X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


බටහිර අප්‍රිකාවට කොරේ පිටට මරේ

ඉබෝලා වසංගතයෙන් බැටකමින් සිටින බටහිර අප්‍රිකාවට ඉදිරියේදී දරුණු සාගතයකටත් මුහුණදීමට සිදුවන ලකුණු පෙනෙන්නට ඇත.

සියෙරාලියොන් වැනි ස්වයංපෝෂිත රටවල කෙත්වතු ඉබෝලා වසංගතයට බියෙන් පලා ගිය ඒවායේ හිමිකරුවන් නිසාවෙන් වල්වැදී යමින් තිබෙන අතර වහා ඵල වන නෙළා නොගතහොත් ළග එන දරුණු සාගතයකට මුහුණදීමට සියෙරාලියොනයටත් එහි අසල්වැසි රටවලටත් සිදුවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

නමුත් ගැටලූව වී ඇත්තේ ඉබෝලා වසංගතය සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන නිසා මරණ බයෙන් ජීවත් වන එම රටවල වැසියන්ව ඔවුන්ගේ ජීවනෝපායන් වෙත යොමුකරවීමයි. උහු සියලූදෙනාම කදවුරු වලට වී ඉබෝලා වෛරසයෙන් ආරක්ෂා වීමට උත්සාහ කරමින් සිටී.

මෙනිසා ඉබෝලා හා බැදී නොයෙකුත් ආර්ථීකමය හා සමාජමය ගැටලුද බටහිර අප්‍රිකා කලාපයේ හිස ඔසවමින් තිබේ.කලාපයේ ආර්ථීකය තිඛෙන්නේ කඩා වැටෙමිනි.

සාගතයක පෙර ලකුණු පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ මේ සියල්ලේ එකතුවක් අනුව යැයි විශේෂඥයින් පෙන්වා දේ.

දැනටමත් කදවුරු වල සිටින බොහෝ දෙනා ඌණ පෝෂණ හා මන්ද පෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙමින් සිටිති.මරණ කිහිපයක්ද වාර්තාවී තිබෙන අතර නිසි පිළියම් නොයොදන්නේ නම් තත්ත්වය වඩාත් දරුණු වනු ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු තවත් සහන සේවා සංවිධානයන් රාශියක් ඉබෝලා මර්දනයට අමතරව දැන් ළඟ එන සාගතයකට මුහුණදීමටත් සූදානම් වෙමින් සිටී.දැනට වියළි ආහාර තොග ගණනින් කදවුරු වෙත බෙදා දෙමින් තිබෙන අතර සහන සේවකයින්ගේ ඇස නොගැටුණු ඉබෝලාවෙන් මෙන්ම සාගතයෙන්ද පීඩා විදින පුද්ගලයින් විසිය හැකි අති දුෂ්කර ප්‍රදේශයන්ටද සේවා සැපැයීමට සැළසුම් සකස් කෙරෙමින් තිබේ.

කෙතරම් ආරක්ෂක විධිවිධානයන් පැනවූවත් මේ වන විට ඉබෝලා රෝගයට ගොදුරුවී මියගිය වුන්ගේ සංඛ්‍යාව 4800 ක් දක්වා ඉහළ නැග ඇත.තත්ත්වය තවත් දරුණු වන ලකුණු මිස සමනය වන ලකුණකුදු පෙනෙන්නට නැතැයි බටහිර අප්‍රිකාවේ ක්‍රියාත්මක සහන සේවා සංවිධානයන් කියයි.

‘‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාක් මෙන්‘‘ දැන් සාගත තත්ත්වයක්ද ඇති වෙමින් තිබෙන හෙයින් මරණ සංඛ්‍යාව එක රැයින් ලක්ෂ ගණනක් වීමට ඉඩ ඇතැයි එම සංවිධාන බිය පළකරති.

ලෝකයටම උවදුරක් වන ලකුණු පෙනෙන්නට ඇති ඉබෝලා වසංගතය සම්බන්ධයෙන් තවදුරටත් ඇස්කන් පියාගෙන නොසිටින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු සහන සේවා සංවිධාන ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

ebolaoutbreak



අදහස් (0)

බටහිර අප්‍රිකාවට කොරේ පිටට මරේ

චමිල Friday, 17 October 2014 08:10 AM

අසරණ ජනයාටමයි මේ හැම විපතක්ම.(හේ)

:       0       0

කනිෂ්ක Friday, 17 October 2014 09:37 AM

ඉබොල වෛරසය ස්වභාවික එකක් නොවේ. මෙය දියුණු රටක් කරපු ආක්‍රමණයක්. (ස)

:       0       0

විකුම් Friday, 17 October 2014 10:51 AM

මේ ඉබෝලා වෛරසයට පිළිතුරක් වහාම සොයා ගත යුතුයි.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 October 2014 01:11 PM

මේකනම් පුදුම වෛරස් එකක් තමයි දැක්කමත් බය හිතෙනවා , කණිෂ්ක කියන එකත් බැහැර කරන්න බැහැ අනේ මන්ද ?(අ)

:       0       0

කලීල් Saturday, 18 October 2014 06:59 AM

මේක මොකක් හරි කුමන්ත්‍රණයක් වගේ. (අ)

:       0       0

සම්පත් Saturday, 18 October 2014 07:45 AM

මොනවා වුණත් ඇමෙරිකාව මේකට විසදුමක් සොයන්න ගොඩක් වෙහෙසෙන රටක්. (අ)

:       0       0

සම්පත්- ඩුබායි Saturday, 18 October 2014 01:40 PM

මෙය ඇමෙරිකාවේ ජීව රසායනික අවියක් වීමට පුළුවන්. හොදටම වීයාප්ත උනාට පස්සේ ප්‍රතිජීවකය එලියට දේවි. (නදී)

:       0       0

සංජය Monday, 20 October 2014 05:43 AM

සම්පත් ඔබ හරි අපේ මනුස්සයන්ගේ ඇස් වැහිලා තියෙන්නේ, මේක බටහිර රටවල කුමන්ත්‍රණයක්, පව් අසරණ මිනිසුන්, පොඩි මිනිහා පාගලා සල්ලි හම්බකරන්න හොඳ නෑ නේද ?(හේ)

:       0       0

ගමගේ Tuesday, 21 October 2014 07:07 PM

සම්පත් නිවැරදියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site