දුප්පත්කම නිසා විනෝදාස්වාදයක් ලබාගැනීමට මගක් නොමැති බව පවසන නැගෙනහිර චීනයේ ෂැන්ක්සි ප්‍රාන්තයේ ජිෂාන් ප්‍රදේශයේ වැසියෝ එම අඩුව පුරවා ගන්නේ වාර්ෂිකව බලූපොර තරගාවලියක් සංවිධානය කිරීමෙනි.
ඕනෑම අයකුට තම බලු සුරතලා තරගාවලියට ඉදිරිපත් කළ හැකි අතර පොරයෙන් ජය ලැබුවහොත් ඔහුට සිගරට් පැකට්ටුවක් හා පිත්තල බදුනක් තෑගි ලෙස ලබාගත හැකිය.
පොරයේදී එක් සතෙකු මියයන තෙක් හෝ මියයෑමට ආසන්න වන තෙක් සටන් වැදීමට සතුන් දෙදෙනා උසි ගැන්වේ.
සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ගේ දැඩි විරෝධය මේ කෙරෙහි පළව ඇතත් චීනයේ සත්ත්ව හිංසනය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමක් සිදුව නොමැති නිසා මෙම බලූපොර වලට එරෙහිව පෙනී සිටීමේ හැකියාවක් එම සංවිධාන වලට නොමැත.
තමන්ට නැගෙන විරෝධය අසාධාරණයැයි පවසන බලූ පොර සංවිධායකයෝ පවසන්නේ නගරාසන්නයේ වෙසෙන ජනතාවට තමන්ට කැමති ආකාරයකින් විනෝදාස්වාදය ලබාගැනීමට අවස්ථා ඇතත් ඉතාම දුෂ්කර හා දිළිදු පළාතක ජීවත් වන තමන් ඇතුලූ වැසියන්ට ඒ කිසිදු හැකියාවක් නොමැති බවය.
මද හෝ විනෝදයක් ලබාගත හැක්කේ මෙසේ බලූ පොරයක් සංවිධානය කිරීමෙන් බව ඔවුන් කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බල්ලෝ මරාගෙන මැරෙති : චීන දුප්පත්තු විනෝද වෙති
දුමින්ද Thursday, 05 March 2015 05:14 AM
ලංකාවෙත් ඔය වගේ පොර තිබුණා ඡන්ද කාලවලදී. (ර)
රොෂාන් Thursday, 05 March 2015 05:29 AM
ඔයිට වැඩිය හොඳ නැත්ද මිනිස්සු දෙන්නෙක් මරාගත්තා නම්. එතකොට හොඳට දුප්පතුන්ට විනෝද වෙන්න පුලුවන්නේ. අහිංසක සත්තු මරාගන්නවා බලාගෙන සන්තෝස වෙනවට වඩා (නදී)
ශාන් සෞදි Thursday, 05 March 2015 06:47 AM
ලංකාවෙත් ඔය වගේ පොර තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුලේ මේවා දිහා බලල හිනා වෙනවා කොටි ඩයස්පෝරාව හා සුළු ජාතීන් (නදී)
බණ්ඩා Thursday, 05 March 2015 07:48 AM
ඇයි ලංකාවේ කුකුල් පොර අදත් තියෙනවා. මේ වගේ වැඩ කරන්නේ නොදියුණු මිනිස්සු. (නදී)
සුනිල් Thursday, 05 March 2015 08:03 AM
අපේ රටෙත් ඔයවගේම පොර තිබෙනවානේ (නි)
යශෝධා Thursday, 05 March 2015 12:23 PM
අහිංසක සත්තු මරලා මොකක්ද බලාපොරොත්තු වෙන සතුට? (නි)
වසන්ත Thursday, 05 March 2015 12:58 PM
බල්ලෙක් වෙලා ඉපදුනාට මිනිසුන්ට නැති ගති ගුණ මේ සතාට තියෙනවා (දිල්)
ලංකා Thursday, 05 March 2015 10:17 PM
මේ ලංකාවේ දේශපාලකයෝ දෙන්නෙක් නේද? (අ)
සිංහ Friday, 06 March 2015 03:40 AM
ලංකාවේ සමහර ටී වී චැනල් කරන්නෙත් ඔය දේම තමයි (දිල්)
සංඛ Friday, 06 March 2015 04:13 AM
මේ අය බලු මසුත් කනවා නේද?(දිල්)
සන්ජීව Friday, 06 March 2015 04:39 AM
ඔය චීන්නුම තමා ලංකාවෙත් ඉන්නේ (දිල්)
තිලක් Friday, 06 March 2015 06:31 AM
මේ පින්තුර දැක්කම බයත් හිතෙනවා. මේවා බලලා ආශ්වාදයක් ලැබෙනවද? (දිල්)
හේතුක සෙනෙවිරත්න Friday, 06 March 2015 06:52 AM
සත්ව හිංසාව ගැන කතා කරමු දේශපාලන ගැන නොවෙයි. (ර)
රුවන් Friday, 06 March 2015 07:41 AM
චීනය බෞද්ධ රටක් නේද? (බ)
කුමාර් Friday, 06 March 2015 07:56 AM
බල්ලෝ මරල හරි සල්ලි හොයපල්ලා කියන්නේ කියන්නේ මේ වගේ වැඩ වලට තමා. තිරිසන් සතුන්ගේ ලිස්ට් එකේ නො - 1 මිනිහනේ (බ)
ජයශ්‍රී Friday, 06 March 2015 01:51 PM
චීනය බෞද්ධ රටක් ද ? (නදී)