X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 14 වන සඳුදා


බවුන් වඩන්න කියාපු තැන බොම්බායේ

ලොව දෙවැනි විශාලතම දා ගැබ මහාරාෂ්ට්‍රයේ බටහිර බොම්බායේ ඉංදියාවේ බොරිවිල් නුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ඉදිකැර ඇත. බෝට්ටුවෙන් ද තවත් පසෙකින් ගොඩබිමෙන් ද මෙම මනරම් පුජනිය ස්ථානයට ළගාවිය හැකියි​. උල්ලාස් නගරයේ බෞද්ධ විහාරාධිපති නලිවෙල ආනන්ද හිමියන්ගේ උපදෙස් මත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පරිපාලන කලමනාකරු සුරෙශ් බඳෙක මෙම විශ්මිත නිමෑවුම ගැන මෙසේ විස්තර කළේය​.

ලෝකයේ නන්දෙසින් සංචාරකයන් මෙහි එනවා. දාගැබ හැඳීම ආරම්භ කළේ 1997දි හදලා ඉවර කළේ 2008දි. විවෘත කලේ 2009 පෙබරවාරි 8 වැනිදා මියන්මාර ගෘහනිර්මාණ ශිල්පින් අතිනුයි මෙ හැමදෙම නිම වුණේ. රත්තරන් පාට ගැන්විම තායිලන්ත වාත්තු ශිල්පින් අතිනුයි සිදු වුයේ. දාගැබට පසෙකින් ඇති බුදු පිලිම වහන්සේ තනි ගලකිනුයි නෙළලා ඇත්තේ. උස අඩි 15යි. බර ටොන් 60යි. දාගැබ හදන්න උපයොගි කරගත්තේ රතු ගල් ගෙනාවේ උත්තර ප්‍රදේශයෙන්. මහා දොඹකර මගින් ඒ ගල් ඉහළට ගෙන ගියා. දාගැබ අභ‍යන්තරයෙ 10000කට භාවනා කරන්න පුළුවන්. ලෝකයේ ඕනෑම කෙනකුට අපි භාවනා වැඩසටහන් කරන්නේ නොමිලේ. දින 10 පාඨමාලාවට එන අය සදහා කෑම බිම ඉදුම් හිටූම් නොමිලේ දෙනවා. පැය භාගේ භාවනා වැඩසටහන් ද අපි කරනවා. අනුරාධපුරයේ අටමස්ථානාධිති ස්වාමින් වහන්සේ හා නලිවෙල අනන්ද හිමියන් අපිට ශ්‍රි මහා බොධියේ අංකුරයක් ගෙනත් පුජා කළා. තායිලන්ත, මියන්මාර්, ඉංදියා, ශ්‍රි ලංකා බෞද්ධයින්ගේ මුදල් වලින් තමයි මේ සෑය ඉදි කෙළේ. 

ඇමරිකා ඩොලර් මිලියන 30ක් (රුපියල් මිලියන 3990) වටිනා මේ ඉඩම පරිත්‍යග කළේ විපස්සනා භාවනාව ප්‍රගුණ කළ පිංවතෙක්.

දාගැබෙ උස අඩි 325යි.

පළල   අඩි          280යි.

වියදම ඉංදියානු රුපියල් කෝටි 185යි.(රුපියල් කෝටි 89.75)

අත්තිවාරමෙ ගැඹුර අඩි 30යි පළල අඩි 20යි.

රතු ගල් ප්‍රමාණය මිලියන 2.5යි.

වැලි ලොරි 3000යි.

වැයවු මිනිස් ශ්‍රමයේ කාලය පැය මිලියන 90යි.

IMG_7324 IMG_7334 IMG_7337 IMG_7346 IMG_7347 IMG_7349 IMG_7368 IMG_7385

IMG_7378 IMG_7379 IMG_7399 IMG_7400 IMG_7404



අදහස් (0)

බවුන් වඩන්න කියාපු තැන බොම්බායේ

සුසන්ත ශ්‍රී ඒකනායක Monday, 15 December 2014 12:51 PM

සාධූ ! සාධූ !! සාධූ !(හේ)

:       0       0

සුමින් Monday, 15 December 2014 03:51 PM

මේක හරිම වටිනා වැඩක්. කොහොම වුනත් මෙතරම් වටිනා රුපියල් කෝටි400 ක් වටිනා ඉඩමක් පුජ කරන්න තරම් මේ මනුස්සය නිර්ලෝභී වුනා කියන්නේ? ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ඇත්තටම දැන් මෙම ස්ථානය දැක්කොත් මේ ඉඩම පූජා කල උතුමා හදවතින්ම සතුටු වෙනවා ඇති .(අ)

:       0       0

නිමල් ලලිත Tuesday, 16 December 2014 02:37 AM

සාදු සාදු සාදූ!!! (නි)

:       0       0

ලාල් ජයසේකර Tuesday, 16 December 2014 10:03 AM

"සාදු සාදු" !! විදර්ශනා කියන්නේ විද්‍යා දැක්මය. ලෝකය හා නොඇළී නොගැටී මුලනොවී වාසය කරන්නට ඔහුට පුළුවනි. (නි)

:       0       0

නිමල් Tuesday, 16 December 2014 10:35 AM

මේක ලංකාවේ කරා නම් කොමිස් ගැහුවා කියාවි. මිනිසුනේ ඇස් අරින්න. හැම කෙනාටම බල තන්හාව (නදී)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 05:40 PM

හරිම අදර්ශමත් පුන්‍ය කර්මයක් ඇමරිකා ඩොලර් මිලියන 30ක් (රුපියල් මිලියන 3990) වටිනා මේ ඉඩම පරිත්‍යග කළේ විපස්සනා භාවනාව ප්‍රගුණ කළ පිංවතෙක්.බලන්න බුදු දහම හරියට ඉගනගත් පුද්ගලයෙක්ගේ දැනුම සහ වටිනාකම මුලිකම දේ දාන,සීල,භාවනා දානය යනු අතහැරීමයි මේ ඉඩමදුන් පින්වතා මුලිකම දේ කරලා තියෙන්නේ අද සමාජයට කොයිතරම් වැදගත් පණිඩයක්ද දීල තියෙන්නේ ?(අ)

:       0       0

ශාන්ත Thursday, 18 December 2014 04:25 AM

බුදු සසුන බැබළේවා! සැමට මෛත්‍රිය කෙරේවා! සෙත් ශාන්තිය අත්වේවා! (නි)

:       0       0

කොචාහි Thursday, 18 December 2014 07:27 PM

මේකේ ශාඛා ලෝකේ පුරාම තියෙනවා. ලංකාවෙත් දැන් ශාඛා 3ක් තියෙනවා. මහනුවර ධම්ම කුට, අනුරාධපුර ධම්ම අනුරාධ හා අවිස්සාවේල්ල කොස්ගම ධම්ම සෝභා. ඔබතුමන්ලා තවමත් විපස්සනා භාවනාවේ අරුමය අත්විඳලා නැත්තම් වහාම මේ එකක දවස් 10 යේ වැඩසටහනකට යන්න. ලංකාවේ ඒවත්, ලෝකේ වටා රටවල් 54ක තිබෙන එහි ශාකා 150 කට කිට්ටු ගණනත් සම්පුර්ණ පරිත්‍යාග. වැඩසටහන් නොමිලේ. නඩත්තුවෙන්නේ පරිත්‍යාගවලින්මයි. මෙහෙ කැලිෆෝර්නියා ප්‍රාන්තේ හතරක් තියෙනවා. බැලුවොත් ඇත්නම් හොදටම ෆුල්. මාස හයකටවත් කලින් අැප්ලිකේෂන් දාන්න ඕනේ. මමත් දවස් 10 යේ වැඩසටහන් හයකට සහභාගී වෙලා තියෙන නිසා කියන්නේ. ඔබත් ගිහින් පුහුණුවෙලා ධර්මයේ අසිරිය තමා තුලින්ම විඳගන්න. (නදී)

:       0       0

සුරංග Saturday, 20 December 2014 03:40 AM

අදාල ලිපිනයන් ලබා දෙන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site