X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


බලු බස මිනිස් බසට පෙරළයි

බලූ බාසාව මිනිස් බාසාවට පරිවර්තනය කර දීමේ සමත් ඉස්බනුවක් නිපදවීමට ස්කැන්ඩිනේවියා නිර්මාපකයන් පිරිසක් සමත්ව තිබේ.

මේ ඉස්බනුව බල්ලන් වෙනුවෙන්ම නිර්මාණය කැරුණකි.බල්ලාගේ හිසේ පැළදවිය හැකි මේ ඉස්බනුවේ මධ්‍ය සැකසුම් පද්ධතියක්,සංවේදක හා එම සංවේදක හා සම්බන්ධ කෙරුණු කුඩා ශබ්ද වාහිනියක් තිබේ.

නිර්මාපකයන් පවසන ආකාරයට මෙම සංවේදක බලූ මොළයේ ආවේග වෙනස්වීමේදී හා සිදුවන විද්‍යුත් වෙනස්වීම් වලට සංවේදී වේ.සංවේදක මගින් ග‍්‍රහණය කර ගැනෙන මෙම විද්‍යුත් වෙනස්වීම් මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමුකෙරෙන අතර එයින් අදාළ ආවේගය හදුනාගැනේ.අනතුරුව ශබ්ද වාහිනිය ඔස්සේ ‘‘මිනිස් භාෂාවෙන්‘‘ එය ප‍්‍රකාශයට පත් කෙරේ.

උදාහරණයක් ගතහොත් බල්ලාට කුසගිනි වූ විටදී අදාළ ආවේගය හදුනාගන්නා ඉස්බනුව ශබ්ද වාහිනියෙන් ‘‘මට බඩගිනියි‘‘ යැයි ප‍්‍රකාශයට පත් කරයි.

මිනිස් මොළයේ මෙන් නොව බලූ මොළයෙන් ජනනය වන සියලූ ආවේගයන් හදුනාගැනීම අපහසු වුවත් කුසගිනි වීම,වෙහෙස දැනීම,තනිකම දැනීම,ප‍්‍රශ්නාර්ථය දැනවීම වැනි ආවේගයන් හා හැගීම් පහසුවෙන් හදුනාගත හැකිවූ බව නිර්මාපකයන් කියයි.

තනිකම දැනෙන විටදී ‘‘ඔයා කොහෙද යන්නේ‘‘,වෙහෙස දැනෙන විටදී ‘‘මට හරිම මහන්සියි‘‘, වැනි ප‍්‍රකාශයන් ඉස්බනුවේ ශබ්ද වාහිනියෙන් නිකුත් වේ.

බල්ලන්ටත් විවිධ පෞරුෂයන් ඇති හෙයින් එම පෞරුශයන්ට ගැලපෙන තාලයේ කටහඩවල් ඉස්බනුවට ඇතුළත් කිරීමටත් හැකියාව ඇතැයි නිර්මාපකයන් පවසයි.

දැනට ‘‘ඉංගී‍්‍රසි‘‘ භාෂාවෙන් පමණක් ප‍්‍රකාශයන් නිකුත් කරන මෙහි ප‍්‍රංශ හා ස්පාඤ්ඤ අනුවාදනයන්ද ඉදිරියේදී හදුන්වාදිීමට නියමිත බව සදහන්ය.

වඩා හොදින් ‘‘බලූ අදහස්‘‘ තේරුම් ගැනීමට උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීම නිර්මාපකයන්ගේ බලාපොරොත්තුවයි.

 



අදහස් (0)

බලු බස මිනිස් බසට පෙරළයි

තිලිණ Friday, 20 December 2013 11:18 AM

හරි අපුරුයි අපිටත් දැන් බල්ලොත් එක්ක කතාකරන්න පුළුවන්. අපිකියන ඒවත් බල්ලට පරිවර්තනය කරනවද ඔය උපකරණය?(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 11:43 AM

මේ උපකරණය ලංකාවට නම් හරියට වටිනවා. මොකද මේ කාලේ බලු බළල් ආහාරවල බදු නැති කරලා බල්ලෝ බළලුන්ටනේ වැඩිය සැලකිලි තියෙන්නේ. (නදී)

:       0       0

රුවන් Friday, 20 December 2013 11:58 AM

බලු බස වෙනුවට මේ ක්‍රමයෙන් අපේ කතා කරන්න බැරි සොහොයුරන් සොයුරියන් වෙනුවෙන් ඉදිරියේදි යමක් කලා නම් බොහෝම වටිනවා. ගොඩක් පින් ලැබෙනවා.(නදී)

:       0       0

ඉන්දික Friday, 20 December 2013 12:47 PM

ඔය කියන ඒවා වැරදි උනත් කොහොමද එක දැන ගන්නේ? බල්ලගෙන්ම තමයි අහන්න වෙන්නේ!!!(දිල්)

:       0       0

මංජු Friday, 20 December 2013 01:23 PM

ඔන්න දැන් තමයි ප්‍රශ්නේ .මෙච්චර කල් බල්ලන්ට කතා කරන්න බැරි නිසා මිනිස්සු කරන බලුවැඩ ඔක්කොම ඉවසන් හිටිය .දැන් බලමුකෝ බල්ලන්ගෙන් අහන්න වෙන බලු කතා.ඔට්ටුවක් දාමුද පළවෙනියටම මේ බල්ලා කියන්නේ මොකක්ද කියල ."මිනිස්සු අපේ නම කාල "(දිල්)

:       0       0

කැලුම් Friday, 20 December 2013 03:22 PM

අපෝ මම කැමති නැහැ ඕකට ,බල්ලෝ අපි ගැන මොනවා හිතනවද කව්ද දන්නේ.? (අ)

:       0       0

කමල් Friday, 20 December 2013 05:31 PM

මේවාටත් බදු නැද්ද? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 21 December 2013 03:21 PM

ටික කාලෙකින් බල්ලෝ කියාවි' 'බල්ලොත් එක්ක බෑ''කියලා. (නදී)

:       0       0

ගුණේ Saturday, 21 December 2013 09:59 PM

ඊයේ පෙරේද දකුණ පැත්තේ සභාවක බලු භාෂාව ඉතා සාර්ථකව භාවිතා කර තිබුනා. එම නිසා ඒ උපකරණයට හඬ කවන්න හා හොද පැහැදිලි ශබ්දයෙන් වචන උච්ඡාරණයට අපේ දේශපාලන සභාවල කට්ටිය යොදවා ගත්තා නම් ඉතා හොදයි.(නදී)

:       0       0

කැනඩා දිසා Sunday, 22 December 2013 09:41 AM

මෙන්න නියම වැඩ. ආශ්චර්‍ය කියන්නේ මේවට හොඳේ. නැතුව ඔය එක එක්කෙනා කියන විදියට නෙමෙයි.(නදී)

:       0       0

ලලිත් Sunday, 22 December 2013 07:01 PM

බලු බාශාව මිනිස් බාසාවට පරිවර්තනය කලාට එතරම් ප්‍රස්නයක් වෙන එකක් නැහැ. නමුත් මිනිස් බාශාව බලූ බාසාවට පරිවර්තනය කරපු දවසට තමයි බල්ලෝ විනාෂ වෙන්නේ. (ත)

:       0       0

දයා අලහකෝන් Monday, 23 December 2013 03:41 PM

රෑට හොර ගමන් නවතී. බල්ලා කියනවනෙ ආපු කෙනා, ආගිය වෙලාවල්. විනාසයි. (ස)

:       0       0

ඉරුක Monday, 23 December 2013 04:57 PM

නොදන්න සිංහල වචන හදලා ලොක්කා වෙන්නේ නැතිව ඉංග්‍රීසි වචනයම භාවිතා නොකලේ ඇයි? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site