X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


බ්‍රිතාන්‍ය ගුවන් සේවය යළි ලංකාව අත්හරී

බ්‍රිතාන්‍ය  ගුවන් සේවය ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන ගුවන් පියාසැරි 2015 මාර්තු මස 28 වැනිදා සිට අත්හිටුවන බව නිවේදනය කර ඇත.

එයට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ ශී‍්‍ර ලංකාව දක්වා සිදුකරන පියාසැරියන්ගෙන් අපේක්ෂිත මට්ටමේ ලාභයක් උපයාගත නොහැකි වීමයි.

1998 වසරේදී ශී‍්‍රලංකාව දක්වා ගුවන් පියාසැරියන් අත්හිටවූ බි‍්‍රටිෂ් එයාරවේස් ගුවන් සේවය නැවත ශී‍්‍ර ලංකාවේ මෙහෙයුම් ආරම්භ කළේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය.

දැන් නැවත වරක් ශී‍්‍ර ලංකාව අත්හැරීමට ඔවුන් සැරසේ.

බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය ශී‍්‍රලංකාවේ ගුවන්මෙහෙයුම් වලින් ඉවත් වුවද ශී‍්‍රලංකාවේ නිල ගුවන්සේවය වන ශී‍්‍රලංන්කන් දැන් ‘‘වන් වර්ල්ඞ්‘‘ ලෝක ගුවන්සේවා එකමුතුව හා සම්බන්ධව සිටින හෙයින් බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය යුරෝපයට හා ඇමරිකාවට සැපැයූ ගුවන්ගමන් සේවා ඔවුන් නොමැතිව වුවද ලබා ගැනීමට පාරිභෝගිකයින්ට හැකිය.

ගුවන්ගමන් සදහා ටිකට්පත් වෙන්කරවාගෙන ඇති මගීන්ගේ මුදල් නැවත ඔවුන් වෙත ලබාදෙන බවද බි‍්‍රටිෂ් එයාර්වේස් ගුවන් සේවය නිවේදනය කර තිබේ.



අදහස් (0)

බ්‍රිතාන්‍ය ගුවන් සේවය යළි ලංකාව අත්හරී

චමින්ද Thursday, 25 September 2014 08:59 PM

ඔන්න හසිත මල්ලි, ඉඳලා ඉඳලා මෝඩ ප්‍රශ්නයක් ඇහුවා.බ්‍රිටිෂ් එයාවේස් යන්නේ එංගලන්තයට විතරක් කියලද ඔයා හිතාගෙන හිටියේ? මම බ්‍රිටිෂ් එයාවේස් එකෙන් ගියේ ලංකාවේ සිට ඉන්දියාවට, දඹදිව වන්දනාවේ.ඇති නේද....? (නි)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 09:57 AM

කිසිම රටක්, තම ජාතික ගුවන් සේවය යයි කියා, පාඩු පිට දුවනවා නම් එකෙන් වැඩක් නැහැ.වහලා දාන්න තියෙන්නේ.වෙනත් රටවල් වලත් පාඩු ලබන ගුවන් සේවා, වහලා දාපු අවස්ථා බොහෝමයි.ඉදිරියේදී තවත් ගුවන් සේවා වහලා දාන බව, සමහර රටවල ගුවන් සමාගම් දැනටමත් දැනුම් දී හමාරයි.(දී)

:       0       0

කාරිවසම් Thursday, 25 September 2014 11:04 AM

යාලුවනේ අපි නෙවෙයි නතරකරලා තියෙන්නේ ඒගොල්ලෝ ඉතින් ප්‍රශ්නේ අපේද ඒගොල්ලන්ගේද කියල තව ටිකක් ඉවසල බලන්න (අ)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 11:05 AM

මේක අනික් ගුවන් සමාගම් වලට වාසියක් , අපේ මිහින් ( හිමින් ) යන සේවය සහ රස්තියාදු කරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වාසියක් , කටාර් , එමිරේට්ස් සහ වෙනත් සේවාවන් තිබෙන නිසා න මේ බ්‍රිටිෂ් ගුවන් සේවය නතර කලාට පාඩුවක් නැහැ අපිට (අ)

:       0       0

බණ්ඩා Thursday, 25 September 2014 11:50 AM

අපේ ගුවන් සේවය අපිට සලකන්නේ සත්තුන්ට වගේ හම සුදු මිනිස්සුන්ට හොද සැලකිලි ..... (දී)

:       0       0

නිශාන්ත Thursday, 25 September 2014 01:17 PM

මගේ පොඩි දුවට උන ගැනිල පොරෝනයක් ඉල්ලුවම ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවක් අකමැති උනා දෙන්න (දී)

:       0       0

හංසක Thursday, 25 September 2014 01:36 PM

කමක් නෑ බබා, අපිට වන් වර්ල්ඩ් තියෙනවා දැන්(අ)

:       0       0

ගාමින්ද Thursday, 25 September 2014 04:30 PM

මේ ප්‍රථම වරට නොවේ (දී)

:       0       0

හසිත Thursday, 25 September 2014 06:05 PM

චමින්ද අවුරුදු විසි හතරකට කලින් ගියේ බ්‍රිටිෂ් ගිහින් තියෙනවද (දී)

:       0       0

සුනිල් මාපලගම Thursday, 25 September 2014 06:23 PM

ශ්‍රී ලන්කන් ගුවන් සේවය හැරෙන්නට වෙන ඕනෙම ගුවන් සේවයක් රස්තියාදු නොවී , සහ ගුවන් සේවක සේවිකාවන්ගේ ලොකුකම නැතුව නිදහසේ යන්නට පුළුවන් කාටත් එකම සේවය , හමේ පාට බාෂාව නොසලකා (දී)

:       0       0

ඉර්ෆාන් ඇමෙරිකාව Thursday, 25 September 2014 07:37 PM

මම නිතර ගුවන් ගමන් යන කෙනෙක්. මම ගිය ගුවන් ගමන් වලදී දැක්ක දෙයක් තමය ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් ඉතාමත් අකාරුණික පිරිසක් බව. හරියට එයාල හිතාගෙන ඉන්නේ එයාලගේ පුද්ගලික ගුවන් යානයක අපි නොමිලේ යනවා කියලා. (නදී)

:       0       0

කුමාරසිරි Thursday, 25 September 2014 09:40 AM

ශ්‍රී ලංකා ගුවන් සේවය දැන්නම් අන්තිමයි . (දී)

:       0       0

චාමර Thursday, 25 September 2014 09:03 PM

බොහෝ ගුවන් සේවක සේවිකාවන් හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ ගුවන් යානාවටත් වඩා ඉහළින් ඉන්නේ කියලයි. (නි)

:       0       0

සදුන් Thursday, 25 September 2014 09:03 PM

මම කිහිප වතාවක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගමන්කර තිබෙනවා. සේවය ඉතාම හොඳයි (නි)

:       0       0

අජිත් Thursday, 25 September 2014 09:46 PM

අපෝ! ශ්‍රී ලන්කන් එකේ මාත් යන්නේ නැහැ. අපිව ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

කරුණාරත්න Thursday, 25 September 2014 10:29 PM

මම නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යන එක අත්හැරියේ අවුරුදු 10කට විතර ඉහතදී. හැබැයි ඉතින් අනෙක් ඒවායෙත් වැඩි වෙනසක් නැහැ. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 26 September 2014 02:14 AM

මම ඒකයි මුහුදට වැටුනත් කමක් නැහැ කියලා මැලේෂියන් එයාර් ලයින් එකේම යන්නේ.අපේ අයගේ ආඩම්බර ඉවසනවට වඩා ඒක හොඳයි (නි)

:       0       0

ගයාන් Friday, 26 September 2014 05:27 AM

මෙතන තියෙන අදහස් දැක්කහම තේරෙන්නේ එකම දෙයයි, අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවිකාවෝ අපේ රටේ මිනිස්සුන්ට ආඩම්බර කම් දානවා කියන දෙයයි. ලංකාදීප පත්තරයේ කාතෘතුමනි, ඔබට පුලුවන්නම් මේ සේරම අදහස් මුද්‍රණය කරලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පුහුණු කිරීම් අංශයට බාර දෙන්න . මොකද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවිකාවන්ට මනෝ වෛද්‍ය උපදේශන අවශ්‍යයයි . මමත් හැමදාම යන්නේ වෙනින් ගුවන් සේවාවල , මොකද එහි වැඩ කරන අයගේ තියෙන නිහතමානී කම සහ සංග්‍රහශීලි ගතිය නිසා. (ස)

:       0       0

නාලි Friday, 26 September 2014 05:42 AM

වසර 34 කට වඩා මම යුරෝපය සහ ලංකාව අතර ගුවන් ගමන් ගිය කෙනෙකු ලෙස අත්දැකීම් බොහොමයි. ගුවන් ගමන් සදහා ටිකට් ගත් අයට මුදල් ආපසු දීම් කරන්න බැහැ. ඔහුන්ට නැවත එම දිනයටම ටිකට් ගන්න බැරි වෙන්නත් ගෙව්වාට වැඩියෙන් තවත් ලොකු මුදලක් ගෙවන්නත් සිදුවෙන නිසා අසාධාරණයක් වෙනවා. මේ නිසා විය යුත්තේ මෙම මගීන් වෙනත් ගුවන් සමාගම් වලට යොමු කොට එම දිනයේදීම හෝ ආසන්න දිනක මගියාගේ ගමන් පහසුව එම මුදලටම සපයාදීමයි. මේ අපහසු තාවයට පත්වුන මිතුරන් සිටී නම් එම ඉල්ලීම කරන්නට ඔබට නීතියෙන් අයිතිය තියෙනවා. වසර කිහිපයකට පෙර මමත් පවුලේ අයත් කොන්ඩොර් නමැති ජර්මන් ගුවන් සමාගමින් ලංකාවට එන්න ටිකට් ගත්ත. ඔවුන්ද මෙම ගැටලුව නිසාම ඔවුන්ගේ ගුවන් ගමන් නවතා දැමුවා. නමුත් අපට ලංකාවට එන්නට නියමිත දිනයටම ආසන්නම දිනයකදී ශ්‍රී ලන්කන් ගුවන්සේවයට යොමු කලා. අපට අපහසුතාවයකට පත්වන්නට උනේ නැහැ.මේ පිළිබද සොයා බලා ඔබද ඔබේ අයිතිය ලබා ගන්න. ජය පතමි. (ස)

:       0       0

මිලින්ද Friday, 26 September 2014 09:48 AM

නරක ප්‍රතිරූපයක් තමයි ලෝකෙට යන්නේ (දී)

:       0       0

මිනිපෙ Friday, 26 September 2014 05:12 PM

ගයාන්ගේ යෝජනවානම් පංකාදුයි.බොහොමයක් ගුවන් සේවකයෝ සුදු හමට සැලකීම වැඩ්යි.එකට හේතුවනම් ඔවුන් කරදරයක් නැතිව ගමනේ යෙදෙන නිසා.මේ සුදු අය ඉල්ලන දේවල් අඩුයි.(දී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 26 September 2014 08:44 PM

ඒක නම් ඇත්ත ඉන්දු. කඩාවැටෙන්නේ විනාඩි ගණනකදිනේ. මේක පැය ගණනක්. (නි)

:       0       0

ඉන්දික Thursday, 25 September 2014 09:26 AM

යළි කියන වචනය තුල මහා අර්ථයක් සැඟවෙලා තියෙනවා (දී)

:       0       0

චමින්ද Thursday, 25 September 2014 08:05 AM

මගේ පලවෙනි ගුවන් ගමන දැනට අවුරුදු විසි හතරකට ප්‍රථම ගියේ බ්‍රිටිෂ් එයාවේස් ගුවන් යානයක.ඒ දවස් වලනම් ඒ අය බොහොම කාරුණිකයි.දැන් නම් කොහොමද කියන්න දන්නේ නැහැ.ඊට පස්සේ නම්, මම ගියේ නැහැ.හැබැයි එදා, ගුවන් සේවක සේවිකාවන් ගෙන් වැඩි හරියක් හිටියේ වයසක අය (දී)

:       0       0

නිරං සෞදි Thursday, 25 September 2014 08:28 AM

දයාලාල් මේ ආඩම්බරකම් පෙන්නන්නේ වෙනරටක ගුවන් සේවයක් නමුත් අපේ ගුවන් සේවයේ කට්ටිය ලංකික අපිට පමණක් කරන කෙනිහිලි ඔබ අත්විද නැතිව ඇති (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 25 September 2014 08:54 AM

මිනිස්සුන්ගේ තියෙන්නේ එක එක ආකල්ප (දී)

:       0       0

සමන් පෙරේරා Thursday, 25 September 2014 08:54 AM

අපේ ගුවන් සේවාවේ කට්ටිය ඊට එහා (දී)

:       0       0

ගයන් Thursday, 25 September 2014 09:16 AM

බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ එකොනොමි ක්ලාස් ටිකට් ගන්නන් වැඩියි, ප්‍රයෝගික නැහැ. ඉතින් මිනිස්සු යන්න කැමතිත් නැහැ.(දී)

:       0       0

රාජා Thursday, 25 September 2014 09:14 AM

ඒගොල්ලන්ගේ ගුවන් සේවයේ යන්න මුළු සේසතම විකුනන්න වේවි.(දී)

:       0       0

හර්ෂ Thursday, 25 September 2014 09:20 AM

එක අතකට එක හොදයි. ලන්ඩන් නුවර ඉදල කෙලින්ම කොළඹ එන්න කැමති අයට අපේ ගුවන් සේවය හරහා විතරක් එන්න පුළුවන්.(දී)

:       0       0

නුවන් Thursday, 25 September 2014 09:20 AM

දකුණු ආසියාව තුල ශ්‍රීලංකන් ගුවන් සේවය ඒකාධිකාරයක් හදාගන්න ඕනේ. මේක හොද අවස්ථාවක්.(දී)

:       0       0

ටානියා Thursday, 25 September 2014 09:23 AM

ඒක අපිට ලොකු පාඩුවක් (දී)

:       0       0

ලුසිත Thursday, 25 September 2014 09:26 AM

පාඩු ලබන්න ව්‍යාපාර කරන්නේ නැහැනේ කවුරුවත් (දී)

:       0       0

දයාල්- ලන්ඩන් Thursday, 25 September 2014 07:42 AM

ඔය ගුවන් සේවයේ ඉන්න ගුවන් සේවිකාවෝ හරිම ආඩම්බරයි අකාරුනිකයි , මමත් කිහිප සැරයක්ම ගිහිල්ලා තියෙනවා (දී)

:       0       0

අවිශ්ක Thursday, 25 September 2014 09:26 AM

අපේ රට ප්‍රතික්ෂේප කරලා නේද (දී)

:       0       0

සිල්වා Thursday, 25 September 2014 09:24 AM

මේක අපි දෙපාරක් හිතන්න ඕන කරුණක් (දී)

:       0       0

දුමින්ද Thursday, 25 September 2014 09:27 AM

සෑම දේකම තියෙන්නේ අධික වියදම පමණමයි (දී)

:       0       0

දුශාන් Thursday, 25 September 2014 09:24 AM

පාඩු පිට දුවනවාට වඩා හොදයි නවතන එක (දී)

:       0       0

යොහාන් Thursday, 25 September 2014 09:27 AM

මොකද අපේ රටේ ගුවන් සේවයට බනින්නේ (දී)

:       0       0

ලයනල් Thursday, 25 September 2014 09:24 AM

වෙන රටක් සමග අපි සම්භන්ධ වෙමු (දී)

:       0       0

දීපාල් Thursday, 25 September 2014 09:24 AM

අපිට පාඩු වෙයි මේ කට්ටිය ආවේ නැහැ කියලා (දී)

:       0       0

දයාල් Thursday, 25 September 2014 09:27 AM

අපේ රටේ ගුවන් සේවයට හොද වාසියක් මේක. ගුවන් සේවිකාවන්ගේ ආඩම්බරකමයි, වියදමයි අඩුකරගත්තොත් අපිට හොද තරඟයක් දෙන්න පුළුවන්. (දී)

:       0       0

යසිත Thursday, 25 September 2014 09:27 AM

මට නම් ඔය සේවය ලංකාවට සේවය ආරම්භ කරන කොටම තේරුණා, ඕක වැඩි කල් පවතින්නේ නැහැ කියලා. (දී)

:       0       0

මහේෂ් Thursday, 25 September 2014 09:31 AM

මමත් කීප වතාවක් ගියා ශ්‍රී ලංකා ගුවන් සේවයේ.. ඒ ගොල්ලගෙ සේවයනම් වැඩක් නැහැ . (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site