බංග්ලාදේශයේ ඇඟලූම් කම්හල් ගොඩනැගිල්ලක් ඊයේ (24* හදිසියේම බිමට සමතලා වීමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 දෙනෙක් තුවාල ලැබූහ.
බිමට සමතලා වී ඇත්තේ මහල් අටකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි ඉහළ මහලවල වෙළෙඳ සැල් තිබුණු බව ද පැවැසෙයි.
අනතුරට පත්වූ ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ සවාර් දිස්ති‍්‍රක්කයේය. රානා ප්ලාසා නමින් හැඳින්වෙන එම ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු ඊයේ දිනය පුරා සිදුවිය. සහන සේවකයන් පැවැසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.
![]() |
කඩාවැටුණු ගොඩනැගිල්ල |
![]() |
සුන්බුන් අතරින් තුවාලකරුවන් බේරාගනිමින් |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බංග්ලාදේශයේ ඇඟලූම් කම්හලක් කඩා වැටෙයි
රෝහිත Thursday, 25 April 2013 10:06 AM
කල කම් පල දේ.(නදී)
බන්දුල Thursday, 25 April 2013 10:12 AM
නියම ප්‍රමිතියකට හදලා තියන බව නම් පේනවා. ලඟදි කොළඹත් බිල්ඩිමක් ඇල වුනා නේද? අහල පහල අය ටිකක් කල්පනාවෙන් ඉන්න. (නි)
රූපවතී Thursday, 25 April 2013 10:19 AM
අනේ දෙවියනේ ! පව් අසරණයින්ගේ ජිවිත ... අපේ හදවත් කම්පා වෙන සිදුවීම් හැමදාම දකින්නේ. කවදාද හිතට සතුටක් දැනෙන ප්‍රවෘත්තියක් දැකලා , සිතේ මහන්සිය දුරු කර ගන්නේ ...? (නි)
පද්මා Thursday, 25 April 2013 10:24 AM
දැන් ඊනියා සුචරිතවාදියෝ කියන්න එපා මේක දිට්ට ධම්ම වේදේ කියලා හොදේ. මොකෝ එහෙම වුණොත් අපේ අවුරුදු 30 යුද්ධය,සුනාමිය එහෙම මොන ගනේටද වැටෙන්නේ....? (නි)
මධු Thursday, 25 April 2013 01:08 PM
බුදු දහමට කරන විනාශයට ලැබුණු දඩුවමක්වද්ද? (නි)
සුරංග Thursday, 25 April 2013 05:35 PM
ළගදි අපේ රටේ බස් 1ක් හැප්පිලා 30 දෙනෙක් අමාරුවේ වැටුනේ දිට්ඨ ධම්ම වේදෙටද? (නි)
ආරියසිරි Thursday, 25 April 2013 06:03 PM
70 ක් නෙවෙයි දැන් 200 කටත් වඩා මිය ගිහින්ලු.(නදී)
චමත් Friday, 03 May 2013 05:00 AM
ලංකාවෙත් කොහොමද දන්නේ නැහැ ඕවායේ ප්‍රමිතිය? (නි)