X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක් ඝාතනය කරයි

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස් (41) ඇගේ ඡන්ද කොට්ඨාසයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය බව එරට වාර්තා පවසයි.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරිය බර්ස්ටෝල් හිදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර තියුණු ආයුධ වලින් කපා කොටා ඇති බවද කියති.

ප්‍රහාරයට සම්බන්ධ 52 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට පත්ව ඇති අතර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධ කාරණයක් හේතුවෙන් ඇයට එරෙහිව සිටි අයකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම ප්‍රහාරය එල්ලකළ බවට සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති 53 හැවිරිදි ටොමි මයර් නැමැත්තා එම අවස්ථාවේදී " බ්‍රිතාන්‍යට මුල්තැන " යනුවෙන් හඬ නගා කෑගසනු ඇසුණු බවත් බිම වැටි සිටි ඇයට පාපහර කිහිපයක් එල්ල කළ බවත් සිද්ධිය දුටුවන් පොලිසියට පවසා ඇත.

"බ්‍රිතාන්‍යට මුල්තැන" යනුවෙන් ඉංග්‍රීසි ජාතිකයින් කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ප්‍රහාරය පිළිබඳ ආරංචිය ප්‍රසිද්ධියට පත්වූ සැණින් එම සංවිධානය ඒ සඳහා ඔවුනගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බවට නිවේදනයක් නිකුත් කළේය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද නැද්ද පිළිබඳව විමසා බලන ජනමත ව්චාරණයක් මෙම 23 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙයි. 

බ්‍රිතාන්‍යයේ ජාතිමාමක යැයි කියාගන්නා පිරිස් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිති. ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය තවදුරටත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට ප්‍රචාරයක් ගෙනගිය අයෙකි. එම නිසා මෙම ප්‍රහාරය සහ ඇයගේ මෙම ස්ථාවරය අතර සම්බන්ධතාවයක් ඇත්දැයි පොලිසිය සොයා බලන බවටද ආරංචිවී ඇත. 

බටහිර යෝක්ෂයර් නඟරයේ බැට්ලි ඇන්ඩ් ස්පෙන් ආසනයේ මන්ත්‍රීවරිය ලෙස ජෝ කොක්ස් 2015 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය නියෝජනය කරමිනි. කම්කරු පක් ෂය තුළ බලාපොරොත්තු තැබිය හැකි අනාගතයක් තිබුණු තරුණ මන්ත්‍රීවරියක වූ ඇය අනපේක් ෂිත ලෙස ඝාතනය කරනු ලැබීම පිළිබඳව බ්‍රිතාන්‍යය පුරාම දැඩි කනගාටුවක් පැතිර ගිය බවද වාර්තා විය.

ලොව සුපතල කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ උපාධි දාරිනියක වූ ජෝ කොක්ස් දෙදරු මවකි. ඇයගේ සමියාවන බ්‍රෙන්ඩන් කොක්ස් කියා ඇත්තේ ඇයගේ අකල් වියෝව නිසා තමාත් දරුවන් දෙදෙනාත් අතිශයින් කම්පාවට පත්ව ඉන්නා බවය. " මෙවන් විපටක් සිදු කිරීමට හෙතුභුතවූ අතිශයින් අවාසනාවන්ත නිෂ්ප්‍රයෝජන ආකල්පයන් සියලුම දෙනාගේ මනස් තුළින් ඉවත්කිරීම සඳහා හැකි හැමදෙයක්ම සිදුකිරීමට උත්සාහ ගන්නා බවද ඔහු පවසා ඇත. 

british1 british2



අදහස් (0)

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරියක් ඝාතනය කරයි

ද සිල්වා බෙර්ලින් Friday, 17 June 2016 10:54 AM

ඉස්සරහින් පස්සෙන් පෙරගමන් රථ සහිතව පාරේ ඉන්න මිනිස්සුත් යටකරගෙන යන්නේ නැතුව පාගමනින් ගිය නිසා තමයි ඇයට මේ දෙය සිදුවුණේ (නි)

:       0       0

ධම්ම Friday, 17 June 2016 05:27 PM

එංගලන්තෙත් එහෙම වෙනවා එහෙනම්. (ර)

:       0       0

ඉසුරු Saturday, 18 June 2016 06:24 AM

ත්‍රස්තවාදීන්ගේ වැඩක් තමයි.(හේ)

:       0       0

ජයන්ත Sunday, 19 June 2016 02:17 AM

මිනීමැරීම හොඳ දෙයක් නොවෙයි. නමුත් ලිබ්රල්ස් එංගලන්තය විනාශ කරනවා. ඔවුන්ගේ මතවාද නිසා අද එංගලන්තේ මිනිසුන්ට වහල්ලු වශයෙන් ඉන්න වෙලා තියෙන්නේ. මෙය මිනිසුන්ගේ විරෝධත්වයේ ප්‍රතිඵලයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site