:       0       0

අමිල Saturday, 23 February 2013 12:13 PM

අනේ හරිම මෝඩ වැඩක්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site