ඌ ඇත්ත වශයෙන් ම ඉතා බඩගිනි හිපෝවකු විය යුතුය. අධික හිරු රශ්මියෙන් ස්නානය කරන හිපපොටේමස් රංචුවක වැඩිහිටි හිපෝ දෙදෙනකු අතර රණ්ඩුව කෙලවර වූයේ එකෙකු අනිකාගේ පසුපස ප්‍රදේශය සපා කෑමෙනි.
ඡායාරූපයෙන් පෙනෙන ලෙසට අඩි හතරක් පමණ පළලට මුඛය විවෘත කරන හිපෝ උගේ දැවැන්ත තියුණු දත් කුට්ටමෙන් අනිකා සපා කෑමට තැත් කරයි.
මේ ඡායාරූප රැගෙන ඇත්තේ වෘත්තීය පාරිසරික ඡායාරූප ශිල්පී ජෝන් ෂෝ (68) විසිනි. කෙන්යාවේ මසායි මාරා උද්‍යානයේ කරන ලද සංචාරයක දී මෙම දර්ශන ඔහුගේ නෙත ගැටී ඇත.
‘‘හිපපොටේමස් සතුන් 20ත් 25ත් අතර කණ්ඩායමක් ගඟේ නාමින් සිටියා. මට කිසිවක් සිතාගැනීමට නොහැකි තරම් ඉක්මනට සිදුවූවා. නාසයෙන් හුස්ම පිටකරන විශාල ශබ්ද සමඟ සුළු මොහොතකින් සියල්ල අවසන් වුණා. “ යැයි ෂෝ පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බඩගින්නට පස්සත් කයි.
ගමගේ Thursday, 02 October 2014 01:31 AM
ඒත් උගේ ඇස් දෙක හරිම කරුණාවන්තපාටයි. (නි)
බන්දුල පෙරේරා Thursday, 02 October 2014 02:29 AM
ඕක මොකක්ද? ඔය වගේ අය අපි අතරත් ඕනෑතරම් ඉන්නේ. (නි)
විමලාවතී Thursday, 02 October 2014 08:35 AM
අපේ සමහරුත් කට අැරියොත් කාගේහරි පස්ස හපන්නම තමයි බලන්නේ (නි)
බණ්ඩාර Thursday, 02 October 2014 08:41 AM
බන්දුල පෙරේරාත් මේ ජාතියේම කෙනෙක් තමා..... (නි)
අසෝකා Thursday, 02 October 2014 10:52 AM
අනේමන්ද, මේ කට්ටිය කොහොමද අපේ දේවල් පුරුදු වුණේ කියල හිතෙන කොට පොඩි බයකුත් දැනෙනවා. මොකද තව ඉස්සරහට අපෙයි මේගොල්ලන්ගෙයි වෙනසක් නැතිවෙයිද කියල හිතුනම? (අ)
සෑම් Thursday, 02 October 2014 12:40 PM
බඩුමිලේ හැටියට තව ටික දවසකින් ඔය ඡායාරූපය ලේසියෙන්ම ලංකාවෙන් ගන්න පුළුවන් වෙනවා. වෙනස තියෙන්නේ හිපකොටේමස් වෙනුවට මිනිස්සු දෙන්නෙක් හිටීවි (නි)
කපිල Friday, 03 October 2014 04:47 AM
බණ්ඩාර, ඔයාගේ කතව හරියට හරි. (නි)
ජේඕ Friday, 03 October 2014 02:20 PM
දැන් තියන ආර්ථික අර්බුධයේ හැටියට අපේ අයට හපා කන්න තියෙන්නේ ලෑලි තමයි. මස් කලඳක් තියන කෙනෙක් හොයා ගන්න බැරි වේවි. (අ)
ලක්ෂ්මන් ජයවර්ධන Friday, 03 October 2014 03:10 PM
අපේ අය නම් ඉස්සරහට හිනාවෙලා පස්සට පිහියෙන්නේ අනින්නේ. (නි)
බන්දුල පෙරේරා Friday, 03 October 2014 04:06 PM
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ.(නදී)
බන්දුල පෙරේරා Friday, 03 October 2014 05:03 PM
බණ්ඩාර මහත්තයාගේ පස්සත් කවුරු හරි හපල වගේ. අපේ අයගේ පස්සවල් දැකල නැහැ එහෙනම්. ඒවා ඔය ආර්ථික අර්බුදේට තුනී වෙන ඒවා නෙමෙයි තව තව ආරන ඒවා. (නදී)
හේෂාන් Monday, 06 October 2014 02:13 PM
මූ පුදුම පොරක්නේ! (නි)