අසාමාන්‍ය ලෙස උත්පාදනය වී ඇති ග්‍රහ මණ්ඩලයක් විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇත.
තරුවක් හා එක් ග්‍රහලොවක් පමණක් පිහිටන මෙම ග්‍රහ මණAඩලයේ උපත සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් විශ්වාස කළ පරිදි සෞරග්‍රහ මණ්ඩල ඇතිවීමේ ක්‍රියාවලියෙන් බව විද්‍යාඥයන් පවසයි.
දැනට පවතින එක් මතයක් වනAනේ තරුවක උත්පාදනය සිදුවූ සමගම ග්‍රහලෝකද ඇතිවීම ආරම්භ වන බවයි. තරුව අවට ඇති ගෑස් හා පාෂාණ තරුවේ ගුරුත්ව බලයට හසුව වසර දහස් ගණනක් තිස්සේ ඒකරාශී වීමෙන් ග්‍රහලෝකයක් ඇතිවනAනේයැයි විශ්වාස කෙර. තවත් මතයක් වන්නේ අභ්‍යාවකාශයේ ඇති පාෂාණයන් එකිනෙක හා ගැටී ග්‍රහලෝක නිර්මාණය වන බවයි.
නමුත් මෙහිදී තරුව හා ග්‍රහලෝකය වෙන වෙනම ඇතිවූවන් බවට සැක කෙරේ.බ්‍රහස්පති ග්‍රහයා තරම් 11 ගුණයක් පමණ බර වෙතියි සැළැකෙන මෙම ග්‍රහයා පෘථීවියේ සිට සූර්යයාට ඇති දුර මෙන් 650 ගුණයක දුරකින් තරුව වටා භ්‍රමණය වෙමින් පවතින්නේයැයි සොයාගෙන තිබේ.
ග්‍රහලොව තවදුරටත් අධ්‍යනය කිරීමෙන් මෙසේ ග්‍රහ මණඩලයක් නිර්මාණය වූවේ කෙසේදැයි වඩාත් හොදින් අනාවරණය කර ගනු හැකි වේයැයි
විද්‍යාඥයින් විශ්වාස කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බ්‍රහස්පතී වගේ ග්‍රහලොවක්
අමිල කටුනායක Sunday, 08 December 2013 11:12 AM
පිස්සු හැදෙන දුරක්නේ(දිල්)
අබු Sunday, 08 December 2013 11:48 AM
කොහ හරි ජීවයක් තියනවනං අපි සුද්දදවූ යුද්දෙ තියල ඒකත් කනවා. ඒකනෙ අපිට සුද්දවූ යුද්දෙට ළමයි හදන්න කියල අපේ පොතේ තියෙන්නෙ... (ස)
ලක්ෂ්මන් ජයවර්ධන Sunday, 08 December 2013 12:59 PM
පොතපත පරිශීලනය කළාම දැනගන්න පුළුවන් බුදු බණේ තියෙනවා තව තවත් ග්‍රහලෝක ගැන .එත් අනන්තයි සොයා ඉවර කරන්න අපහසුයි කියා.(දිල්)
මධු Sunday, 08 December 2013 01:15 PM
විශ්වයේ තියෙන තරු දැකලා විද්‍යඥයන්ටත් දැන් තරු පෙනිලා තියෙන්නෙ. (ස)
සත්‍යයා Sunday, 08 December 2013 01:59 PM
දියුණු රටවල විද්‍යාඥයෝ මිනිසුන්ගේ දැනුම දියුණු කරන්න තරු පෙන්වනවා. අපේ රටවල ආණ්ඩු කරන්නෝ ආහාර සොයා අරගල කරන මිනිසුනට දහවලුත් "තරු" පෙන්වනවා. (ස)
ලලිත් අපොන්සු Sunday, 08 December 2013 02:30 PM
ලක්ෂ්මන් ජයවර්ධන ඔවා ඉබේ ඇතිවුණා ද ? ඔබේ අදහස කුමක්ද ? (ස)
දයා අලහකෝන් Sunday, 08 December 2013 03:20 PM
විශ්වයේ කෙළවරක් නොමැති බව ද, එය සොයා නොයන ලෙස ද බුදුරජාණන් වහන්සේ දේශනා කැර ඇත. (ස)
සමන් කුමාර Monday, 09 December 2013 07:22 AM
මටත් තියෙන්නේ දයා අලහකෝන‍්ගේ අදහස්මයි (නි)
මේරි Monday, 09 December 2013 08:54 AM
ලෝක විෂයත් බුද්ධ විෂයත් අචින්ත්‍ය බව බුදු හිමියෝ වදාළහ.(නදී)
නුවන් සමරකෝන් Monday, 09 December 2013 11:11 AM
සමහර අය දෙවියන්ගේ මැවීම මතම එල්බ ගෙන සිටින බව පේනවා. කවුරු හරි කියනවද දෙවියන් ඇති උනේ කොහොමද කියලා. මොන දේට කවද හෝ කොහේ හෝ ආරම්භයක් තිබිය යුතුයිනේ. ප්‍රශ්නෙන් පැනල යන්නේ නැතිව කාට හරි කෙලින් උත්තරයක් දෙන්න පුලුවනි නම් බොහෝම හොඳයි. බෞද්ධාගමේ හැම දෙයම දේශනා නොකලා හෝ දේශනා කල දෙය කාලයේ ඇවෑමෙන් ගිලිහි ගියා වෙන්නත් පුළුවන්. ඒ වගේම අනෙක් ආගම් ශාස්තෘන් වහන්සේලා දෙසු දහම් දැන් කාලයේ අය හරියට පිලි නොපදිනවා වෙන්නත් පුළුවන්. නොඑසේ නම් කාලයත් සමඟ විකෘති කල හෝ විකෘති කලා වෙන්නත් පුළුවනි. කුමක් කෙසේ සිදු වුවත්, වෙනත් ආගමකට ගැරහීමට පෙර තමන්ගේ ආගම හොඳින් අධ්‍යනය කර සිටිය යුතු මෙන්ම තමා ගරහන අනෙක් ආගම් ගැනත් පුර්ණ දැනුමක් තිබිය යුතුයි. නිකන් වල පල ලියල අපේ ජීවන සහයෝගය නැති කරන්නේ නැතුව, තමාගේ ආගම පාඩුවේ අදහන්න, පිළිපදින්න. කිසියම් දෙයක් ගැන ගැටළුවක් තිබේනම්, ආගම් ගැන සංසන්දනයක් සමඟ ඔබේ ගැටලුව යොමු කරන්න. එවිට එම ආගම ගැන විශාරදයෙකුට එම ගැටලුවට පැහැදිලි පිළිතුරක් දිය හැක. (ස)
නිමල් Monday, 09 December 2013 01:15 PM
විශ්වයේ තියෙන තරු ගැන හොයන්න දරන සල්ලි දුප්පත් කම අඩුකරන්න යොදවල තම තමන්ගේ ශරීර අභ්‍යන්තරය ගැන හිතල බැලුවා නම් ගොඩක් දේවල් අවබෝධ කරගන්න පුළුවන්. (ස)
රොෂාන් ප්‍රනාන්දු Tuesday, 10 December 2013 08:29 AM
නුවන් සමරකෝන්, දෙවියන් ඇති වුනේ කොහොමද කියල මට ඔයාට පත්තරෙන් කියන්න බැහැ.ක්‍රිස්තියානි ආගමේ විදිහට දෙවියන් වහන්සේ කොහෙන් අාවාද කියල දැනගන්න ඕනෑ නම් ඔයාට ශුද්ධ වූ බයබලය මුල සිට අගටම කියවන්න වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇත්නම් බුද්ධිමත් ,දැනුම ඇති ක්‍රිස්තියානි කෙනෙකුගෙන් අහන්න.නොදන්නා කෙනෙකුගෙන් ඇහුවොත් හරි උත්තරයක් ලැබෙන්නේ නැහැ.මම මේ ලිව්වේ ක්‍රිස්තියානි ආගමේ දේව විශ්වාසය ගැනයි.ලංකාවේ ඉන්දියාවේ තවත් දේව විශ්වාස තියනවා. ඒවා ගැන මම ලියන්නේ නැහැ. එහෙම වුනොත් ආගම්වාදය අවුස්සනවා කියයි (නි)
දම් Tuesday, 10 December 2013 11:16 AM
දෙවියෝ නිකමට වගේ මවන්න ඇති.. (ස)
නුවන් සමරකෝන් Thursday, 12 December 2013 11:12 AM
රොෂාන්, ඇත්තටම මට විවාදයකට යන්න අවශ්‍ය උනේ නැහැ. අනවශ්‍ය විදියට හැම දෙයකටම ආගම ඇඳගෙන විවාද කිරීම හොඳ නැහැ කියන එකයි මම කියන්න උත්සාහ කලේ. මම පුළුවන් සහ වෙලාව ලැබෙන විදියට ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පොත පත කියවනවා. ඔයාට පුළුවනි නම් දෙවියන් ඇති උන හැටි විස්තර කරන වෙබ් සයිට් එකක් හෝ පොතක නම මට එවන්න. ඔයාට පුළුවනි ඒ විස්තර මේ තිරුවේම ලියන්න. අපි හැමෝම ආගම් අදහන්නේ අපේ දෙමාපියෝ අදහන අගමමයි. එහෙම නැතුව හරි දේ මොකක්ද කියල සොයා බලල නෙමෙයි. මම උපතින් බෞද්ධයෙක්. එහෙම කියල මම කවදාවත්ම අනෙක් ආගම් වලට නිගරු කෙනෙක් නෙමෙයි. (ස)