ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සිංහල, ජර්මන් දායකත්වයෙන් ඔක්තෝබර් 31 වැනිදා උදේ 10 සිට දවස පුරා එස්.ඕ.එස් කින්ඩර්ඩ්‍රොෆ් බර්ලින් මොබිට් 10551 හී වොල්ඩ් ස්ට‍්‍රාස 23/24 දරන ගම්මානයේදී පැවැත්වීමට යයි.
සූරිච් බෞද්ධ විහාරාධිපති ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ උපදේශක ශ්‍යාමෝපාලි මහවංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේ ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක වල්පොල කළ්‍යාණතිස්ස හිමි, බර්ලින් විහාරාධිපති හා වැවුරුකන්නල රජමහා විහාරවාසි දික්වැල්ලේ සීලසුමන හිමි, වැවුරුකන්නල විද්‍යාතුංග පරිවේනාධිපති දික්වැල්ලේ ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී කරතොට පඤ්ඤාශීල හිමි, ගොඩඋඩ සිරි සුමනාරාමාධිපති දික්වැල්ලේ ධම්මවිලාස හිමි, කැලිෆෝනියා බෞද්ධ විහාරාධිපති තවලම සරණ හිමි, පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි, බොන් සමාධි බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමි, ඩාලවිට්ස් ධම්මකාය තායි විහාරාධිපති ප‍්‍රා මොන්චායි සෙතනාපෝන් හිමි, ඇතුළු ස්වාමීන් වහන්සේලා 11 නමක් එහි වැඩම කිරිමට නියමිතය.
කඨින චීවරය භාර ගෙන කටයුතු කරනුයේ බර්ලින් නුවර පදිංචි වසන්ත කාරියවසම් මහතා හා අලංකා කාරියවසම් මහත්මියයි. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම, ඉන්දීය තානාපති ගෝඛාලේ හා කාම්බෝජ තානාපති තායි චුන්, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති රෙනර් නොවාක් ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මහත්ම මහත්මීහු ද සිංහල, ජර්මන්, තායි, වියට්නාම්, කාම්බෝජ, ලා ඕස් බෞද්ධයන් ද මේ පිංකමට සහභාගි විමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බර්ලින් සම්බෝධියේ කඨින පිංකම 31
රුවන් Thursday, 22 October 2015 07:08 AM
සාධු සාධු සාධු!!! (නි)
ජයලත් Sunday, 25 October 2015 02:40 AM
බුදු සසුන බැබළේවා! (නි)