ජුලියන් කයිට් සතුන්ට ඛෙහෙවින් ආදරය කරන්නෙකි.සතුන් අතුරින් ඔහුගේ වැඩි ආදරය කවදත් දිනාගත්තේ සුනඛයින්ය.
තමන් සන්තකයේ සිටිනා සාන්ත බර්නාඩ් වර්ගයට අයත් වෙලින්ග්ටන් නම් වන බලු සුරතලාට අංග සම්පූර්ණ ගෙයක් තනාදිය යුතුයැයි අදහසක් ජුලියන්ගේ සිතට නැගෙන්නේ සිය සුරතලා තම ‘‘මිනිස්‘‘නිවහනේ රැදීමට දක්වන ආශාව දුටු විටදීය.ජුලියන් වැඩට බසින්නේ මගේ වගේම නිවහනක් වෙලින්ග්ටන්ටත් සාදාදෙන්නෙමියි යන අරමුණ පෙරදැරි කරගෙනය.
සති කිහිපයක් අවසානයේ වෙලින්ග්ටන්ට නිවහනක් ඉදිකර දීමට ජුලියන් සමත් වේ.මහල් දෙකකින් යුක්ත වන නව නිවාසය අඩි 7 ක් පමණ උස් වන අතර විදුලි බලය,නළ ජලය ආදී පහසුකම්ද වෙලින්ග්ටන් වෙනුවෙන් සැපැයීමට ජුලියන් අමතක කර නොකළේය.වෙලින්ගටන්ට නම් ඒවා වැඩකට ඇති සෙයක් පෙනෙන්නට නොතිබුණද සිය නව නිවහන කෙරෙහි දැඩි ඇල්මක් දක්වන වෙලින්ග්ටන් දකින තමාට මේ සදහා වියදම් වූ පවුම් 2000 ද අමතක වන බව ජුලියන් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බල්ලාට ගෙයක් හදයි
ගාමිණි Monday, 04 February 2013 01:15 PM
මිනිස්සුන්ට තියෙන ආසාවල් (දී)
රොෂාන් Monday, 04 February 2013 04:17 PM
බලන්නකෝ බල්ලට තියන සැප. මටත් හිතෙනවා ඔය වගේ බල්ලෙක් වෙන්න.(නදී)
ජයන්ති Monday, 04 February 2013 09:34 PM
බල්ලාට ඇදුමක් අන්දමුද (දී)
ඩයස් Tuesday, 05 February 2013 03:59 AM
බල්ලව දොට්ට දාන්න හොදම ක්‍රමය කරලා තියෙනවා. (නි)
චාමික Tuesday, 05 February 2013 10:12 AM
අනේ රොශාන් එහෙම හිතන්න එපා. ඔයාට ලැබුණු ආත්මය ගැන සතුටු වෙන්න . නොලැබෙන දේවල් වලට අශා කරන්න එපා හොඳද (ස)
ඉසුරංගි Tuesday, 05 February 2013 04:13 PM
මේ කොල්ලට පිස්සුද මන්දා. කව්ද අප්පේ අර බළු ආත්මයක් පත්න්නේ.(නදී)
ඉසුරන්දි Tuesday, 05 February 2013 04:14 PM
රොෂාන්, ඔයගේ පිටිපස්සට වල්ගයක් තිබුනා නමි වෙනසක් නැතුව ඇති.(නදී)
ඉසුරංගි Tuesday, 05 February 2013 04:21 PM
මිනිස් ආත්මයක් ලබන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඕනා. මිනිස්සු සත්තු ගානට වැටෙන්න හදන්නේ ඇයි.?(නදී)
චමී Tuesday, 05 February 2013 04:26 PM
බල්ලෙක් උනත් වාසනාවන්තයි (ස)
මේරි Tuesday, 05 February 2013 04:31 PM
අනේ ඌ කෙතරමි පින්කරලාද?(නදී)
තරෑ Tuesday, 05 February 2013 04:46 PM
හැම දෙයක්ම කරන්නේ ආදරය නිසයි.(නදී)
සමන් Tuesday, 05 February 2013 08:00 PM
කරුණාවන්ත මිනිසෙක් (ත)
ලක්මාලි Tuesday, 05 February 2013 10:42 PM
මෙවන් කරුණාවන්ත හදවතක් ඇති එකට ස්තූතියි. (නි)
ගරාදි Tuesday, 05 February 2013 11:13 PM
දැන් ඉතින් තියෙන්නේ බල්ලට පෙළවහක් කරලා දෙන්න. (ත)
රොෂාන් Wednesday, 06 February 2013 08:58 PM
ඉසුරන්දි දන්නෙ නැහැ සමහර පැති වල බල්ලන්ට තියෙන සැප. (නි)
මුතුකුඩ Wednesday, 06 February 2013 11:22 PM
සත්ත්වයන් අතුරින් උත්තරීතරම සත්වයා වනුයේ මිනිසාය. නමුත් ඒ මිනිසා විසින් කරන්නාවු දුෂිත ක්‍රියාවන් බලු ගදටත් වඩා දුගදය. (නි)