ඉතාලි ජාතික මාරියා මාර්ගරීටා සතුනට ඛෙහෙවින් ඇලුම් කළාය. එහෙයින් මගතොටේදී දකින අයාලේ යන බල්ලන් බළලූන් නිවසට රැගෙන විත් හදා වඩා ගැනීම ඇයගේ පුරුද්දක් විය.
ඔවුන් අතුරින් ජර්මන් එඩේර වර්ගයට අයත් බල්ලකු වූ සිසියෝ අන් සතුන්ට වඩා ඇයගේ සිත් ගත්තීය. සිසියෝද පෙරළා සිය ස්වාමි දුවට දැක්වූයේ එබදුම ඇල්මකි. දෙදෙනාගේ බැදීම කෙතරම්ද යත් මාරියා ඉරිදා දින පල්ලියේ දේව මෙහෙයට සහභාගී වීමට යන විටදී සිසියෝද ඇය පස්සෙන් ඒමට පුරුදුව සිටියාය.
සියල්ල හොදින් සිදුවෙමින් පැවැතියදී හදිසියේම රෝගාතුර වූ මාර්තා මරු තුරුලට යන්නීය.ඇයගේ මළගම පැවැත්වෙනුයේද පෙර සදහන් කළ පල්ලියේමය. මේ කිසිත් නොදත් සිසියෝද ඇයගේ මළගමට සහභාගී වූයේ ඉස්සර ලෙසම දේව මෙහෙය අවසන් වූ පසු මාර්තා සමග නැවත නිවස කරා යාමට අපේක්ෂාවෙන් විය හැකියි.
නමුත් මාර්තා සිසියෝව කැටුව යාමට නොපැමිණියාය.බලා සිට අවසානයේ තනිව නිවස කරා ගිය සිසියෝ එදවස පටන් සෑම ඉරිදා දිනකම පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී ඊට සහභාගී වන්නේ මාර්තා හමුවීමට විය හැකියි.
දේවමෙහෙය පැවැත්වෙන ඉරිදා දිනයන්හීදී සියල්ලන්ටම කලින් පැමිණ පල්ලියේ අල්තාරය ඉදිරිපිට වාඩි වී සිටිනා සිසියෝ ප්‍රදේශයේ සියල්ලන්ගේ ආදරය දිනා ගෙන ඇත.පල්ලිය භාර දේවගැති පවසන ආකාරයට සිසියෝ කිසිදු ආකාරයකින් දේවමෙහෙයට බාධා වන සේ නොහැසිරෙයි. සියල්ලන්ගේ ආදරය දිනා සිටිනා සිසියෝ ඔවුන්ගේ ආදර සංග්‍රහ ඉවසුවද තවමත් බලා සිටින්නේ මාර්තා නැවත පැමිණෙතැයි සිතාගෙන බව ඔහු කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බලු ගුණේ නර ගුණේ පරයයි
සුදේශ් Sunday, 20 January 2013 12:14 PM
හැමටම ආදරය කරන්න පුරුදු වෙන්න (ස)
ජිමී Sunday, 20 January 2013 12:28 PM
සතුන්ට මොළය අඩුවුණාට උන්ගේ ගුණයහපත්කම මිනිස්සුන්ට වැඩිය තිබෙනවා. (නි)
දෝහා Sunday, 20 January 2013 12:56 PM
පෙර සසරක ඒ ස්වාමි දුවට මේ සතා ඇලුම් කරන්න ඇති. (නි)
නාලක Sunday, 20 January 2013 01:13 PM
අනේ හොඳ බල්ලෙක් (ස)
නාමිලා Sunday, 20 January 2013 03:01 PM
මෙන්න මිනිසුන්ට ඉගෙන ගන්නවා නම් නියම පාඩමක්. (නි)
චාමිකර Sunday, 20 January 2013 03:25 PM
බල්ලෙක් වුණත් මිනිස්සුන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි. (ත)
ඩෑම්-දෝහා Sunday, 20 January 2013 04:31 PM
මෙහේ ඔහොම දෙයක් වුණානනම් මොකද වෙන්නේ(ත)
තිලින Sunday, 20 January 2013 05:54 PM
පව් දෙවියනේ අහිංමක සතා. (ත)
තිළිණ Sunday, 20 January 2013 06:02 PM
පවු දෙවියනේ, අහිංසක සතා. (නි)
අමරා Sunday, 20 January 2013 10:08 PM
බල්ලෙක් වුණත් ඌ ශ්‍රේෂ්ටයි. (නි)
ෂෙල්ටන් Monday, 21 January 2013 01:59 AM
මිනිස්සුන්ට වඩා බලුලන්ට කලගුණ මතක බව මෙයින් ඔප්පු වෙනවා (ස)
නිසා Thursday, 14 February 2013 04:43 PM
දුක හිතෙන කතාවක් (දී)